ලංකාවේ ජනප්‍රිය නිළියන් ‘බිකිනිය’ ගැන කියන කතා

කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් විවිද අය තුළ තිබෙන්නේ විවිද අදහස්. ඒ අතර ‘බිකිනි’ ඇඳුම සම්බන්ධයෙන් ඇතැම් අය දක්වන්නේ පිළිකුලක්. ඒ අපේ සංස්කෘතියට එවැනි විලාසිතා නොගැලපෙන බව පවසමින්. කෙසේ වෙතත් පිරිසක් බිකිනි ඇඳම ගැන හොඳ කියද්දී පිරිසක් එම ඇඳුම ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියන් කිහිපදෙනක් බිකිනි ඇඳුම ගැන කතා කරලා තිබුණේ මෙන්න මේ  විදිහට..

ඔෂධී හේවාමද්ධුම

නාන ඇඳුම ගැන කතා කළාම බිකිනි එක තමයි මූලික වෙන්නේ. ඒක කාන්තා පක්ෂයට නුසුදුසු ඇඳුමක් නෙමෙයි. රංගන ශිල්පිණියක් විදිහට ජාත්‍යන්තරයට තරගයකට පවා සහභාගී වෙලා ජයග්‍රහණය ලබපු මට ඒ ඇඳුමෙන් එක් අවස්ථාවක තරගයකට සහභාගී වෙන්න වුණා. එදා ඒක අඳින් බෑ කිව්වනම් මම තරගෙට සහභාගී වුණ එකෙනුත් වැඩක් නෑ. එතනදි මම කළේ කාන්තාවන්ගේ වගේමරටේ ගෞරවය රැකෙන විදිහට වෙනසක් කරලා ඒ ඇඳුම ඇඳපු එක. හරියට අඳිනවනම් ඒකේ කිසිම වරදක් නෑ.

රුවංගි රත්නායක 

කාන්තාවන්ට වෙන් වුණු මේ ඇඳුම පිහිනුම් තටාකවලදී පිටරටවල්වල වගේම විවිධ තරග වට සඳහාත් අඳිනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට කාන්තා පාර්ශවය තේරුම් ගත යුතුයි මේ ඇඳුම අපේ රට තුළ අඳින්න ඕන කොහොමද කියලා.

ගීතිකා රාජපක්ෂ

කාන්තා පාර්ශවයේ කිසිම කෙනෙකුට දිය රෙද්දක් ඇඳගෙන පිහිනුම් තටාකයකට බහින් බෑ. එවැන අවස්ථාවලදී අඳින්න නිර්මාණය වුණු ඇඳුමක් තමයි බිකිනිය කියන්නේ. ඒ වගේ තැන්වලදී අපට මේ ඇඳුම හරි ප්‍රයෝජනවත් එක එක්කෙනාගේ මානසික මට්ටමට අනුව ගොඩක් හොඳ දේවල් නරක විදිහට දකිනවා. ඒ වගේ අයට ඇලජික් වුණාට මේක කාන්තාවන්ට අවශ්‍ය ඇඳුමක්.

නදීශා අලහප්පෙරුම

ප්‍රශ්නයක් කර ගන්න එපා. නාන ඇඳුමක් කියන්නේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් කර ගන්න ඕන ඇඳුමක් නෙමෙයි.මොකද ඒක ඇඳලා ගැහැණු කෙනෙක් කවදාවත් ගමේ පොදු ළිඳක නාන්නේ නැහැනේ..අන්න එහෙම වුණොත් තමයි ඒක මැජික් එකක් වෙන්නේ. අපේ සමාජේ ඉන්න පටු අදහස් තියෙන පටු විදිහට හිතන අය නානා ඇඳුම දිහා වපර ඇහින් බලලා සමච්චලේට ඒ ගැන කතා කළාට ඒක කවදාවත් ඒ තැනට වැටෙන්න ඕන කාන්තා ඇඳුමක් නෙමෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *