ඉරාජ්ගේ වැඩේ සජිත්ගේ අණින් නවතියි…………………………..

නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන ඉරාජ් විසින් කූරගල පිහිටි පන්සල වෙත තම ධනපරිත්‍යාගයෙන් විදුලිය ලබා දීමට කටයුතු කිරීමට වැඩ කටයුතු ආරම්භ කරේ මීට ටික දිනකට කලිනි.රවී කරුණානායකගේ සහයෝගයත් ඇතුව කරන්න ගිය එම වැඩේට වෙච්ච දෙයක් ගැන ඉරාජ් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ මෙලෙසින්

කූරගල පන්සලට විදුලිය ලබා දෙන වැඩේ ඊයේ පටන් ගත්තා Ravi Karunanayake ඇමතිතුමාගේ උදව් ඇතිව.
මම පක්ෂ පාට ගාවගන්නේ නැතුව උදව් කරන මෙන් දෙදෙනාටම යෝජනා කරා.අද දැන් සුලු මොහොතකට පෙර Sajith Premadasa ගේ යටතේ තිබෙන පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පන්සලට විදුලිය ලබා දෙන වැඩේ වහාම නතර කරන මෙන් ලිකිතව Ravi Karunanayake ඇමතිතුමාට දන්වන ලදී.


කූරගල යනු බෞද්ධ අපිට වැදගත් ස්ථානයක් අද වෙනකන් පන්සලට විදුලිය නෑ පල්ලියට විදුලිය තියනවා. මට විදුලිය ලබා දෙන මෙන් ඉල්ලා සිටියේ කූරගල ගමේ අහිංසක ගැමියෝ සහ ස්වාමීන් වහන්සේ නමක්.Sajith Premadasa ඇමතිතුමා ඔබ රටේ ජනාධිපති වෙන්න හදනවා නම් පලමුව බෞද්ධ අපට ගහන්න එපා.කාගෙවත් ගෙදරට නොමිලේ විදුලිය ඉල්ලුවේ නෑ…ඔබතුමාගෙන් මුදල් ඉල්ලුවේ නෑ…මේ වගේ පහත් වැඩ කරන්න එපා අපිට.Sajith Premadasaගේ Facebook පිටුවට ගොස් වෙච්ච අසාධාරනය සහ කූරගල පන්සලට විදුලිය ලබා දීමට එරෙහිව එවපු ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්න මෙන් Comment කර අමතන්න.හැකිතාක් Share කර හැමෝම දැනුවත් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *