රැසියානු බිස්ලන් පාසලේ ප්‍රාණ ඇපකරැවන් මුදා ගැනීමේ මෙහෙයුම

එදා 2004 සැප්තැම්බර් මස පළමුවන දිනය විය.දිගු නිවාඩුවකින් පසු රැසියාවේ උතුරැ ඕසෙටියා කලාපයේ බිස්ලන් පාසලේ අවසාන වාරය පටන් ගැනීමේ මුල් දිනයයි.සාමාන්‍යයෙන් වෙනත් දිනවල පාසලේ ගුරැවරැන් සහ සිසුන් 800 ක් පමණ සිටියද එදින සාම්ප්‍රදායික ආරම්භක දැනුම දිනය වු හෙයින් එහි දෙමව්පියන් ඇතුලුව 1100 ක පිරිසක් වුහ.

උදෑසන 9.11 ට ට්‍රක් රථයකින් සහ ජීප් රථයකින් රැසියානු හමුදා ඇදුමින් සැරසි පැමිණි අතිශයින් සන්නද්ධ රියාද් අස් සලිහීන් සංවිධානයේ ඉස්ලාමීය ජාතික ත්‍රස්තවාදීන් 34 දෙනෙකු විසින් පාසලට වෙඩි තබමින් ඇතුලු වී සියල්ලන්ම පාසල් ගොඩනැගිල්ල තුල සිර කර ප්‍රාණ ඇපයට ගන්නා ලදී.

ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම් වුයේ චෙච්නියා භූමියෙන් රැසියන් හමුදා ඉවත් වීම,චෙච්නියාව නිදහස් රාජ්‍යක් ලෙස එක්සත් ජාතීන් පිලිගැනීම සහ රැසියානු හමුදා අත් අඩංගුවේ සිටින ඉස්ලාමීය ත්‍රස්තවාදීන් නිදහස් කිරිමයි.

දින දෙකකට අධික කාලයක් පුරා ත්‍රස්තවාදීන් හා ක්‍රෙම්ලීනය අතර පැවති අසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් පසු එවකට රැසියානු ජනාධිපති වැලද්මීර් පුටින් රැසියානු හමුදා විශේෂ ඒකකයට නියම කලේ ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කොට පිරිස මුදා ගන්නා ලෙසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුලු ත්‍රස්තවාදීන් විස්මයට පත් කරමින් රැසියානු හමුදා විශේෂ බළකාය විසින් බලාපොරොත්තු නොවු ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් පැය 2 ක මෙහෙයුමක් මගින් සිසුන් ඇතුලු පිරිස මුදා ගනු ලබනවා.මෙම මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් සියල්ල මරා දැමුවද ළමයින් 186 ක් ඇතුලු 334 දෙනෙකුගේ ජිවිතද ඔවුනට අහිමි වෙනවා.

පසු දින තුවාල ලැබුවන් බැලීමට රෝහල වෙත යන පුටින් ඔවුන් සමග රැදෙමින් ඔවුන් ධෛර්යමත් කරන අතර මියගිය සිසුන්ගේ සහ පුද්ගලයින්ගේ ඥාතීන් ජනාධිපති මැදුරට කැදවා ඔවුනට ශපථ වන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා සොයා විනාශ කර දමන බවයි.

ප්‍රහාරයෙන් සතියකට පසු ප්‍රහාරයට නන් අයුරින් උපකාර කළ රැසියාව තුළ රැදී සිටින ඉස්ලාමීය ජාතිකයින් 27 දෙනෙකුගේ අති රහසිගත ලැයිස්තුවක් ජනාධිපති පුටින් වෙත රැසියානු බුද්ධි අංශ මගින් ලබා දෙනවා.ප්‍රහාරයෙන් සති 3 ක් ඉක්ම යද්දී මෙම ලැයිස්තුවේ සිටි පුද්ගලයින් සියල්ලම අභිරහස් ලෙස මිය ගොස් හෝ අතුරැදහන් වෙනවා.මේ අතර ප්‍රහාර වලට පෙර හදුනා ගන්නා ත්‍රස්තවාදීන් සොයා ගොස් විනාශ කිරීමට බුද්ධි අංශවලට හැකි වන ලෙස අණ පණත් පාර්ලිමේන්තුවේ සම්මත කර බුද්ධි අංශ ශක්තිමත් කිරීමටද පුටින් පියවර ගන්නවා.

මෙම සිද්ධියත් සමග රට පුරා ජනතාව අතර පුටින් ජනතාව ආරක්ෂා කරන බවට විශ්වාශයක් ගොඩ නැගෙනවා.ඔහුගේ ජනප්‍රියත්වයද සීඝ්‍රයෙන් ඉහළ යනවා.කෙසේ නමුත් සුපුරුදු පරිදි ජාත්‍යන්තර ප්‍රජාව මෙම සිද්ධියට ජනාධිපති පුටින් වෙත ඇගිල්ල දික් කරනවා.පුටින් ජාතිය අමතමින් ජාත්‍යන්තරයට මෙසේ උත්තර දෙනවා.

“මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයේදී මිය ගිය මාගේ රට වැසියන් වෙත මාගේ ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර මාගේ මව්බිම ත්‍රස්තවාදීන්ගෙන් තොර ආරක්ෂාකාරී බිමක් බවට පත් කරන බවද ඔබට දිවුරමි.කෙසේ නමුත් මාගේ දේශයට පැමිණ මගේ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන කේවල් කිරීමට සැරසෙන ත්‍රස්තවාදීන් කුමන වේශයක් ගෙන පැමිණියද ත්‍රස්තවාදීන් හෝ ඔවුන්ගේ සහයකයින් හොදින් සිහි තබා ගත යුත්තේ ත්‍රස්තවාදීන් සමග මට කිසිදු සාම කථාවක් නොමැති බවයි. ත්‍රස්තවාදීන් සමග ක්‍රියා කළ යුතු ආකාරය ගැන අනෙකුත් රාජ්‍යන්ගේ උපදෙස් අපට නුවුමනා අතර ඒ සදහා අපට අපගේම ක්‍රමවේදයක් ඇති බවද ඔවුනට මතක් කිරීමට කැමැත්තෙමු.”

පසු සටහන : ජනාධිපති පුටින්ගෙන් අපේ රාජ්‍ය නායකයින්ට උගෙනීමට දහසක් දේ ඇති අතර තුවාල වූවන් බැලීමට මේ වන තුරැද අපගේ නායකයින් පැමිණ නැත. ඔවුන් තවමත් එකිනෙකාට ඇගිල්ල දිගු කර ගනිති. අපගේ මියගිය ආදරණීයන් ගැන කතා නොකරන ඇතමෙකුට අනුව ත්‍රස්තවාදීන් උගත් නොමග ගිය දරැවෝය. අප සියලු දෙනා ඉස්ලාමීය ත්‍රස්තවාදයට විරැද්දව පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත. අපටද පුටින් මෙන් නායකයෙකු අවශ්‍යව ඇත.

– Roshan Ferdinanz –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *