ලෝකේ ප්‍රබලම රහස් බුද්ධි අංශ මෙන්න

පහුගිය දවස්වල සිද්ධ උන අනපේක්ෂිත කලබලත් එක්ක අපි නිතර කතාබහට එකතු කරගත්ත වචනය තමයි මේ බුද්ධි අංශ කියල කියන්නේ. ලංකාව විතරක් නෙමෙයි, ඕනෙම රටක ආරක්ෂාව සම්බන්ධව ලොකූ කාර්යභාරයක් ඉටු කරන සේවාවක් තමයි රටක බුද්ධි අංශයක් කියන්නේ. රටකට අභ්‍යන්තරින් හෝ බාහිරින් ඇතිවෙන්න පුළුවන් අනතුරු ගැන මුලින්ම දැනගෙන ආරක්ෂාව සැපයිය යුතු අංශය තමයි බුද්ධි අංශය කියන්නේ. ඉතින් මේ කියන්න යන්නේ 2019 අළුත්ම වාර්තා වලට අනුව ලෝකේ හොඳම බුද්ධි අංශ විදිහට සලකන ආයතන ගැනයි.

1. Mossad

ඊශ්‍රායලයේ ජාතික බුද්ධිමය තොරතුරු ආයතනය තමයි Mossad කියන්නේ. ඊශ්‍රායලය කියන්නේ ලෝකේ බලවත්ම න්‍යෂ්ටික අවි තියෙන රටවල් 10න් එකක්. Mossad කියන්නේ ඊශ්‍රායලයේ Intelligence community එකේ ශාඛා තුනෙන් එකක්. Mossad විදේශීය බුද්ධිමය තොරතුරු පරික්ෂා කරන අතරේ අනික් ශාඛාවන් දෙක අභ්‍යන්තර ආරක්ෂාව සහ යුධමය බුද්ධි තොරතුරු ගැන කටයුතු කරනවා. අනික් රටවලින් ඊශ්‍රායලයට බලපෑම් විය හැකි අන්දමින් සිදුවෙන සංවර්ධනයන් ගැන පවා තොරතුරු මේ ආයතනය සතුයි.

2. Central Intelligence Agency (CIA)

CIA කියන්නේ ඇමරිකාවේ විදේශීය බුද්ධිමය තොරතුරු ආයතනය. ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ බුද්ධිමය ආයතනය විදිහට සැලකෙන්නෙත් මේ CIA එක තමයි. ඒකට හුඟක්ම හේතුවෙන්නේ හොලිවුඩ් චිත්‍රපට වල මේ CIA එක සම්බන්ධ කතාන්දර හුඟක්ම ඇතුලත්වීම.

CIA එක පිහිටුවන්නේ 1947. ඒ කියන්නේ ලෝකයේ තියෙන ඉතා පැරණිම බුද්ධිමය ආයතන වලින් එකක් තමයි මේ CIA කියන්නේ. ඇමරිකාවට බලපෑම් හෝ තර්ජන ඇතිකළ හැකි අනෙක් රටවල සංවර්ධන ක්‍රියාවලීන්, ත්‍රස්තවාදී කටයුතු සහ විශාල විනාශයන් සිදුකළ හැකි න්‍යෂ්ටික හෝ සාමාන්‍ය යුධ උපකරණ ගැන තොරතුරු එකතු කිරීම ආයතනයේ කාර්යභාරය විදිහට සැලකෙනවා.

3. Ministry of State Security (MSS)

MSS කියන්නේ චීනයේ ආරක්ෂාව සහ බුද්ධිමය තොරතුරු සම්බන්ධ නියෝජිත ආයතනය. මේක පිහිටුවල තියෙන්නෙ 1983. මූලස්ථානය බීජිං නුවර පිහිටලා තියෙන මේ ආයතනයේ අනු ශාඛා 17ක් රට පුරා තියෙනවා.

ජාතික ආරක්ෂාව කිව්වට එතනින් එහාට ගිය ලොකු සේවයක් මේ ආයතනයෙන් රටට සිදුවෙනවා. චීනයේ විශාලම විදුලි සංදේශ සැපයුම්කරු වෙන Huawei ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තමයි MSS එක ලෝකය වටෙන්ම බුද්ධිමය තොරතුරු එකතු කරගන්නේ. චීනයේ අන්තර්ජාල සම්බන්ධතා සමීක්ෂණය කිරීම, රටට පිටතින් ඇතුල්වෙන සංක්‍රමණිකයින් පාලනය කිරීම, චීන වැසියන්ට බලපෑම් ඇතිකරන කාරණා පාලනය කිරීමට රජයට සහය දැක්වීම වගේ සේවාවනුත් මේ ආයතනයෙන් ඉටු වෙනවා.

4. Australian Secret Intelligence Service (ASIS)

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ මුලස්ථානය පිහිටලා තියෙන මේ ඕස්ට්‍රේලියානු රහස් බුද්ධිමය සේවාව ලෝක ප්‍රබලයා වුණ ඇමරිකාවේ අභ්‍යන්තර බුද්ධි අංශය CIA තරම්ම බලගතුයි කියලයි කියන්නෙ. විශේෂයෙන්ම රටට බාහිර බුද්ධිමය තොරතුරු එක්ක තමයි මේ ආයතනය වැඩ කරන්නෙ.

ASIS පිහිටුවල තියෙන්නෙ 1952 වර්ෂයේ උනාට 1972 “ද ඩේලි ටෙලිග්‍රාෆ්” කියන ඕස්ට්‍රේලියානු පුවත්පතින් මේ බව අනාවරණය කරනකන්ම මේ ආයතනය පොදු මහජනතාවට රහසක් වෙලා තමයි තිබිල තියෙන්නෙ.

5. Canadian Security Intelligence Service (CSIS)

කැනඩාව කියන්නෙ ලෝකේ ආරක්ෂිතම රටවල් වලින් එකක්. ඉතින් මේ රටේ ආරක්ෂාව ඔය මට්ටමින් පවත්වාගෙන යාමේ ස්තුතිය වැඩිහරියක් හිමිවෙන්න ඕනේ මේ CSIS කියන ආයතනයට තමයි. මේ ආයතනය තමයි කැනඩාවේ ප්‍රධානම බුද්ධි අංශ නියෝජිත කාර්යාලය. කැනඩාවේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ සියළුම කටයුතු සිදු කෙරෙන්නෙ මේ ආයතනයෙන්.

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියන රටවල් පහ අතරේ පවතින “Five Eyes” බුද්ධිමය ගිවිසුමේ කැනේඩියානු නියෝජිතයා වෙන්නෙත් මේ ආයතනය. ඉතිහාසයේ විශාලම ඔත්තුසේවා ගිවිසුමක් විදිහටත් මේ Five Eyes සැලකෙනවා.

6. Directorate-General for External Security (DGSE)

DGSE කියන්නේ 1990 රුවන්ඩාවේ සිවිල් යුද්ධයේදී ලොකු කාර්යභාරයක්‌ ඉටු කරපු ආයතනයක්. DGSE ක්‍රියාත්මක වෙන්නේ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. මේ ආයතනයත් වැඩ කරන්නේ බාහිර බුද්ධිමය තොරතුරු එක්ක. අභ්‍යන්තර කටයුතු වලට වෙනම Internal යුනිට් එකක් තියෙනවා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ සියලුම කටයුතු සිදුවෙන්නෙ මේ ආයතනයෙන් උනත් ඒ හැම දෙයක්ම පොදු මහජනතාවගෙන් වසන් කරලා තියාගන්න මේ ආයතනය හැම වෙලාවේම පරිස්සම් වෙනවා. ආයතනයේ පහුගිය හෝ දැනට ක්‍රියාත්මක වෙන දේවල් ගැන තොරතුරු හොයාගන්න බොහොම අපහසුයි ඒ නිසාම.

7. Research and Analysis Wing (RAW)

රෝව් ඔත්තු සේවය කිව්වම නිතර ඇහෙන ප්‍රසිද්ධ නමක්නේ. මේ අපේ අසල්වැසි රට ඉන්දියාවේ ආයතනයක්. ලෝකයේ බුද්ධි අංශ අතරේ ලොකූ ප්‍රසිද්ධියක් නැති, හුඟ දෙනෙක් රාජ්‍ය නොවන සංවිධානයක් කියල පවා හිතන් ඉන්න ආයතනයක් මේක. හැබැයි හැකියාව අතින් බැලුවම ලෝකේ ඉහලින්ම ඉන්න බුද්ධි අංශයක් තමයි මේ. ඉන්දියාවේ ආරක්ෂාව, ත්‍රස්තවාදී උවදුරු ගැන වගේම ඉන්දියාවට සෘජුව බලපෑම් ඇතිකරන්න පුළුවන් අනිත් රටවල සංවර්ධන ක්‍රියාවලින් ගැනත් අවධනය යොමු කරන මේ රෝව් ආයතනය පිහිටුවල තියෙන්නේ 1968 වර්ෂයේ. රහසිගතභාවය ඉහලින්ම ආරක්ෂා කරන මේ ආයතනයේත් කටයුතු ගැන තොරතුරුනම් හොයාගන්න බොහොම අපහසුයි.

8. Federal Intelligence Service (BND)

මේ කියන්නේ ජර්මනියේ BND ගැන. 1956 පිහිටවපු මේ ආයතනය සෘජුවම වාර්තා කරන්නෙ ජර්මානු තානාපති කාර්යාලයට. රටේ තියෙන එකම විදේශීය බුද්ධිමය ආයතනය විදිහට යුධමය සහ සිවිල් බුද්ධිමය තොරතුරු කියන දෙකම ඒකරාශී කිරීම ආයතනයේ වගකීමක්.

ත්‍රස්තවාදය, න්‍යෂ්ටික ප්‍රහාර, සංවිධානාත්මක අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය, නිත්‍යානුකුල නොවන සංක්‍රමණ ආදී තොරතුරු සියල්ල එක්රැස් කරන්නේ මේ ආයතනයෙන්. BND හුඟක්ම ප්‍රසිද්ධයි රහසේ දුරකථන සංවාද වලට සවන්දීම සහ ඉලෙක්ට්‍රොනික උපාංග මගින් ඔත්තු බැලීම කියන කරණා වලට.

ඔය ඔක්කොම කරණා අස්සෙ පහුගිය කාලේ සිදුවුණ සිදුවීම් එක්ක බැලුවම ලංකාවේ අපේ බුද්ධි අංශය උනත් ඉතාමත් ශක්තිමත් අවතක්සේරු කළ නොහැකි මට්ටමේ එකක් බවනම් කියන්නම ඕනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *