ඔයත් ඔයාගෙ වයිෆ් එක්ක ඇ‍ඳේදි මේ දේවල් ටික කරනවානං දැන් ඒක නවත්තන්න කාලෙ හරි

තනියම ඉඳිද්දි හඩ්ඩා වගේ ඇඳට පැන්නා වගේ නෙමෙයි. කසාද බැන්දම ඇඳට යද්දි පිළිවෙලකට යන්න වෙනවා වගේම, ඇඳේදිත් පිළිවෙලකට ඉන්න වෙනවා. මේ පිළිවෙල කියන්නෙ සීරුවෙන් ඉන්නව කියන එක නෙමෙයි. මේ කියන්නෙ ඇත්තටම බැලුවොත් ඔබේ සෞඛ්‍යයට වගේම ලිංගික ජීවිතේටත් බලපාන සාධක කිහිපයක් ගැන. ඒ නිසා මේක ගැන හිතන එක ඕගොලොන්ට හොඳයි.

1. පෙරේතයෝ

සමහරු පුළුවන් තරමකින් හැමදේම ඇඳට ගෙනියන්න කැමතියි. පුළුවන්නං ගෑස් කුකර් එකත් ඇඳ ගාවින් තියාගෙන උයාගන්න තරම් ආශාවක් එගොලොන්ට තියෙනවා. ඒ නිසායි මේ කියන්නෙ දෙන්නත් එක්ක කෑම එක ඇඳට ගෙනියන්නෙ නැතුව ඉන්නව නං හොඳයි. ඕවා ඇ‍ඳේ හැලිලා, කූඹි ඇවිල්ලා, දෙන්න නිදහසේ ඇ‍ඳේ ඉන්න වෙලාවක ඇටෑක් කරද්දි දැනෙන සැප නිමකරන්න බැහැ. ඇ‍ඳේ ඉඳන්ම උදේ තේක බොන අයව හදන්න බැහැ කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඉතිං මහ රෑට කැරපොත්තො කොට්ට ලෙවකන්න ඇවිල්ල ඒ ගමන්ම කටත් ලෙවකාගෙන ගියොත් අපිව හොයං එන්නෙපා.

2. කමියුනිකේෂන්

දෙන්නත් එක්ක කමියුනිකේෂන් එකට ආවා වගේ ෆෝන් දෙක දිගෑරගෙන එක එකාට ලයික් කර කර ඉන්නෙපා. වැඩක් නැත්තං නිදාගන්න. ඇඳට ෆෝන් එක ගන්නවත් එපා.

කට්ටිය ඉතිං ආවෙ මේක බලන්නනෙ…

මුලින් ඉතිං හිත බි‍ඳෙන්න ඇතිනෙ. ඇඳ කියලා දැක්ක ගමන් ක්ලික් කළාට හිත බිඳුනානං දැන් එහෙම කරගන්න ඕන නෑ. මෙතන ඉඳන් තියෙන්‍නෙ ඒ ගැන තමයි.

3. ගොන් ටෝක්

කලින් එක්කෙනා නං කැමති මේ පොසිෂන් එකට, ඇයි ඔයා අකමැති වගේ ගොන් ටෝක් දෙන්නෙපා. ඒකෙන් එයාට තේරෙන්න ගන්නව ඔයාගෙ හිතේ තාමත් ඔයාගෙ එක්ස් එක්ක කරපු දේවල් හොල්මන් කරන විත්තිය.

යන්න තියෙනව

අනේ මේ ඔන්න මුලින්ම කිවුවා, මට අද හවස හතර වෙද්දි යන්න ඕන. හවස පාටියක්. කරන දෙයක් ඊට කලින් කරගමු. වගේ කතා කියන්න එපා. ඊට වඩා හොඳයි ඔය ටික කියන්න ඇඳට නෑවිත් හිටියනං.

ඔයා හරිද?

සෙක්ස්වලදි සතුටු වෙන එක ෆිසිකල් වගේම මෙන්ට්ල් දෙයක්. පැය කාලෙන් කාලට දැන් හරිද? දැන් හරිද? කියලා අහන එක ගෑනියෙකුට කිසිසේත්ම හරියන දෙයක් නෙමෙයි.

4. කෝල් ආන්සර්

ෆෝන්වලට කෝල් එනවා තමයි. ඒවයෙ ‍ඕන තරං ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි ඉතිං සෙක්ස් කරනකොට කෝල් ආන්සර් කර කර හරක් පස්සෙ දුව දුව මූඩ් කඩ කඩ වැඩ කරන්න හොඳ නැහැ. අවධානය තමයි වැදගත්ම. ඕෆ් කරන්න ෆෝන් එක. තන්ත්‍රා මියුසික් එකක් දාගෙන ඉන්නවනං එයාප්ලේන් මෝඩ්වත් දාලා තියන්න.

5. හොටේල් ඩි කලබල

ඔයාට හදිස්සියි කියලා කලබල වෙන්නෙපා. මෙච්චර වෙලා වැඩකටයුතු සිද්ධ වෙච්ච වේගෙන්ම රිදම් එක තියාගන්න. ටෙස්ට්වලදි ගේල් වෙන්නත් එපා. ටීටුවෙන්ටියෙදි තිලාන් සමරවීර වෙන්නත් එපා.

6. බබ්බු නෙමෙයි

ආදරේ කරන්න. හුරතල් කරන්නෙපා. බබෙක් දිහා බලං ඉන්නවා වගේ තමුන්ගේ ආදරවන්තිය දිහා බලන එක තරම් මූඩ් කන තවත් දෙයක් නෑ.

7. නෝට් දාගන්න යන්නෙපා

ඔය වෙලාවට ඔලුවෙ තියෙන කැළඹිල්ලත් එක්ක නියම දේවල් මතක් වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා ඒවා ලියාගන්න, අමතක වෙච්ච ඔෆිස් වැඩට නෝට් එකක් දාගන්න වගේ දේවල් කරන්න යන්නෙපා.

8. කම්මැලි වෙන්නෙපා

ඈනුම් ඇර ඇර, ඇඟ මැලි කඩ කඩ, නිදි මතේ ඔලුව බර කරගෙන ඉන්නෙපා. ඉන්ටෙන්ස් පිට ඉන්න. ඇය වෙනුවෙන් ඇති කැමැත්ත පෙන්වන්න. දෙන්නත් එක්ක එකම ඇඳට එන මුල් කාලෙදිනම් කීයටවත් කල්පනා කරන්න, වෙවුලන්න වගේ දේවල් කරන්නෙපා.

9. සිලෙක්ෂන්ස්

කසාද ගෑනියි මිනිහයි වුනාම තමුන් ආරක්ෂාකාරී වෙන්න භාවිතා කරන පිළියම ගැන දැනගෙන ජීවත් වෙන්න ඕන. ඇඳ උඩට ඇවිල්ල ඒක ගැන රන්ඩු වෙන්නෙපා.

10. ෂෝක් අනේ

එකාට එකා එකාට එකාව මාරුවෙන් මාරුවට කම්ප්ලිමන්ට් කර කර ඉන්නෙපා. වැඩිපුර කතා කරන්නත් එපා. කතා නොකරම ඉන්නත් එපා. මැදුම් පිළිවෙතේ ඉන්න.

11. හච්චෝස් ක්‍රොස් ක්‍රොස්

අනිත් කෙනාගෙ මූනටම පත හචිං යවන්නත් එපා. කහින්නත් එපා. ඒ වගේම තමුන්ගේ පෞද්ලික පිරිසිදුකම ගැනත් ටිකක් හිතන්න. දත් මැදලා ඇඳට එන්න. දාඩිය ගඳ ගගහා ඇඳට එන්නත් එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *