මෛත්‍රී,රනිල් ආණ්‌ඩුවක්‌ නැවතත් පිහිටුවයි ?..! ජනපති වර්ණනා කරමින් සජිත් හෙළික දේ.

මෛත්‍රී,රනිල් ආණ්‌ඩුවක්‌ ඉදිරියටත් පිහිටුවිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (16) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලමේන්තුවේ බහුතරයක්‌ නොමැති බැවින් ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් වියරුවෙන් හැසිරුණු බවද සඳහහන් කරමින්.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙලෙසද කරුණු පැහැදිළි කළා

‘‘පරාජය දැන සිටි පිරිස්‌ මර්දනකාරී ලෙස හැසිරුණා. නිල නොවන, නීත්‍යානුකූල නොවන ලෙස පත් වුණ දේශපාලන පක්‍ෂයක්‌ වශයෙන් ඔවුන් සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළා. පාර්ලිමේන්තුව තුළ බහුතරයක්‌ නොමැති බැවින් ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු වියරුවෙන් හැසිරුණා.

පසුගියදා සිදුවූ අතපසුවීම නිවැරැදි කර ගනිමින් අද දිනයේ දී නැවතත් විශ්වාසභංගයක්‌ ගෙන ඒමට සියලු කටයුතු යොදා තිබුණා. ඒ සියල්ල ආණ්‌ඩු පක්‍ෂය විනාශ කර දැම්මා.  කෙසේ වෙතත් ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දී ඇති බව දක්‌නට ලැබුණා. ඒ බව එතුමා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය තුළින් දක්‌නට ලැබුණා.

ඊයේ අපි ප්‍රධානම අභියෝගය ජයග්‍රහණය කළා. මා අදටත් පිළිගන්නේ රටේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත්, අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් පමණයි. ඔවුන් දෙපළ කතා කර රජයක්‌ පිහිටුවීමේ ක්‍රියාවලිය ඉදිරියට කළ හැකියි‘‘

පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම්කාරී තත්වය තුල පිහි පෙන්වමින් විනය විරෝධී ලෙස හැසිරුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට චෝදනා එල්ල වුනා. ඒ අනුව අදාල චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් විනය විරෝධී ලෙස හැසිරුණු බවට කිසිවකු චෝදනා කරන්නේ නම් තමා ඕනෑම පරීක්‌ෂණයකට සූදානම් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ‘ගොන් රන්ජා පිහි ගෙනාවා’ කියමින් ආණ්ඩු පක්ෂයේ අය සභාවේ කෑගසමින් තමන්ට විශාල අපහාසයක්‌ සිදුකළ බවයි. එසේම තමන් කිසිවෙකුටත් පිහි දෙන්නටවත් උසිගන්වන්නවත් නොගිය බවත්, තමන්ගේ ආරක්‌ෂාවට සුදුසු පියවර ගත් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එහිදී තමුන්ගේ ආරක්‌ෂාව තමුන් සලසා ගන්න කියලා ඡේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බවද රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට මූණ දී ගත නොහැකිව මෙම තත්වය උදාවූ බව ප්‍රකාශ කළ රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.

 

අපි ජනාධිපතිතුමාට ඊයේ 122 ක අත්සන් තිබෙන බව කිව්වා. නමුත් එතුමා එය පිළිගන්න බෑ කිව්වා. ඊට පස්‌සේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් 122 කම ජනපති හමුවට ගෙන එන බව කීවා. ජනාධිපතිතුමා එයට අකැමැති වෙලා පක්‌ෂ නායකයන් පමණක්‌ එවන්න කිව්වා.

අපි අද පාර්ලිමේන්තු ආවේ 122 ක බහුතරය පෙන්වන්න. ආණ්‌ඩු පක්‌ෂයේ යැයි කියාගත් පිරිස එයට බිය වූවා. පෙරේදා දිලුම් අමුණුගම අත තුවාල කර ගත්තෙ කථානායකවරයාගේ මයික්‍රෆෝනය ගලවන්න ගිහින්. ඒ සිදුවීම හැමෝම දැක්‌කා. ප්‍රසන්න රණවීර කථානායක පුටුවට වතුර හැලුවා. මේවා තමයි ඇත්ත. මේවා කළේ රන්ජන් රාමනායක ද? ඒ නිසා ඉදිරියේදී පවත්වන ඕනෑම සාධාරණ පරීක්‌ෂණයකට මූණ දෙන්න රන්ජන් රාමනායක බය නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *