උත්සවයක් නිමවෙන තෙක් කාමරයක සිරකර සිටි ms දෝනි……

දෝනි මා දුටු නිහතමානීම මිනිසුන් කීප දෙනාගෙන් අයෙකි..මා හට ඔහු මුණගැසී නැතත්, ඔහුගේ සොයුරා මාගේ මිතුරෙකුගේ හොඳම හිතවතෙකි…මාගේ මතකය 2006 තරම් ඈත අතීතයට දිව යයි,දෝනි ඒ වන විටත් ඔහු වැඩි කලක් නොයවා ලබාගත් 148 හා 183 ඉනිම් නිසා තරුවක් බවට පත්වී හමාරය..දින කීපයකින් මාගේ මිතුරාගේ සොයුරියගේ විවාහය පැවත්වීමට නියමිතව තිබූ නිසා, මා දෝනිගේ නිවසට ගියේ ඔහුගේ සොයුරාට ඇරයුම් පතක් දීමටය….ඒවන විටත් එළියේ නවතා තිබූ යතුරු පැදිය පිසදමමින් සිටි දෝනි, මිතුරා සමඟ මොහොතක් දොඩමලු වීමට අමතක නොකිරීය….


” ඉතින් මොකද වෙන්නෙ….””හොඳයි, මන් වෙඩින් කාඩ් එකක් දෙන්ඩ ආවෙ මල්ලිට..””අහ්…අපිට නැද්ද කාඩ්…..”
”ඔයා දැන් තරුවක්නෙ…ඔයාට එන්ඩ වෙලාවක් නැතිවෙයි….””නෑ නෑ යාලුව…මන් අනිවාර්යෙන්ම වෙඩින් එකට එනව…”පොරොන්දු වූ පරිදිම, දෝනි නියමිත දින විවාහ උත්සවයට පැමිණ තිබුණේ, සිය මිතුරන් පිරිසක්දnසමඟය…පැමිණ සිටි පිරිසට උත්සවය අමතකව ගොස් තිබූ අතර, ඒ වෙනුවට ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ දෝනි දෙසය…දෝනි ඒ වන විටත් සැවොම පාහේ දන්නා තරුවක්ව සිටි නිසා, ඔවුන් දෝනි වෙතින් ඉවත්කිරීම අපහසු වන බව පෙනෙන්නට විය…..කෙසේ හෝ සුලු මොහොතකින් මංගල උත්සවය නැවත යථා තත්වයට ගැනීමට දෝනි ඇතුලු මිතුරු පිරිසට සිදුවූයේ පිරිසගේ අවධානය වෙනතක යන තෙක්, හුදකලා කාමරයක රැඳී සිටීමටයි….ටික වෙලාවක් යත්ම තවදුරටත් තම ක්‍රිකට් තරුව පෙනෙන්නට නැති බව දැනගත් රැස්ව සිටි පිරිස සුපුරුදු පරිදි යලි උත්සවය දෙසට යොමුවන්නට විය….දෝනි ඇතුලු පිරිස රහසිගතව කාමරයක රඳවා සිටි නිසා ඔහු පිටව යන්නට ඇතැයි ඔවුන් සිතන්නට ඇත….


එහෙත් සැබැවින්ම දොරගුලු දැමූ කාමරයක සැඟව සිටි දෝනි ඇතුලු මිතුරු පිරිස, කෑම ගත්තේ උත්සවය අවසන් වීමෙන්ද අනතුරුවය,….කෙසේ වුවද දෝනි හට කලින්ම කෑම ගෙන පිටව යාමටද තිබිණි..එහෙත් සිරිතක් ලෙසින් මනාලියගේ පාර්ශ්වය පසුව ආහාර ගන්නා නිසා ඒ අනුව, මොහොතකට පසු සිය මිතුරන් සමඟ ආහාර ගෙන රහසේම ආපසු පිටව යාමට තරම්, දෝනි නම් සුපිරි ක්‍රිකට් තරුව නිහතමානි විය….දෝනිව මොහොතක් හෝ හමුවී ඇති ඕනෑම අයෙකුට, ඔහු කොතරම් නිහතමානි අයෙකුදැයි නොරහසකි…..සැබැවින්ම දෝනි කුඩා ගමකින් ඉන්දීය කණ්ඩායමට පැමිණ මෙතරම් කලක් කිසිවෙකු සමඟින් ප්‍රශ්නයක් ඇතිකර නොගෙන සිටීමේ රහසද එයම විය යුතුයි….


-ක්වෝරා සමාජජාලා වෙබ් අඩවියේ පලව තිබූ ලිපියක් ඇසුරෙන්-copied from – මාධව විශ්වනාත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *