Ajith Prasanna

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක යෙදුනු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ රාත්‍රියේ එය අවසන් කර එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.

එම තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදු වූ බවට පැවසීම මත එකී කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි බලකරමින් මෙම උපවාසය ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත් රාත්‍රියේ එම ස්ථානයට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමි හා සරත් වීරසේකර මහත්වරුන් විසින් කරන ලද දැනුම්දීම මත ඔහු එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.

උපවාසය අවසන් කිරීමෙන් පසු ඔහු තම සමාජ ජාල ගිණුම් වෙත මුදාහැර තිබුණු පින්තූරයක දැක්වුවේ ආපනශාලාවකින් කොත්තු ආහාරයට ගන්නා ආකාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *