The reason for the loss of the channel is revealed by Ratta

ඊයේ දිනයේ සමාජජාල වල වැඩි වශයෙන් කතාවුණු මාතෘකාව තමා රැට්ටගේ චැනල් එක යූටියුබ් වලින් අයින් කිරීම.කොහොම හරි චැනල් එක ආයේ රැට්ටා අරන් තියෙන අතර චැනල් එක නැති වෙන්න හේතුවත් මෙසේ ප්‍රකාශ කරලා තිබ්බා

ඉස්සල්ලම තැංකිව් කියල පටංගන්නම් වැටිච්ච වෙලාවෙ ලගිං හිටපු ඔක්කොටොම, උදේ ඉදං කෝල් 7-800 කට එහා මැසේජස් වට්සප් මැසෙන්ජර් සහ sms ගනං කරගන්න බැරි තරමට ආව ❤. තිබ්බ මානසික මට්ටමත් එක්ක ආන්සර් කරන්න රිප්ලයි කරන්න පුලුවං උනේ සුලු ප්‍රමානයයි (සොරි) 😓. කෝල් කරපු චූටි මල්ලිල පවා කිව්වෙ අයියෙ වැටෙන්න එපා අපි ඔයත් එක්ක ඕනෙ දේකට ඉන්නව, ඔයාට සතිය ඉවර වෙන්න කලිං ලක්ස 3 ක එකවුන්ට් එකක් හදල දෙනව බය නොවී ඉන්න කියල ! ගොඩක් කෝල් කතාකරල තියද්දි ඇස් දෙකට කදුලු ආවෙ අවුරුදු තුනක් තිස්සෙ පට්ට කට්ටක් කාල හදපු චැනල් එක එකපාරට වාශ්ප වෙලා ගිය දුකටද, නැත්තං උඹල මාව උඹලගෙ එකෙක් කරගත්ත සතුටටද කියල හිතාගන්න බැරි උනා ! ❤ Youtube එකෙං මම හම්බකලේ මොනවද කියල කවුරුහරි ඇහුවොත් මට බය නැතුව කනට ගහල කියන්න පුලුවං සල්ලි වලට වඩා දස දහස් ගුනේකිං හම්බ කරපු උඹලගෙ ආදරේ !! ❤ මිලියන ගනං වියදං කරල කරන FB පොලිටිකල් කැම්පේන් පවා අද දවසෙ හූනු බෙට්ටක් ගානට වැටුන උඹල මාව ගොඩගන්න දීපු කැම්පේන් එක ඉස්සරහ ! 🇱🇰 ලංකාවෙ youtube ඉතිහාසෙ පලවෙනි වතාවට පැය 10කිං සබ්ස්ක්‍රයිබස් ල 50,000 ක් උඹල මගෙ අලුත් චැනල් එකට අරං දුන්න ! ❤ ඔව් මම ඇත්තටම අඩි 360,000 කිං පහලට වැටුන ඒත් උඹල මාව අල්ලගත්ත ! ආදරෙයි පැලෙන්න !!නම් වශ්‍යෙං කියන්න බැරි උනත් ෆේස් බුක් ඇඩ්මින්ල ඔක්කොම, YT සහුර්දයො, සහ පරිශීලක, ප්‍රේක්ශක ඔබ !!! අයිලයියෝ ❤❤
.
උනේ මොකද්ද ?
.
මේකයි උන සිද්දිය ! ඔවාල බැලුවද දන්නෙ නෑ මම අප්ලෝඩ් කලා පොඩි එකෙක් මගෙ තේරී මේරී වීඩියෝ එකට රගපාල පෙන්නන වීඩියෝ එකක්. ඒක වීඩියෝ කරල තිබ්බෙ තවත් පොඩි එකෙක්, වීඩියෝ එකෙ උනේ පොර ඔක්කොම සිද්දි ආආආඅ , ආඅ ආආ ගාල රගපාල පෙන්නල සිප් එකට ජුන්ඩ අහු වෙන සීන් එකේ ජුන්ඩ එලියටම දාල පොර තාත්විකව රගපානව 😅 . මම ජුන්ඩ එලියට දාන කෑල්ල අයින් කරල ඉතුරු ටික YT එකටයි FB එකටයි අප්ලෝඩ් කලා. ඒ වීඩියෝ එක YT අප්ලෝඩ් කරල විනාඩි 10ක් යන්න කලිං වීඩියෝ එක unpublished වෙලා මට මේල් එකක් ආව “අපි වීඩියෝ එක අයිං කලා, කැමතිනං ඇපීල් එකක් දාපං” කියල. එවෙලෙ ස්ට්‍රයික් එකක් වැදුනෙ නැති නිසා මමත් ලොකුවට ගනං ගත්තෙ නෑ. එදා රෑ වෙනද වගේම නිදා ගත්ත. අද උදේ Krishan Sameera ගෙදරටම ඇවිත් ඇහැරෝල “කෝ ඕයි චැනල් එක” කියල අහපුවහම තමා දන්නෙ එකවුන්ට් එක ඊයෙ රෑම කෙල වෙලා කියල. ඒත් එක්ක ආපු මලට ෆෝන් එක ගැහුව පොලේ, ෆෝන් එකත් කෙල උනා. ඊටපස්සෙ අලුතෙං පොඩි ෆෝන් එකක් ගත්ත, ඒකෙ නම්බර්ස් නෑ නම්බර්ස් ඔක්කොම තිබ්බෙ ගූගල් එකවුන්ට් එකේ. ඊටපස්සෙ ෆේස්බුක් එකෙං හතරවටේ කෝල් කරල හොයල බලද්දි තමා පැහැදිලි කරගත්තෙ YT එකේ අප්‍රියල් මාසෙ ඉදල ගයිඩ්ලයින් අප්ඩේට් එකක් ඇවිත් තියනව, වීඩියෝ එකක පොඩි උං (natural habitat එකේ) ඉන්නවනං ඒකෙ අනිවාරෙං ඒකෙ වැඩිහිටියෙක් සිටිය යුතුයි කියල. ලංකාවෙ පොඩිඑකෙක් ජුන්ඩ පෙන්නන්න යන වීඩියෝ එකක් එච්චර ගනං නොගත්තට ඒක බටහිර රටවල වැටෙන්නෙ  “ලමා අපචාර” ගනේට. පට්ට දරුනු කේස් එකක් ! නෝ කතා නෝ සිනා ගූගල් මැප් එකෙංම ගහල එලෝනව. ඒක තමා ස්ට්‍රයික් එකක්වත් නැතුව මටත් ගහල එලෝපු හේතුව !ඉතිං මේ දරුනු කේස් එක ගූගල් උසාවියෙ කතාකරන්න බාරගත්තෙ Dilan Chryshantha ගෙ ඉල්ලිමට Sajeewa Dissanayake ගූගල් එකෙං මේක පට්ට පොලිසි වයලේශන් එකක් කියද්දි, නෑ මේක සුලු දෙයක් මේ වීඩියෝ එකේ එහෙම දෙයක් නෑ, පිස්සු කෙලින්නැතුව එකවුන්ට් එක දෙන්න කියල ප්‍රොෆෙශනල් රීසනිං ගේමක් ගැහුවෙ සජීව තමා !! අන්තිමට ඒ මහන්සියෙ ප්‍රතිපලයක් හැටියට ගූගල් එකේ උං පැය 24ක් යන්න කලිං චැනල් එක ආයෙ දීල සොරිත් කිව්ව ! තැංකිව් මචං උඹ ඔෆ්ෆිකෙ වැඩ අස්සෙ ගහපු ගේමට !! ලව්‍යෝ !!
.
කෙලේ බොරුවක්ද ?
.
මම දැක්ක සමහර බුකී ඔස්තාර්ල දිග ස්ටේටස් අප්ඩේට් කරල තියනව, එකවුන්ට් එක ගියාට පස්සෙ අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ රගපෑම ඒගොල්ලොන්ට සැටිස් මදිය, එකවුන්ට් එක ගිහිං ඔච්චර ඉක්මනට හම්බෙනවද ? මේක අලුත් එකවුන්ට් එකක් හදාගන්න කරපු වැඩක්ය කිංද මංද කියල. කාරනා දෙකයි කියන්න තියෙන්නෙ,

1. චැනල් එක terminate වෙලා තියෙද්දි මගෙ වීඩියෝස්වල ලිංක් එක ක්ලික් කරපුවාම “This account has been terminated” කියන YT එකෙං දෙන මැසේජ් එක චැනල් එක ඩවුන් කරගෙන දාන විදිහ ටිකක් කියල දෙන්න.

2. අලුත් චැනල් එකක් හදාගන්න ඕන වෙලා එකවුන්ට් එක ඩවුන් කරගත්තනම් මම ආයෙ එකවුන්ට් එක අප් කරන්නෙ තව සතියකිං විතර අලුත් එකේ සබ්ස් ලක්ස තුන හතරක් පැන්නම නේ ?ආයෙ කියන්න තියෙන්නෙ ලගින් හිටපු හැමෝටම ස්තුතීයි ❤සිද්දියෙං ගොඩක් දේවල් ඉගන ගත්ත !!
උනදේ කෙටියෙං ස්ක්‍රීන්ශොට් එකේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *