අවුරුදු 10කට පසු ඇසෙන තවත් එක් අනුවේදනීය කතාවක්

අපේ තව හිටියා බහා කියලා නිළධාරියෙන්, ඔහුගේ මව ජර්මානු, තාත්තා මුස්ලිම්. ඉතාමත් ශක්තිමත් කෙනෙක්.අපිට පස්සෙ ඉන්න කණ්ඩායමට තමයි ඔහු බැඳුනෙ. හිටපු නිර්භීතම නිළධාරියෙක්.

සාමාන්‍යයෙන් අතේ තියන අත් බෝම්බයක් පින් එක ගලවලා විසි කරාම තප්පර 04 ක් යනවා පුපුරන්න. එතෙන්දි සතුරා පුහුණු වෙලා තියෙනවනම් සතුරට පුළුවන් ඒක අරගෙන අපිට එල්ල කරනන. ඒක නිසා මෙයා කරන්නෙ පින් එක ගලවලා එකයි, දෙකයි කියලා ගණන් කරලා තමයි ඒක දාන්නෙ. එතකොට සතුරට කිසිම වෙලාවක් නැහැ.

එදා මූතූර් වලටත් ගියේ මට කියලා තමයි. මම තමයි ඒ මෙහෙයුමට යන්න අවශ්‍ය විස්තරේ කියලා දුන්නෙ. ඊට පස්සෙ එයා මූතූර් වලට ගියා. අනිත් කට්ටිය තමයි මේ කතාව ඊට පස්සෙ මට කිවුවෙ. එයා අත් බෝම්බය අරගෙන ගේ ඇතුලෙ ඉන්න ත්‍රස්තවාදීන්ට එල්ල කරන්න ඕන. එතකොට ඇතුලෙ ඉන්න කට්ටයිය මැරෙනවනම් මැරෙයි, නැත්තම් එළියට ගියාට පස්සෙ අල්ල ගන්න පුලුවන්.

මෙයා එකයි… දෙකයි… කියලා ගනන් කරන කොටම කාන්තාවක් ආවා ඉස්සරහට පුංචි ළමයෙකුත් අරගෙන. ඒක ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමයක්. කාන්තාව ආපු නිසා එයා තව තප්පර දෙකක් හිටියා ඒක අතේ තියාගෙන. අතේම පිපිරිලා එයාගෙ පැත්තක්ම ගලවලා ගියා.එයා කරත්තෙක දාගෙන තමයි නාවික හමුදාව කඳවුරට අරගෙන ආවෙ.

මොන තරම් දැඩි හිතක් තියෙන සොල්දාදුවෙක් උනත් මවක් සහ දරුවෙක් දැක්කම තියෙන ඒ සංවේදී හදවත ත්‍රස්තවාදීන්ට එහෙම නෑනෙ.


– උපුටාගැනීමකි –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *