චායාරූපයේ කතාව චිත‍්‍රපටියකට ඉන්ටවීව් ගියපු පූස් නලූවෝ

අද වෙද්දී සිනමාවට සත්තු කියන්නේ අමුතු දෙයක් නම් නොවෙයි. සත්තු යොදාගෙන කරපු සිනමා චිත්‍රපට රාශියක් අද වෙද්දී ලෝක සිනමාව තුළ පවතින බව හැමෝම දන්න කාරණයක්. මේ යොදා ගන්න සතුන් මේ සිනමා නිර්මාණ වලට යොදා ගැනීමට පෙර චිත්‍රපටයට ගැලපෙන චරිතයක් ද කියලා බලන්නත් එහි නිර්මාණ ශිල්පින් කටයුතු කර ඇති බව සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒ චරිතයට ගැලෙපන තරම් හැකියාවක් ඒ සතාට තියෙනවද කියන එක ගැනයි.

මේ එවන් චරිතයකට පූසෙන් තෝරා ගැනීමක් සිදු කරන අවස්ථාවක් ගැනයිමේ කතාව නිර්මාණය වී තිබුනේ වර්ෂ 1843 දී Edgar Allen Poe විසින් ලියන ලද කෙටි කතාවක් ආශ්‍රයෙන්. කතාවේ හැටියට එක්තරා පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිදව ඝාතනය කොට බිත්තියේ පිටුපස සගවා එය වසා දමයි. ඒ වසා දමන අවස්ථාවේ දී ඔහුගේ පූසාවද එය තුළට දමා වසා දමයි. පසුව පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙයි. මෙම ඝාතන සිදුවීමේ අභිරහස විසදා ගනු ලබන්නේ පුසාගේ “ඤාව් ඤාව්” හඬ හමුවේ ය.

ඉතින් මේ අවස්ථාව රඟපාන්න පූසෝ 152 දෙදෙනෙකු සහභාගී වෙලා තියෙනවා.

එතනින් සුදු පාට පුල්ලි පාදවල, නාස්වල තිබීම නිසා බොහො කළු පූසන්ට මේ අපුරු අවස්ථාවට සහභාගී වීම හා රංගනයට දායක වීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප වෙලා තිබුණා.එතනින් කිහිප දෙනෙකු පමණක් තෝරා ගත්ත අතර ඔවුන්ගේ අයිතිකරුවන් තමන්ගේ පුසාට හොදම නළුවා වෙන්න සෑහෙන්න උපදෙස් ලබා දීලාත් තියෙනවා. ඉතින් මේ සමහර උපදෙස් නිසාම පූසෝ කිහිප දෙනෙකුට තමන්ගේ හැකියාවන් පෙන්වන්න හැකිවෙලාත් නැහැ. අවසානයේ මේ අතරින් වාසනාවන්තයින් 07 දෙනෙකු පමණක් තේරිලා තිබුණා.

මේ අවස්ථාව පසුව යම් තරමක වෙනසකට ලක් කරලා 1962 දී “Tales of Terror” කියන චිත්‍රපටයට භාවිතා කරලා තිබුනා. ඉතින් ඔබට මේ චිත්‍රපටය තුළින් එදා සම්මුඛ පරික්ෂණයෙන් සමත් වුණ පූස් නළුවෝ ටික දැක බලා ගන්නටත් හැකියාව තියෙන බව කියන්නට ඕන.

|සංජේ රණවක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *