අද වෙනකොට හුඟක් තරුණ කොල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි තමන්ගේ ශිෂ්ණය කුඩා වීම එහෙම නැත්නම් වක් හැඩති වීම. ශිෂ්ණය කුඩා වීම කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම ශිෂ්ණය කුඩා වීමම නෙමෙයි. මොකද තරුණයින් නිල චිත්‍රපට නරඹා ඒවායේ නළුවන්ගේ තිබෙන ශිෂ්ණයේ ප්‍රමාණය එක්ක තමන්ගේ ශිෂ්ණය සසඳන්න පුරුදු වෙලා තියෙනවා. නිල චිත්‍රපට කියන්නේ තවත් එක නිර්මාණයක්. ඒවායේ තියෙන සියලුම දේවල් ඇත්ත නෙමයි. ඒවා කොහොම වුනත් අපි හිතුවා ඒ ගැටළු නිරාකරණය කර ගන්නත් එක්ක සාමාන්‍ය මිනිසුන් අතරේ පවතින පුරුෂ ලිංගවල විවිධ ආකාර කිහිපයක් ගැන සරලව ඔබට කියන්න.
01. CIRCUMCISED
පෙර සම ඉවත් කල පුරුෂ ලිංග මෙම වර්ගයේය. සෑම විටම පෙර සම ඉවත් කරන්නේ සැත්කමක් මගින් කෘතිමවය. පෙර සම ඉවත් කිරීමෙන් ශිෂ්න මුණ්ඩය ගොරෝසු වී පුරුෂ ලිංගයේ සංවේදී තාවය අඩු වීමට පුළුවන්. නමුත් සංසර්ගයේදී බොහෝ වෙලා ශුක්‍රානු මෝචනය නොවී සිටින්නට පුළුවන්.
02. UNCIRCUMCISED
පෙර සම ඉවත් නොකළ සාමාන්‍ය පුරුෂ ලිංගය. පෙර සම ඉවත් නොකළ අවස්තාවලදී පුරුෂ ලිංගයේ පෙර සම ඇතුලත පිරිසිඳුව තබා ගැනීම වැදගත්. පෙර සම තිබීම නිසා පුරුෂ ලිංගයේ සංවේදී තාවය හොඳින් රැකී පවතී.
03. GROWERS
ශිෂ්ණයේ ශිෂ්න මුණ්ඩය විශාල වූ අවස්ථා. (ශිෂ්ණයේ බඳ කොටසට සාපේක්ෂව විශාල ශිෂ්න මුණ්ඩයක් පිහිටන අවස්ථා) මෙය අසාමාන්‍ය තත්වයක් නොවේ.
04. SHOW-ERS
ශිෂ්ණයේ බඳ ප්‍රමාණයට සාපේක්ෂව ශිෂ්න මුණ්ඩය සාමාන්‍ය ප්‍රමාණයේ පවතින ශිෂ්න. ලෝකයේ පිරිමින්ගෙන් සියයට 21ක ප්‍රතිශතයකට මෙම වර්ගයේ ශිෂ්ණ ඇති බව පර්යේෂකයෝ කියති.
05. CURVED
වක්‍ර ශිෂ්න, මදක් වක් ගැසිලා පිහිටනවා. හුඟක් අය හිතනවා මේක අස්වාභාවික තත්වයක් එහෙමත් නැත්නම් රෝගී තත්වයක් කියලා. ඒ මතය සම්පුර්ණයෙන් වැරදියි. මේක බොහොම සාමාන්‍ය තත්වයක්. ශිෂ්ණය වක්‍ර වූවාට සංසර්ගයේදී එය ගැටළුවක් වන්නේ නැහැ.
06. SMALLER
හොඳ ලිංගික සම්බන්ධ තාවයකට පුරුෂ ලිංගයේ දිග අවම ප්‍රමාණය අඟල් 2.5ක් විතර. ඊටත් වඩා කුඩා නම් තමයි ඒ ගැන හිතන්න ඕනේ. නැත්නම් හිත හිතා මානසිකව වැටෙන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි පුරුෂ ලිංගය කුඩා වීම කියන්නේ. අඟල් 2.5 ට වඩා අඩු නම් වෛද්‍ය උපදෙස් පතන එක තමයි කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රම මෙවැනි අවස්ථා වලදී ප්‍රතිඵල ගෙන දෙනවා.
07. BIGGER
විවිධ ප්‍රතිකාර මගින් සාමාන්‍ය ශිෂ්න අති විශාල ශිෂ්න බවට පත් කරගත් අවස්ථා මේවාය. මෙතෙක් වාර්තා වී ඇති ස්වභාවික සහ දිගුම පුරුෂ ලිංගය අඟල් 13.5කි (සෙන්ටිමීටර් 34.3ක්) ප්‍රතිකාර මගින් මෙසේ අසාමාන්‍ය ලෙස දිගු කර ගැනීමේදී යම් යම් සෞඛ්‍ය ගැටළු මතුවිය හැකිය. එමෙන්ම සහකරු හෝ සහකාරිය සමඟ යෝනි හෝ ගුද සංසර්ගයේදී ඉතා අපහසුවක් දෙදෙනාටම ඇතිවිය හැකිය.
08. UNPREDICTABLE
ඉතා කුඩා හෝ සෘජු නොවන ශිෂ්න මේවාය. බොහෝ විට ජානමය ගැටළු නිසා කුඩා ශිෂ්ණ පිහිටන අවස්ථා ලෙස මේවා හැඳින් විය හැකිය. නමුත් හේතුව නිශ්චිත නැති නිසා වෛද්‍ය වරයෙකු හමුවීම වඩා සුදුසුයි.