රෝහලේදිම විවාහ වී රෝහලේදිම ජීවිතයෙන් සමු ගත් සුරූපී තරුණියගේ සංවේදී ආදර කථාව

දුටු සැනින් කාගේත් සිත් වසඟ කරගන්නා රූ සපුවකට හිමිකම් කී ලිඩියා ඩොමින්ගස් වකුගඩුවේ පිළිකාවකට ගොදුරුවන්නේ නොසිතූ මෝහතකයි.

මේ අසුභ ආරංචිය කන වැකුණු මොහාතේ පටන් ලිඩියාට ප්‍රතිකාර කිරීම ඇරඹුණේ ඇමරිකාවේ ටෙක්සාස් රෝහලකදීයි.

නමුත් ඇයට තවදුරටත් මේ ලෝකයේ ජීවත්වීම සිහිනයක් බවට පත්වෙමිනුයි පැවතුනේ.මේ අතරතුර ඇයගේ පෙම්වතා වූ ජෝසුවා ඔදොනෙස් ඇය සමග විවාහ වීමට සුදනම් බව ප්‍රකාශ කළා.එම යෝජනාවෙන් පැය 4කට පසු විවාහ උත්සවය පවත්වන්නට රෝහලේ කාර්ය මණ්ඩලය සහ ලිඩියාගේ දෙමව්පියන්ට හැකිවුණා.

ඇයට හුස්ම ගැනීමට සහ ලබා දී තිබු වෙනත් ආධාරක සමග විවාහ මංගල්‍යයට එක්වුණේ සියල්ලන්ගේ දෑස් කඳුලින් තෙත් කරමින්.ලිඩියාගේ ජීවිතයේ එක් ආසාවක් එලෙස ඉටුවද්දී ඉන් දින දෙකකට පසු ලිඩියා මෙලොවින් සමුගත්තේ තම සැමියා වන ජෝසුවාගේ උරහිස මතයි.මේ සංවේදී සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ලිඩියාගේ ආදරණීය සැමියා ජෝසුවා පවසන්නේ මෙවැන්නක්,

“ලිඩියායි මමයි සතුටින් කාලය ගත කළා. ඒ අතරතුර තමයි මේ ලෙඩේ ගැන දැනගත්තේ. එත් අපි ඒ දේ ගැන වැඩිය හිතන්නේ නැතුව සතුටින් හිටියා. අපි දවසින් දවස සතුටින් ඉන්නේ කොහොමද කියලා.”

උපුටාගැනීම:- Aruma Fb Page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *