චූන් පාන් එකෙන් පාන් ගත්තට චූන්පාන් අතරේ සැඟවුණ මේ රහස දන්නවාද?

බොහෝවිට අපි මතුපිටින් දකින ඇහෙන දේට වඩා එහා යන්නේ කලාතුරකින් …මේකත් ටිකක් ඒ වගේ…

චූන් පාන් කාරයා ( * කාරයා කියන එකනම් ටිකක් හරිමදි වගේ .. අපි චූන් පාන් මල්ලි කියමු ☺️ ) කිව්වම මේ දවස්වල නම් ඔළුවට එන්නේ හැටට හැටේ පාගලා යන කතා කරලාවත් නවත්තගන්න බැරි කෙනෙක් විදියටයි.හැබැයි චූන් පාන් මල්ලී එන බව දැනගන්නේ අපි ඒ කාටත් අහල පුරුදු මියුසික් එකෙන්….( අර පොඩි කාලේ සෙල්ලම් බඩුවල එහෙමත් තිබුනේ.. තව උපන්දින කාඩ්වල එහෙමත් )දැන් මතක් වෙනවා ඇතිනේ..

ඔව් අන්න ඒක ගැන තමයි මේ..( දැනටත් දන්න ගොඩක් අයත් ඇති මේක ගැන.. )අහල ඇති බීතෝවන් කියලා සංගීතඥයෙක්… සමහරු නම් ඒ සංගීත ගැන හොඳින් හදාරලත් ඇති…

ඒ ශ්‍රේෂ්ඨ සංගීත නිර්මාණ අතින් නිමැවුනු නිර්මාණයක් තමයි චූන් පාන් මල්ලිගේ වාහනෙන් ඇහෙන ඒ මියුරු සංගීත නාදේ..ඒ සංගීත ඛණ්ඩය නිර්මාණය වුන හැටි ගැනත් රසවත් කතාවක් තියෙනවා..[ හැබැයි බීතෝවන් 1827 මිය ගිහින් අවුරුදු 40 කටත් පස්සේ තමයි හැංගිලා තිබුනු මේක ජනතාව අතරට එන්නේ.. ]

බීතෝවන්ට ශිෂ්‍යාවක් ඉඳල තියෙනවා Therese Malfatti කියලා…


ඉතින් එහෙම ඉන්න අතරේ Therese වෙනුවෙන් එයාගේ උපන් දිනයකට ලියැවුනු එකක් කියලා කතාවක් තියෙනවා.. කොච්චර ආදරණීය විදියට මෙවැනි නිර්මාණ ඇය කෙරේ කරත් පසු කලෙක Therese ට කරපු විවාහ යෝජනාව ප්‍රතික්ෂේප වුනා කියලයි කියන්නේ.. මුල් නම Für Therese විදියට සඳහන් වුණත් පසුව ඒක Für Elise ලෙස වෙනස් වූ බවත් කියනවා.

ජර්මන් භාෂාවෙන් Für Therese කියන්නේ ඉංග්‍රීසියෙන් For Therese කියන එකට..මේකේ නිර්මාණය ගැන විවිධ කතා තියෙනවා.නමුත් වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නේ උඩ කතාව තමයි.බීතෝවන් ජර්මන් හි උපත ලැබුවත් ඔස්ට්‍රියාවේ වියානා වල තමයි වැඩි කාලයක් ජීවත්වෙලා තියෙන්නේ..

ජීවිතේ මැද කාලයේදී බීතෝවන්ට ඇහෙන එකේ ප්‍රශ්ණයක් ඇවිල්ලා තියෙනවා..නමුත් ඒ බාධක මැද දිගටම ඔහු තම නිර්මාණ කරගෙන ගියා.පසුව සම්පූර්ණ ඇසීමම නැති වුනත් ඔහු නතර වී නැහැ..1827 ඔහු මියයන තෙක්ම සංගීතය පතපොත සමඟම සිටි බවයි කියවෙන්නේ..චූන් පාන් මල්ලිගේ සංගීතය ඇහෙද්දී මේ ටිකත් අද ඉඳලා මතකෙට එයි නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *