Hollywood and Bollywood movies filmed in Sri Lanka

ලංකාවේ සුන්දරත්වය අත්විඳපු හැමදෙනාම දන්න දෙයක් තමයි, සංචාරක ආකර්ශනය අතිනුත් ලංකාවට ඉහළම ස්ථානයක් හිමි වනවා. ඒකට හේතුව, ලෝකේ බොහෝ දෙනෙකුට උරුමකම් නොකියන ස්වභාවික නිමවුම්වලින් අපේ රට නිර්මාණය වෙලා තියෙන නිසයි.

ඉතින්… මේ කියන්න හදන්නේ ලංකාවේ රූගත කරපු විදෙස් චිත්‍රපට කිහිපයක් ගැනයි.

මේ අතරින් සමහරක් චිත්‍රපටි ගැන ඔබ දන්නවත් ඇති. කියන්න ඕනි වැදගත්ම දේ… මේ සමහරක් නිර්මාණ සම්මාන රැසකට හිමිකම් කියූ ඒවා.

1) Bridge on the River Kwai

Bridge on the River Kwai කියන්නෙ ලංකාවේ රූගත කරපු සුපිරිම ඝනයේ චිත්‍රපටියක්. මේ චිත්‍රපටය දෙවැනි ලෝක යුද සමයේ කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ. මස්කෙළිය, පේරාදේණිය වැනි ප්‍රදේශවල රූගත කෙරුණු මෙම සිනමා නිර්මාණය වඩාත් ජනප්‍රිය වෙන්නෙ පාලමක් පුපුරා යන දර්ශණයක් හේතුවෙනුයි. මේ පාලම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදකයින් ඩොලර් ගණනක් මුදල් වෙන් කරලා තියනවා. Bridge on the River Kwai චිත්‍රපටය සම්මානය රැසකට උරුමකම් කියනවා වගේම IMDb දර්ශකයේ 8.1/10 අතර ඉහළ අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඩේවිඩ් ආර්නෝල්ඩ් විසින්.

2) Indiana Jones and the Temple of Doom

Indiana Jones and the Temple of Doom කියන්නෙ ලංකාවේ රූගත කරපු තවත් එක් විශිෂ්ඨ ඝනයේ සිනමා කෘතියක්. මෙම චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ඉන්දියාවේ රූගත කරන්න සැලසුමක හිටියත් එම නිර්මාණකරුවන්ට ඒ අදහස අත්හරින්න සිද්ධ වෙන්නෙ ඔවුන්ට ඒ සඳහා අවසර නොලැබීම හේතුවෙන්. ඒ අනුව ලංකාවේ පින්නලවල, හැටන් වැනි ප්‍රදේශවල රූගත කරපු මෙම චිත්‍රපටිය ඉහළ ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා. IMDb දර්ශකයේ 7.6ක අගයක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Steven Spielberg.

3) Monkey Kingdom

Monkey Kingdom කියන්නෙ ලංකාවේ සුන්දරත්වය ලෝකයට අරන් ගිය තවත් අපූරු සිනමා සිත්තමක්. මේ චිත්‍රපටය වානරයන් ගැන කරපු වාර්තාමය චිත්‍රපටයක් විදිහටයි සඳහන් වෙන්නේ. පොළොන්නරුව නටබුන් ආශ්‍රීතව බොහෝමයක් රූගත කිරීම් සිදු කළ Monkey Kingdom IMDb දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්න සමත් වෙනවා. මෙහි අධ්‍යක්ෂකවරුන් වන්නෙ Alastair Fothergill, Mark Linfield.

4) Water

මේ චිත්‍රපටය ගැන නම් බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා. ඒ ලංකාවේ පුංචි ගැහැණු ළමයෙක් රංගනයෙන් දායක වුණු නිසා. ඇය තමයි සරලා කාරියවසම්. මේ කතන්දරය පුරාවටම තියෙන්නේ ඉන්දියාවේ සමාජ ඛේදවාචකයක් ගැනයි. පුංචි ගැහැණු ළමයින් වයසක අයට විවාහ කර දීම ගැන තමයි මේකේ කතාව ගොඩ නැඟෙන්නෙ. ඉතින් මේකට ලංකාවම තෝරගන්න හේතුවක් තියනවා. මුලින් ඉන්දියාවේ කරන්න පටන් ගන්නවා වුණත් පසුව ඉන්දියාවේ ඇතැම් අන්තවාදී පිරිස් මේ චිත්‍රපටියට එරෙහිව හඬ නඟන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසාම ලංකාවේ රූගත කරන මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.7 වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වුණා. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය Deepa Mehta. සම්මාන කිහිපයක්ම ලබාගත් මෙම චිත්‍රපටය බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු විශිෂ්ඨ සිනමා නිර්මාණයක් විදිහට ඉහළින්ම ඔසවා තියන්න පුළුවන්.

5) Tarzan the Ape Man

ටාසන් කතා කිහිපයක්ම නිර්මාණය වෙනවා වුණත් මේ චිත්‍රපටය 1981 දී රූගත වෙන්නෙ ලංකාවේ. අප්‍රිකානු කැලෑවලට සාධාරණයක් කරන්න ලංකාව සමත් වුණත් මේ චිත්‍රපටය එතරම් සාර්ථක වෙන්නෙ නැහැ. මෙම චිත්‍රපටියට IMDb දර්ශකයේ 3.4 අගයක් පමණයි ලබාගන්න හැකියාව ලැබෙන්නෙ. මේකට හේතුව විදිහට චිත්‍රපටියේ ප්‍රධාන නළුවා ඉවත් වීම කියලයි බොහෝ දෙනෙක් කියන්නෙ.

6) Jism 2

රන්දීප් හා නිල් චිත්‍රපටවලින් කරළියට ආ සනී ලියෝන් රංගනයෙන් දායක වන Jism 2 චිත්‍රපටියේ මුල් විනාඩි කිහිපයක පමණක් ඉන්දියාවේ රූගත කළ බව සඳහන්. අනිත් සියලුම කොටස් ලංකාවේ ගාල්ල, උණවටුන, කොග්ගල ප්‍රදේශවල රූගත කර තිබෙනවා. ඒ වගේම තමයි රූගත කිරීම් අතරතුර සනී ලියෝන්ගේ උපන්දිනය සමරලා තියෙන්නෙත් ලංකාවේදීම වීම විශේෂත්වයක්. මේ චිත්‍රපටිය හුඟක් දෙනෙක් දන්න අඳුනන එකක් වුණාට ඒක ලංකාවේ රූගත කළ බව දන්නවද දන්නෙ නම් නැහැ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Pooja Bhatt විසිනුයි.

7) Bombay Velvet

ඔබ හොඳින් අඳුනන අනුෂ්කා ශර්මා හා රන්දීර් කපූර් රංගනයෙන් දායක වන Bombay Velvet චිත්‍රපටය රූගත කරන්නෙත් ලංකාවේ හම්බන්තොට, රන්මිණිතැන්න ගම්මානයේ. ඉන්දියාවේ කොයි තරම් අපූරු තැන් තිබුණා වුණත් ඔවුන් මේ සඳහා තෝරගන්නෙ ලංකාව. Anurag Kashyap විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 5.7ක අගයක් ලබා ගන්න සමත් වෙනවා. චිත්‍රපටය හිතුව තරම් සාර්ථක නොවුණු බව තමයි සඳහන් වෙන්නෙ.

Credit>>> වටපිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *