මේ දේවල් 10 ගැන දන්නේ සතුටෙන් ඉන්න අයම විතරයි

අපි හැමෝම කැමතියි සතුටෙන් ඉන්න.ඒත් අපි මුහුණදෙන විවිධ අත්දැකීම් හරහා සතුට වෙලාවකට අපෙන් ඈතට යනවා. ඒත් ජිවිතේ ඕනෑම සිදුවීමක්,අත්දැකීමක් සතුටක් කරගන්න කැමතිද ? අන්න ඒකට පුංචි උදව්වක් තමයි අද අපි අරන් ආවේ. පහතින් තියෙනවා රහස් 10ක්.හැබැයි මේ රහස් ගැන දන්නේ ප්‍රීතිමත් අයම විතරයි.

1. ඔබේ අසමානතා පිළිගන්න.

ඔබ වෙන කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ.ඔබට ඕන තරම් නිදා ගන්න.ඔබට පුළුවන් ප්‍රමාණයට කන්න.ඔබේ තියෙන වෙනස්කම් දක්ශතාවයක්.එහෙමත් නැත්තම් ධනාත්මක දෙයක් බවට පරිවර්තනය කරන්න. අනිත් අය මත යැපෙන කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ.

2.ඔබේ සීමාවන් වලට ගරු කරන්න.

මේ කියන්නේ ඔබ අකමැති දේවල් වලට බෑ කියන්න කියන කම නෙවේ. ඔබට අප්‍රසන්න , අනවශ්‍ය කතාබහකින් පවා ඈත් වෙන්න ඔබට සම්පූර්ණ අයිතීය තියෙනවා. ඒ නිසා ඒ වගේ තැන් වලින් අයින් වෙන්න.ඔබේ අකමැත්තෙන් කිසිම දේකට සහභාගී වෙන්න අවශ්‍ය නෑ.

3.ප්‍රමුඛතාවන් සකස් කරගන්න

ඔබට වටිනාකමක් දෙන දේවල් ජිවිතයට එකතු කරගන්න. මේ කියන්නේ පුද්ගලයෝ , භාන්ඩ ගැන විතරක්න් නෙවේ.විශේෂයෙන්ම සීමාවන්,පුරුදු ගැන. ඉතිං කොයිම වෙලාවක වත් ඒ වටිනාකම් නැති කරගන්න එපා.

4. වරඳකාරී හැගීමෙන් මිදෙන්න.

කොයිම වෙලාවක වත් “යුතුයි.” කියලා හිතන්න එපා.ඔබට වරදකාරී හැඟීමක් දැනෙනකොට ඒ ඔස්සේ දිගටම හිතලා ජිවිතේ අවුල් කරගන්න අවශ්‍ය නෑ.ඔබටම සමාව දෙන්න.එතනින් ජිවීතේට පාඩමක් ඉගෙන ගන්න. එතකොට ඒ වැරැද්ද ආයෙමත් ඔබෙන් වෙන එකක් නෑ.

5.ඔබේ වැඩ වලට ගරු කරන්න.

ඔබ දැන් රස්සාවක් කරන කෙනෙක්ද? එතකොට ඒ රස්සාව කවදාවත් ඔබේ හීනයේ තිබ්බේ නැද්ද? ඔන්න එහෙනම් වෙනසක් කරන්න ඕනි කාලය ඇවිත්.මිනිස්සු තමන් කැමති රැකියාවක නිරත වෙද්දි ,ජිවිතේ දිහා බලන්නේ සතුටකින්.නැත්තම් මුළු ජිවිතයම හිසරදයක් වගේ,

6. විවේක කාලය ගත කරන්න ,ඔබටම අනන්‍ය විදියක් හොයාගන්න.

බැට්රියකට ශක්තිය ලැබෙන්න නම්, ඒක ආරෝපනය කරන්න ඕනි නේ, ඒ වගේම අපේ ජිවිත වලට ශක්තිය ලැබෙන්නත් අපිට විවේකය ඕනි. ඒ වගේම ඒ විවේකය ඇත්තටම අපේ මනස සතුටු කරන,නිදහස් කරන ඩෙයක් වෙන්නත් ඕනි. ඉතිං ඒ වගේ තමන්ට උචිත දෙයක් විවේක වෙලාවට කරන්න,

7.අනිවාර්යයෙන්ම කරන්න ඕනි දේවල් වලට බය වෙන්න එපා. චකිතය ඈත් කරගන්න.

වෙලාව ගැන දුක් වෙන්න එපා, අළුත් අත්දැකීම් ජිවිතයට අනිවාර්යෙන්ම ඕනි. ඒ වගෙ වෙනස්කම් ඔබට ජිවිතය කෙරෙහි ආකර්ශණයක් ඇති කරාවි.ඕනෑම අවස්ථාවකට හැඩ ගැසෙන්න. ඒ අවස්ථාව සතුටෙන් පිළිඟන්න.

8. අනෙක් අයට පෞද්ගලිකත්වය ගැන තියෙන අයිතිය පිළිගන්න.

අනෙක් අයගේ කැමත්තට,තේරිම් වලට ගරු කරන්න. ඒවා විවේචනය කරන්න එපා.ඔබ අනෙක් අයට සළකන විදියට තමයි අනෙක් අයත් ඔබට සළකන්නේ.

9.අතීතය පිළිගන්න.

අතීතය හංඟන්න උත්සහ කරන්න එපා, ඒක දවසක මතුවුනොත් සමහරවිට ඔබේ අනාගතය විනාශ කරන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේදි අතීතය පිළිගන්න, හැබැයි ඒ මත රඳා පවතින්න අවශ්‍ය නෑ.

10.විශදායි පුදගලයන් ජීවිතයෙන් අයින් කරන්න.

ජිවිත කාලේමසතුටෙන් ඉන්න ඕනි නම් ,ඔබේ මනසට විශ පුරවන අයගෙන් ඈත් වෙන්න දෙපාරක් හිතන්න එපා.මොකද ඒ වගේ අයට ඔබේ ශක්තිය විනාශ කරන්න යන්නේ හරි සුළු වෙලාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *