Do it before sleep

සාමාන්‍යයෙන් නිදා ගන්න කලින් අපි කරන දේවල් ටිකක් තියෙනවා. දත් මැදලා සමහරු මුහුණ සෝදලා කකුල් අතපය සෝදලා නින්දට සූදානම් වෙනවා. අඹු සැමියෝ නම් සමහරවිට ලිංගිකව එකතු වෙනවා. ඒත් තනිකඩ කොල්ලන්ටයි කෙල්ලන්ටයි කරන්න තියෙන්නේ ස්වයං වින්දනය කරන එක තමයි. ඉතින් අපි මේ කියන්න හදන්නේ නිදා ගන්න කලින් ස්වයං වින්දනය කලාම ඔබට ලැබෙන වාසි කිහිපයක් ගැන.
මොලයට ඔක්සිජන් සපයයි

ඔක්සිජන් සමඟ පිබිදෙන මොළය

සාමාන්‍යයෙන් නින්දේදී මොලය පිරිසිඳු වෙනවා. අනන් ඒ වෙලාවට මොලයට ඔක්සිජන් ලැබීම කියන්නේ බොහොම හොඳ දෙයක්. නින්දට පෙර හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් මොලයට ලබා ගන්න හොඳ ක්‍රමයක් තමයි නින්දට කලින් ස්වයං වින්දනයේ යෙදීම. මොකද ස්වයං වින්දනයෙන් හොඳ, වේගවත් හුස්ම ගැනීමක් සිදු වෙනවා. අන්න එතකොට හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා. ඒ ලැබෙන ඔක්සිජන් නින්දේදී මොලය පිරිසිඳු කිරීමට සහ අනෙකුත් රසායනික ක්‍රියාවලි සඳහා දායක වෙනවා.ස්වයං වින්දනය කිරීම්දී මානසික ආතතිය අඩු වෙනවා

සැහැල්ලුව

ලිංගික උද්දීපනයෙදී හා ලිංගික අවයව ආදිය ක්‍රියා කිරීමේදී මුදා හරින ඔක්සිටෝසින් නිසා මානසික ආතතිය අඩු වෙනවා. එම නිසා හොඳ නින්දක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මානසික ආතතිය නිසා හෘද රෝග, තරබාරු වීම, මානසික අවපීඩන තත්ත්ව ඇතිවෙන්න පුළුවන් නිසා මානසික ආතතිය නැති වෙන තරමට ඔබට යහපත්.ස්වයං වින්දනය මාංශ පේශී ශක්තිමත් කරනවා

මාංශ පේශී සවිමත් වීම

ශරීරයේ තිබෙන මාංශ පේශී වේගයෙන් ක්‍රියා කිරීම සහ ඒවාට ඔක්සිජන් ලැබෙන ප්‍රතිශතය ඉහල යන නිසා ඒවා ශක්තිමත් වෙනවා. ශක්තිමත් වීම නින්දට සෘජුව බලපෑම් නොකලත් මාංශ පේශීන්ට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සහ ශරීරයේ මාංශ පේශී ලිහිල් වීම නිසා නින්දේදී ශරීරයට පහසුවක් ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *