මාෂි හේවගේ ඡායාරූප එකතුව මෙන්න

මාෂි නිරූපණ ක්‍ෂේත්‍රයට පවිසෙන්නේ අවුරුදු 14දී. මේ දිනවල සමාජයේ කතාබහක් ඇති කරපු නිර්මාණයක් වන චමුශ්‍රීගේ “සිරවී”ගීතයේ රූප රචනයට මාෂි රංගනයෙන් දායක වෙනවා. මාෂිගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට බැඳෙන්න. මාෂි ඇගේ විස්තර  අපිට කිව්වේ මේ විදියට.

මාෂි ගැන ටිකක් කිව්වොත්?

2017-11-27-ent-58මම මාෂි හේවගේ, මට වයස අවුරුදු 19යි. මම තාම ඉගෙන ගන්නවා. උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතර මියුසික් වීඩියෝ, කමර්ෂල් කරනවා.

නිරූපණ ක්‍ෂේත්‍රයට එන්නේ කොයි කාලෙදි ද?

මගේ පළමුවැනි කමර්ෂල් එක කරද්දී මගේ වයස අවුරුදු 14යි. ඒක ඇට්ලස් කමර්ෂල් එකක්. ඊට පස්සේ දිගටම වැඩ කළා. මියුසික් වීඩියෝ, කමර්ෂල් ගොඩක් කරලා තියෙනවා. ඊට පස්සේ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා.

දායක වුණු නිර්මාණ ගැන පොඩ්ඩක් කතා කරමු

මම මුලින්ම කළේ ඇට්ලස්, එතකොට බිස්කට් දැන්වීම් වගයක් කළා. ඩයලොග්, HNB වගේ ගොඩක් කළා.මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වුණා. චමුශ්‍රීගේ මියුසික් වීඩියෝවල තමයි ගොඩක් වැඩ කළේ. ‘ආශිර්වාදය‘, ‘සිරවී‘ වගේ නිර්මාණවලට දායක වුණා.

‘සිරවී‘ ගීතයේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ තරුණ නළුවෙකුගේ ජීවිත කතාවක් සම්බන්ධ කරගෙන නේද?

නැහැ. එහෙම කිසිදෙයක් නැහැ. සමහරු නම් එහෙම කියනවා. ඒත් ඒකේ එහෙම තේමාවක් නැහැ. බලන අය ඒකට ඒ කතාව ගලපා ගෙන කියනවා.

‘සිරවී‘ ගීතයේ ලිංගිකත්වය පිළිබිඹු වෙන ජවනිකා තියෙනවා. ඒ පිළිබඳව නිර්මාණය භාර ගනිද්දි දැනුවත් වුණේ නැද්ද?

මෙහෙමයි. අපි කරන්නේ රඟපෑමක් විතරයි. අනික පේන දේ නෙමෙයි අපි එතැනදි කරන්නේ. කැමරා තියෙනවා. එඩිටින්වලින් තමයි ගොඩක් දේවල් කරන්නේ.

මේ නිර්මාණය භාර ගනිද්දි ගෙදරින් බාධා සිදු වුණේ නැද්ද?

නැහැ, එහෙම කිසි බාධාවක් එල්ල වුණේ නැහැ. ගෙදරින් දන්නවා. එයාලට මේ ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක් තියෙනවා. අනික මම ෂූටින්වලට යන්නේ තනියෙම නෙමෙයි ගෙදරින් කවුරුහරි එක්කයි.

ඔයාගේ නිරූපණ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද ඒක මගේ ආසාව නිසා. මේක මම ජොබ් එකක් විදියට කරන දෙයක් නෙමෙයි. මේක මගේ විනෝදාංශයක් විදියට කරන දෙයක්. ඒ නිසා ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අනික මම එන හැමදේම භාර ගන්නේ නැහැ. මාසයකට එකක් වගේ තමයි භර ගන්නේ. එයත් මිනිස්සුන්ට දැනෙන දෙයක්, හොඳ දෙයක් තමයි භාර අරන් කරන්නේ. මම දායක වූ හැම වීඩියෝ එකක්ම ට්‍රෙන්ඩින් 1st වෙලා තියෙන්නේ.

මාෂිගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ එකම බලාපොරොත්තුව ශ්‍රීලංකන් එයාර් ලයින් එකට බැඳෙන්න. මම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ ඒකට. නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැහැ. මේවා කරන්නේ මගේ විනෝදාංශයක් විදියට.

රංගනයට එන්න බලාපොරාත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් තියෙනවා. ආරාධනා ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් භාරගෙන කරනවා.

නිරූපණය ගැන හරි රංගනය ගැන හරි ඉගෙන ගන්නවාද?

නිරූපණය නම් හදාරලා නැහැ. රංගනය නම් මුල් කාලේදී ඉගෙන ගත්තා. දැන් නම් වෙලාවක් නැහැ.

අවසාන වශයෙන් උදවු කරපු අය ගැන මතක් කළොත්?

මගේ පවුලේ අයයි, මගේ යාළුවෝ එයාලා මට ගොඩක් උදවු කරනවා. එතකොට චමුශ්‍රී මතක් කරන්න ඕනේ. මේ හැමෝටම ස්තුතියි කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *