සෞදියට ඇණයක් වූ කඩවසම් තරුණයා ලොවක් වසඟ කර ගනී

ඕමාර් බෝර්කන් 1989 ඉපදෙන්නෙ ඉරාකයේ.. ඉගෙන ගන්නෙ ඩුබායිවල.. ගැහැනුන්ව වශී කරන ඇස් යුගලක් මෙයාට තියෙනවා කියලා තමයි කියන්නේ.

කොහොම හරි සෞදියෙන් මෙයාව පිටුවහල් කරන්නෙ 2013 ආයෙ ඒ රටට එන එකත් තහනම් කරමින්.. ඒකට හේතුව වෙලා තියෙන්නෙ රියාද් නුවර ආගමික උත්සවයකදි ඕමාර්ව දැකපු කාන්තාවන් ඔහුගෙ පෙනුමට වශී වෙලා ඔහුගෙ පස්සෙන් එන නිසාලු.

ඕමාර්ව අත්ඩංගුවට ගත්තු සෞදි රජය ඔහුව රටින් පිටුවහල් කරන්නෙ “පෙනුමෙන් කාන්තාවන්ව වරදට පෙළෙඹවීම” කියන වරදට.

මේ සිදුවීම එක්ක ඕමාර් ලෝකයෙම අවධානයට පාත්‍ර වෙනවා.. ඕමාර් වෙනුවෙන් වැඩියෙන්ම හඬ නඟන්නෙ කාන්තාවන්.ඉතින් ඒ කාන්තාවන් නිසාම ඔහුට වෙලාවකට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා.කොහොම හරි ඕමාර්ගෙ හිත ගන්නෙ ජෝර්දාන ජාතික යස්මින් ඔවෙයිදාර් කියලා යුවතියක්.

ඕමාර් කියන්නෙ සෝශල් මීඩියා මාර්ගෙන්ම තරුවක් වුන චරිතයක්. අද ඔහුගෙ නිල ෆේස් බුක් පිටුවෙ ඔහුගෙ followers ලා ගණන මිලියන 2.4ක්.

2016 වසරේ ලෝකයේ කඩවසම්ම පිරිමින් තෝරන සමීක්ෂණ බොහෝමයක ඕමාර්ගෙ නම අනිවාර්යයෙන්ම මුල් නම් අතර තියෙනවා.

එහෙම නැත්නම් ඕමාර්ට පිස්සු වැටුන තරුණියන්ගෙ විවේචනවලට අදාළ සමීක්ෂණ ආයතන ලක් වීම නවත්තන්න බැරි තරමට ඕමාර්ගෙ ඇස් තරුණියන්ව මෝහනය කරලා.

සෞදියෙන් පිටුවහල් කිරීමෙන් ඔහුට පාඩුවක් නම් උනේ නෑ.

මහා බ්‍රිතාන්‍ය තමයි ඔහුගෙ නවාතැන්පොළ. ඕමාර්ව සෞදියෙන් පිටුවහල් කරලා කියලා දැනගත්තාම ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඔහුව ලංකාවට එවන්න කියලා ගොසිප් නිර්මාණය වෙලා තියෙනවා දකින්නට ලැබුණා.

කාන්තාවන්ගෙ අඟ පසඟ දුටු විට අව්‍යාජව සිය කාමුක අදහස් එළියට දමන පිරිමින් සිටින්නෙ යම් සේ ද ඕමාර් නිසා අව්‍යාජව සිය සිතැඟි එළියට දමන තරුණියන් කොටසක් ලොව පුරා සිටින බව, මේ දැනුත් ඔහුගෙ ඡායාරූපවලට කර ඇති අදහස් පළ කිරීම් බැලුවොත් දැකගත හැකි වේවි .

කෙසේ නමුත් මොහු දැන් එක් දරු පියෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *