දැක්ක ගමන් හිතුවේ සුරූපී මෝස්තර නිරූපණ ශිල්පිණියක් කියලද? ඇයගේ සැබෑ ස්වරූපය ඔබව සංවේදී කරනවා නොඅනුමානයි

මේ ඉන්නේ මරිනල්වා දි අල්මේදා. ඇය 1977 අගෝස්තු මාසේ 27 වනදා උපන් බ්‍රසීලියානු කාන්තාවක්. ඇය නිරූපිකාවක් විදියටත් කටයුතු කරනවා.

එමෙන් ම ඇය ඔලිම්පික් ක්‍රීඩිකාවක්. හරියටම කීවොත් 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලෙහි රුවල් ඔරු පැදීමේ SKUD 18 ඉසව්වෙන් තරඟ කළ ක්‍රීඩිකාවක්.ඇය සහ ඇගේ සහයක ක්‍රීඩක බෲනෝ ලැන්ග්‍රාෆ් ලබාගත්තේ අටවෙනි තැන​.

ඒත් පැරා ඔලිම්පික්? ඒ කියන්නෙ යම් කිසි ආබාධිත තත්ත්වයක් තියෙන අයගෙ ඔලිම්පික් උළෙල නෙ.ඔව්. මේ පින්තූර ටික පහළට යද්දි ඔබට පෙනේවි. මේ ලස්සන කාන්තාවගේ වම් පාදය නැහැ. ඇගේ වයස 15 දි රිය අනතුරකින් පසුව ඒ පාදය ඉවත් කරලා.අපට ලස්සනයි කියල පේන ගොඩක් දේවල්වල හැංගුණ දුක්බර කතා ගොඩක් තියෙන්න පුලුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *