scarlett johansson

ඊයේ දිනයේ Scarlett Johansson ගේ ජන්ම දිනයට බොහෝ සුබපැතුම් එක්ව තිබුණු අතර දේශපාලන උණුසුමක් තිබියදී රසික ජීව ගුණය සුරක්ෂිතව පැවතීම සතුටට කරුණකි.මේ Scarlett ගේ රංගනය පිළිබඳ ලිපියක් නොවේ. ඇය ගේ සමාජ සේවා කටයුතු පිළිබඳ මතක සටහනකි. බොහෝ දෙනා මේ සිදුවීම් පිළිබඳ නොදන්නා නිසා පළ කිරීමට තීරණය කළෙමි. ඇය ලංකාවට ආ බව දන්නේ කීයෙන් කීදෙනාද?
ලොව පුරා කාන්තාවන්,ළමුන් ,දිළිඳු ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කෙරුණ සමාජ සේවා රැසකට සිය මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය ලබා දෙන්නට කටයුතු කරන ඇය රූපය තරමටම සුන්දර හදවතක් සහිත ගැහැනියකි.

වරෙක ඇය ඉන්දියාවේ සහ ශ්‍රිලංකාවේද සංචාරය කළ අතර සුනාමි ඛේදවාචකය නිසා හානියට පත් ආබාධිත මිනිසුන් වෙනුවෙන් සුබසාධන කටයුතු මෙහෙයවීමට එහිදී ඇය කටයුතු කරන ලදි. මේ ඡායාරූප වල දැක්වෙන්නේ එවක ඉන්දියාවේ සහ මෙරට සංචාරය කරමින් සමාජ සේවාවන් හී නියැලුණු අවස්ථා කිහිපයකි. මේ වන විට Scarlett Johansson ඇගේ සමාජ සේවා කටයුතු අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් සිදු කරයි. එක් දරු මවක් වන ඈ ගැහැණු දරුවන්ගේ අධ්‍යපනය වෙනුවෙන් නොමසුරුව සිය ධනය පරිත්‍යාග කරන අතර විශේෂයෙන් ඉන්දියාවේ සහ ඉස්ලාමීය සංස්කෘතිය බලවත් රටවල අධ්‍යපන අයිතිය අභියෝගයට ලක්වූ දරුවන් වෙනුවෙන් පෙනී සිටී. ලංකාවේ රංගන ශිල්පී ශිල්පිනියන් Scarlett ලා ගෙන් ඉගෙන ගත යුත්තේ රංගනය පමණක් නොවන බව කියන්නේ මේ නිසාය.


Shalitha Bandara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *