Youtube ‍ නිසා ධනවත් වූ ලංකාවේ තරු සහ ලෝකේ තරු මෙන්න

මේ youtuber ලා කරන්නේ තමන්ගේ එදිනෙදා කරන වැඩ කටයුතු වීඩියෝ කරලා youtube දාන එක.මේකට කියන්නේ Vlog කියලා.සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ විතරක්ම නෙවෙයි prank එහෙම කරලා දානවා..මේ විදියට vlog කරන අයට වැඩි වයසක් නෑ.අඩුම ගානේ 17-25 අතරේ අය තමයි ඉන්නේ.කොහොම උනත් මේ අය ලග තියෙන වාහන එකතුව ගැන කතා කරොත් අපිට පිස්සු හැදෙනවා.මොකද මේ හැම වාහනයක්ම ලංකාවේ සල්ලි වලින් බැලුවොත් කෝටි ගණන් වල ඒවා.කෝටිපති අයට විතරක් ගන්න පුළුවන් වාහන.

කොහොම උනත් යූටියුබ් ලංකාවට ගෙවන ගානේ අඩුවක් පවතින හෙයින් මේතරම් ධනවත් නොවුනත් යම්තාක් දුරට හෝ යූටියුබ් නිසා ධනවත් මෙන්න ජනප්‍රීය වූ තරු කිහිපයක් තමා මේ ඉන්නේ

අනුෂ්ක උදාන (වස්ති)

ඉරාජ් වීරරත්න

අෂේන් සේනාරත්න

Tanner Fox

මිනිහට වයස 18යි.ඒ උනාට 17 වෙද්දී මිනිහා Nissan GTR R35 කාර් දෙකක් ගන්නවා.එකක් පස්සේ විකුනනවා.දැන් ලග තියෙනවා, Nissan GTR R35 2017 එකයි, Scion FR-S එකයි,අක්කට දුන්න Ford P1 එකයි,අම්මට අරන් දුන්න BMW SUV එකයි මෙයාගේ සීයාගෙන් ලැබුන Corvette එකකුයි තව Honda බයික් එකකුයි.මිනිහගේ ඉදිරි ප්ලෑන් එකක් තියෙනවා Ford Raptor එකකුයි Ferrari හරි Mclaren හරි එකකුයි ගන්න.(ෆෙරාරි එක ලංකාවට ගෙන්නපු GT488 එකක් වෙයි.)

Mo Vlog

මෙයා ගැන සමහරවිට අපේ අය දන්නවත් ඇති.Mo Vlog ඉන්නේ ඩුබායි වල.මිනිහගේ කාර් එකතුව ගැන කියනවා නම් සැරින් සැරේ වෙනස් කරනවා.මුලදීම තිබ්බා Ford Mustang එකයි Lamborghini Aventador,Nissan GTR එකයි.පස්සේ Ferrari එකක් ගත්තා.ඊට පස්සේ Rolls Royls Ghost එකක් ගත්තා.එක තමයි youtuber ලාගෙන් අධි සුඛෝපභෝගී වාහනයක් ගත්ත එකම අවසථාව.මොකද අනිත් අයට තියෙන කාර් ඔක්කොම sports වර්ගේ ඒවානේ.පස්සේ ඒ Ghost එක විකුණුවා.දැන් තියෙනවා Ferarri GT458 Spyder එකයි Lamborghini Aventador SV එකයි අම්මට අරන් දුන්න Rolls Royce Ghost එකයි.(මු අම්මට උපන්දිනේට එකක් අරන් දුන්නා ආයි)මෙයාට අක්කා කෙනෙක් ඉන්නවා.සමහරවිට ගොඩක් අය බුකියේ දැකලා ඇති.Bugatti කාර් එකක් ලග හරි Lamborgini එකක් ලග ඉන්න ගෑනු ළමයෙක්.(මම දැකලා තියෙනවා ෆොටෝ එකක් දාලා කෙල්ලද කාර් එකද තෝර ගන්නේ කියලා අහලා)

.අක්කගේ නම Lana Rose.එයත් ඉතින් youtube තමා.කොහොම උනත් Mo Vlog ගේ කාර් එකතුව ගැන හරියටම කියන්න බෑ.මිනිහා වෙනස් කරනවා.එත් එකක් කියන්න පුළුවන්.ඔක්කොම කාර් සුපිරිම ඒවා.මම ඉදල හිටලා මුගේ වීඩියෝ බලනවා.

Faze Rug

ඇමරිකන් කොල්ලෙක්.Tanner ගේ හොදම යාලුවෙක්.මිනිහට තියෙනවා Range Rover එකයි 2017 Lamborghini Huracan එකයි.එක වතාවක් Tanner ගේ යෝජනාවකට අනුව Faze Rug එක්ක ඔට්ටුවක් තියලා GTR එකයි රේස් යනවා.Tanner ඒකෙන් පරාද වෙනවා.ඔට්ටුව කියක් කියලද හිතන්නේ?ඇමරිකන් ඩොලර් 10,000ක්.හිතා ගන්න කොච්චර ලොකු ගානක්ද නිකන් ඉන්න බැරුව ඔට්ටු තිවුවේ කියලා.

Tanner Braugart

ඇමරිකාවේ ඉන්නේ.කලින් වගේම Tanner ගේ යාලුවෙක්.වයස 16 වෙනකොට මිනිහා Audi R8 එකක් ගන්නවා.අයියට Lamborgini කාර් එකක් අරන් දෙනවා.තව Ford Raptor එකක් තියෙනවා.

Shmee150

මේ ඉන්නේ සුපිරි youtube ස්ටාර් කෙනෙක්.මෙයා ලග තියෙන කාර් සෙට් එක ගැන කතා කරන්න දෙයක් නෑ.දැනට තියෙනවා Mclaren 675LT Spider,Aston Martin Vantage GT8, Mercedes AMG GT-R සහ Ford Focus RS 4.කොහොමද ඒ සෙට් එක නේද?කලින් තිබ්බා මිනිහා ලග Ferrari FF, Aston Martin Vanquish Volante,Porsche Cayman GT4,Audi R8,Mclaren 12c Coupe, McLaren 675LT Coupe , McLaren 650s spider සෙට් එක.තව ගොඩක් තියෙනවා පරණම ඒවත් එක්ක.

Faze Rain

ඇමරිකන් ඩයල් එකක්.මිනිහා ලග තියෙනවා Mclaren 570s,Tesla Model x සහ Audi R8.අවුඩිය නම් හප්පගෙන විනාස කර ගත්තා.

Whitesse JR

වැඩිය ජනප්‍රිය කෙනෙක් නම් නෙවෙයි.හැබැයි දැනට ලෝකේ තියෙන super cars දෙකම මෙයා ලග තියෙනවා.Bugatti Chiron එකයි Koinigsegg Agera RS එකයි.මේ දෙකට අමතරව Lamborghini Huracan එකකුත් තියෙනවා.

Logan Paul

මේ ඉන්නේ ඇමරිකාවේ ඉන්නේ පට්ටම රෑන්කින් වලින් උඩින්ම ඉන්න කෙනෙක්.තනිකර පිස්සෙක් වීඩියෝ බැලුවම තේරෙයි මොනවද කරන්නේ කියලා.මිනිහා ලග තියෙනවා Mercedes G Wagon,(අර ඊයේ පෙරෙයිදා Bently එකත් එක්ක ගෙනාවේ),Dodge Challenger සහ ඉස්කූල් බස් එකක්.එක මු තියන් ඉන්නේ ආතල් එකට.හැබැයි එක පට්ටම විදියට හදලා තියෙන්නේ.

Jake Paul

ඔව් ඔව් මේ ඉන්නේ ඔය උඩ කිව්ව එකාගේ සහෝදරයා.මුත් ඉතින් උඩ ඉන්න එකා වගේම තමයි.සහෝදරයෝනේ.පිස්සෙක් කිව්වොත් හරි.හැබැයි Logan ට නොදෙවෙනි වෙන්න තියෙනවා වාහන සෙට් එකක්. Lamborghini Huracan Performance, Tesla Model x, Ford Focus RS, Mercedes Sprinter (වැන් එකක්) සහ Toyota Tacoma මෙයා ලග තියෙනවා.

Romanatwood

ඇමරිකන් youtuber කෙනෙක්.බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.මෙයාගේ කාර් එකතුව ගැන හරියටම කියන්න බෑ.මොකද ගොඩක් තියෙනවා.මම දන්නා විදියට Nissan 370z,Nissan GTR, Cadillac Escalade, Ford Mustang, Toyota Tundra , පොලිස් කාර් එකකුයි තියෙනවා.ආ ඉස්කුල් බස් එකකුත් තියෙනවා.දවසක් ටැනර් කාරයා ඇවිල්ලා බස් එක අරන් ගිහින් මෙයාගේ ඉඩමේ තියෙන ලොකු පොකුණකට දානවා ඩ්‍රයිවින් කරන් ගිහින්.

 

 

ඔයාලටත් බැරි නෑ මේ වගේ වෙන්න අවශ්‍ය වන්නේ උත්සාහය හා කැපවීම විතරයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *