ජපානයෙන් ඇති තරම් රැකියා අවස්ථා ඉල්ලුම් කරන්නේ මෙන්න මෙහෙමයි

ජපානය හා ශ‍්‍රී ලංකාව අතර ඇත්තේ සඳා නොබිඳිය හැකි මිතු දමකි. මෙම මිතුදම විටින් විට එකිනෙකා කෙරෙහි උපකාර කරගනු ලබන අතිශය සමීප මිතුදමක් ලෙසට පවතී. මෙය දෙරට අතර පවතින දිගු කාලීන මිතුදම නිසා ඇති වන්නක් වන අතර එය බලයට පැමිණි සෑම රජයක් තුළදීම සිදු වී ඇත.

ජපානය යනු ආසියානු කලාපයේ පිහිටි දූපතක් වන අතර මෙහි බහුතරයක් බුද්ධාගම අදහන්නන් වෙති. වර්ග කිලෝමීටර් තුන් ලක්‍ෂ හැත්තෑ හත්දහස් නවසිය හැත්තෑ තුනකින් සමන්විත මෙහි භූමිය 2019 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිත අපේක්‍ෂිත අගය ඩොලර් ටි‍්‍රලියන 5.749 කි. මෙම අගය තුළ එරට ඇති ආර්ථික සංවර්ධිත භාවය පිළිබඳ අටුවා ටීකා කීම අවශ්‍ය නොවේ. මෙරට භාවිත වන යෙන් මුදල් වර්ගය අතිශය පැරණි මුදල් කාණ්ඩයකි. මෙරට ජනයා ජීවත් වන අතිශය කාර්ය බහුල නගරය ලෙස ටෝකියෝ නගරය හඳුන්වා දිය හැකිය. ඊට අමතරව හොන්ෂු, කොකයිඩෝ, කියවූ ෂිකෝතු හා ඔකිනෝවා යන නගර වඩා වැඩි ජනගහනයකින් යුතු නගර ලෙස සලකනු ලබයි.

ජපානය කියූ සැණින් මෙරට ලාංකිකයන්ට මතකයට නැෙ`ගන්නේ 70, 80 හා 90 දශකවලදී මෙරටට පැමිණි ජපාන ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනයන්ය. සෝනි, සන්යෝ වැනි වෙළෙඳ නාම මෙරට අදටත් ජනප‍්‍රියතම වෙළෙඳ නාමයන් වෙති. මීට අමතරව නිසාන් මිට්ෂුබිෂී හා ටොයොටා යන වෙළෙඳ නාම සඳහා ද තවමත් මෙරට ඉතා සතුටුදායක වෙළෙඳ පොළක් පවතී. මෙම නිෂ්පාදනයන් බොහෝමයක් මෙරට පමණක් නොව ලොව වෙනත් රටවලද අතිශය ජනප‍්‍රිය වන්නේ එම නිෂ්පාදිතයන්ගේ ඇති ගුණාත්මක බව නිසාමය.

ලොව තෙවන විශාලතම ආර්ථිකයට උරුමකම් කියනු ලබන ජපානය මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික, නැව්, රෙදිපිළි, කෘෂිකාර්මික හා රසායනික නිෂ්පාදනයන්ට සුප‍්‍රසිද්ධ නමක් දිනා ඇති රටකි. ජපානයෙහි මිලියන 7 කට ආසන්න ශ‍්‍රම බළකායක් සිටින අතර විරැකියාවේ ප‍්‍රතිශතය 4% ක් වැනි අඩු අගයක් ගනු ලබයි. මේනිසාම ජපානය විදේශ ශ‍්‍රමිකයන්ටද බොහෝ අවස්ථා ලබා දෙන රාජ්‍යයකි.

මෙම තත්ත්වය තුළ ජපානය යනු රැකියා කරන්නන්ට හා ජීවිතයේ සාර්ථකත්වයට ම`ග කියනා තෝතැන්නකි. ජපනා හපනා යන්න මෙරට සුප‍්‍රසිද්ධ කියමනක් තිබේ. එයට හේතුව එරට සාර්ථකත්වයෙන් පිළිබිඹු වේ. ජපනුන් නිරන්තරයෙන් කාර්යක්‍ෂම හා අති දක්‍ෂ ජාතියකි. ඔවුන් හා එකට එක වැඩ කිරීමට ලැබෙන්නේ නම් එතරම් භාග්‍යයක් නොමැත.

ආර්ථික මෙන්ම හැදියාව අතින්ද ජපනුන් යනු අතිශය සංවර හා ගුණගරුක ජාතියකි. මෙය එරට වෙසෙන විදේශිකයන් හට එරට පිළිබඳව ඇති රුචිකත්වය වැඩි කරන්නකි. මෙලෙසට මෙරට ලාංකිකයන් බොහෝ දෙනෙකු දැනට ජපානයෙහි රැකියා කරනු ලබන අතර ඒ අතුරින් එරට දීර්ඝ කාලයක සිට පදිංචිව සිට රැකියා කරන්නන්ද වේ.

මෙවර ජපානය වෙතින් ලබාදීමට යන රැකියාවන් මෙරට රැකියා අපේක්‍ෂිකයන්ට ලොතරැයි දිනුමක් වැනිය. මෙම රැකියාවන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් ලබා දීමට තීරණය කර ඇත. මෙම රැකියා වෙළෙඳපොළ සීමා රහිතව විවෘත කිරීමද මෙවර එම රැකියා අවස්ථා සඳහා විශේෂත්වයකි. එනම් වසරකට ලබා දෙන රැකියා කෝටා ප‍්‍රමාණයක් නොමැති වීමයි. මෙය බොහෝ රැකියා අයැදුම්කරුවන්ට ඉඩ ප‍්‍රස්තාව සලසා දෙන්නකි. මෙම රැකියා ලබන්නන් හට රැකියා අවස්ථාවන්ට අමතරව පුහුණුවීම ද ලබා දීමටද තීරණය කර ඇති අතර එම පුහුණුවද එරටදී ජපාන රජයේ අනුග‍්‍රහකත්වයෙන් ලබා දීමට තීරණය වී තිබේ.

මෙම අවස්ථාව ලෝකයේ රටවල් 9 ක් සඳහා ලබාදීමට ජපානය තීරණය කර ඇති අතර ලංකාව එහි 7 වන තැනට තෝරා ගෙන ඇත. මේ වන විට ජපානය වෙත යෑමේ අපේක්‍ෂාවෙන් සිටින ලාංකිකයන් හට මෙවර තරම් අවස්ථාවක් නැවත ලැබේ යැයි නිශ්චිතව කිව නොහැක. මන්ද මෙවර නිශ්චිත අයැදුම්කරුවන් ප‍්‍රමාණයක් නම් කොට නොතිබීමයි.

ජපානය යනු වසර 8 සේවා කාලයකින් පසු පුරවැසිභාවයට අයැදුම් කළ හැකි රාජ්‍යයකි. මෙම නව සේවා කොන්ත‍්‍රාත්තුවලට අදාළ කාලය වසර 10 ක් වෙතැයි අපේක්‍ෂා කරනු ලබයි. මෙම කාලය තුළ එරට සේවය කිරීමේ අවස්ථාව රජයේ අනුග‍්‍රාහකත්වය මත සිදුවන්නේ නම් එය ඉතාම ආරක්‍ෂාකාරී වේ. මෙම තීරණයට එළැඹීමේ ජපාන තීරණය බෙහෙවින්ම බලපා ඇත්තේ එරට ජනගහනය ඉතාමත් දශක කිහිපයකින් අඩු වෙතැයි අපේක්‍ෂාවෙනි.

මෙරට පවතින රැකියා හි`ගය පියවීමට මෙය ඉතාම හොඳ අවස්ථාවක් ලෙසටද දැක්විය හැක. ජපානයේ අධිකරණ අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය හා ජාතික ප‍්‍රතිපත්ති නියෝජිතායතනය මෙම ගිවිසුමට අදාළව එරට ක‍්‍රියාත්මක වන ආයතන වේ. මෙම ගිවිසුමට අදාළව රැකියා ලබාදීමට අපේක්‍ෂිත අංශ වන්නේ.

සාත්තු සේවක/ සේවිකා,පිරිසිදු කරන්නන්,යන්ත‍්‍ර හා උපකරණ කර්මාන්තයන්හි නියැළෙන්නන්,යන්ත්‍රෝපකරණ උපාංගවල නියැළෙන්නන්,ඉලෙක්ට්‍රොනික හා තොරතුරු අංශයේ,ඉදි කිරීම්,නැව් සම්බන්ධ,මෝටර් රථ,ගුවන් යානා,සංචාරක හා හෝටල්,කෘෂි කාර්මික,ධීවර හා කෘෂිකාර්මික,ආහාරපාන නිෂ්පාදන,ආහාර සැපයුම් යන අංශ වේ. මෙම අංශයන් යටතේ රැකියා අපේක්‍ෂා ලාභීන් විශාල පිරිසක් මෙරටදී දැක ගැනීමට හැකියාව ඇත.

ඔවුන්හට මෙම අවස්ථාව ලැබීම අතිශය වටිනාකමකි. එනිසා මෙම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීම රැකියා අපේක්‍ෂිතයන්ගේ වගකීමකි. මේ පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීමට පහත දුරකථන අංකයන්ට අමතන්න. 0112791814 හෝ 0112864101 -105
නීතිඥ කසුන් පොන්නම්පෙරුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *