සුන්දර පාපන්දු ලෝක කුසළානය පිටුපස ඇති අසුන්දර දුක්ඛිත ඛේදවාචකය

2018 #FIFA පාපන්දු ලෝක කුසලාන තරග සමයයි…පැවැත්වෙන්නේ රුසියාවේ මොස්කව් නගරය හා ආශ්‍රිත පාපන්දු ක්‍රීඩාංගන වලයි .. පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට නම් ඔවුන්ට වසන්තය ලැබුවා හා සමානයි.

.එහෙත් සත්ව වේදීන්ට සහ සතුන්ට ආදරය කරන කරුණාව දක්වන අයට නම් ඇත්තේ කලකිරීමට හේතුවක්..මන්ද මෙි දිනවල රුසියාවට පැමිණෙන මිලියන ගනන් සංචාරකයන් හේතුවෙන් නගර ආශ්‍රිත සැරිසරන අහිංසක වීදි සුනඛයන් සමුලා ඝාතනය කිරීමය.. මිනිසුන් සතුටු කිරිමට තවත් සත්ව කොට්ඨාශයකට දිවි පුජාකිරිමට සිදුව තිබෙි.. ඔවුන් ඝාතනය කිරීමට යොදා ගන්නේ සයනයිට් විස යෙදු බෙහෙත් සිරින්ජරයක් විදිමෙනි.. ක්ෂණික මරණයට පත්වුවද අධික වෙිදනාවක් විදිමට සිදුවෙි.

බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ ද මෑත කාලයේ අගනගරය හා සම්බන්ධයෙන් ද මෙවැනි යෝජනා අපට අසන්නට ලැබුනි..කලයුතු දේ වන්නේ ඔවුන් බෝවිම වලක්වාලිමයි.. සතුන් නිසා පාරිසරික හා සෞඛ්‍ය යාත්මක ව ගැටලු එන්නට හැකිය..එවිට කල යුත්තේ සංවෙිදි ව බලා ඝාතනයකින් තොරව විකල්ප ක්‍රම කෙරේ අවධානය යොමුකිරීමය..

උපුටාගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *