පච්ච කොටන තායි හාමුදුරුවෝ (Photos) | Dadibidiya

පච්ච කෙටීම කියන්නේ එක්තරා කලාවක්.. ඒත් ගොඩාක් අය ඒක දිහා බලන්නේ වපර ඇසින්.. මේ කියන්න යන්නේ තායිලන්තයට ම සුවිශේෂි පච්ච කලාවක් ගැන මේක සුවිශේෂි වෙන්නේ හේතුන් දෙකක් නිසා එකක් තමයි මේ පච්ච කොටන්නේ හාමුදුරුවන් වීම, අනිත් එක කොටන පච්චය අපිට තීරණය කරන්න බැරි වීම…

මේ පච්ච කාලව ආරම්භ වෙන්නේ චීනය මූලික කරගෙන වුනත් මෙය ව්‍යාප්ත වෙන්නේ වගේ ම පිහිටන්නේ තායිලන්තය තුළ.. මේ කලාව උරුම වෙන්නේ බෞද්ධ හාමුදුරුවන්ටයි.. එකිනෙකට වෙනස් විශාල ප්‍රමාණයක පච්ච මේ කලාවේ තියෙනවා. එකිනෙකට ගොඩාක් වෙනස් වුනු රේඛා හැඩතල විශාල ප්‍රමාණයකින් අදින මේ පච්ච ගොඩාක් වෙනස් වගේ ම සිත් ගන්නා සුළුයි.. මේ පච්ච වල කොටස් දෙකක් තිබුනා එකක් සක් යන්ට් හා යන්ට් කියලා.. මේ දෙක අතර ඒ තරම් ලොකු වෙනසක් නම් නෑ. තායිලන්තයේ මේ පච්ච කොටන්න ගොඩාක් ප්‍රසිද්ධම බෞද්ධ සිද්ධාස්ථානය වෙන්නේ “වට් බන්ග් පහරා (Wat Bang Phra)” කියන පන්සල මේක තියෙන්නේ තායිලන්තයේ අගනගරය වෙන බැන්ග්කොක් සිට කි.මි.50ක් පමණ ඈතින් බටහිරට වෙන්න තියෙන නාකොන් පතොම් පළාතේ.. මම මුලින්ම කිව්වා වගේ මේ පච්ච කලාව සුවිශේෂි වෙනවා ඒ මේ හේතු නිසා,

මේ පච්ච ඇදීමට පෙර අදින පුද්ගලයාට අදින පච්චය ගැනවත් ඒක කොයි වගේද කොතනද අදින්නේ කොයි තරම් ලොකුවටද කියන දේ කතා කරන්න බෑ. මොකද මේ පච්ච තුළ ආශිර්වාදය ලැබෙන නිසා ඉතින් හාමුදුරුවන් ඒ පුද්ගලයාගේ ජිවිතය දෙස බලලා එයාගේ ජිවිතේ ට වැඩියෙන් ම ආශිර්වාදයක් ලැබෙන පච්චය තමයි අදින්නේ වගේ ම අදින තැන තීරණය වෙන්නේ.. ඉතින් ඒක නම් කුතුහලය එන දෙයක් නේද? මේ පච්ච අදින්න යොදා ගන්නේ තියුණු මුවහතක් තියෙන පුංචි තලයක් සම්බන්ධ කරලා කුඩා උණ බටයකින් සදාගන්න ලද උපකරණයකින්.. කුඩා තුවාල රාශිකයක් විදිහට තමයි මේ ඇදිම සිදු කරන්නේ. මේ පච්ච අදින්නේ ගන්නේ අනිකුත් පච්ච වලට ගන්නා තීන්ත වර්ගය නොවන අතර වෙනම වර්ගයක් ස්භාවිකව නිපදවා ගැනීමෙනි.. නමුත් ඒක හාමුදුරුවන් අතර පමණ තියෙන රහසක්…..

සක් යන්ට් (යන්ට් යනෙහි අර්ථය යන්ත්‍ර යන්නයි) වල තේරුමක් තියෙනවා. ඔයාලාගේ දෛව්‍යයට ගැලපෙන ඔයාගේ ජිවිතයට ගැලපෙන ඔයාට වැඩක් වෙයි කියලා හිතන පච්ච තමයි මේ කලාවේ තියෙන්නේ එකිනෙකට ගොඩාක් වෙනස් අර්ථයන් මේ පච්ච තුළ තියෙනවා. ගොඩාක් ඒ වගේ ම පොදු අර්ථයක් තමයි අවාසනාව, නපුරෙන් ගැලවීමට උදව් වෙනවා කියන එකයි. මේ පච්ච අදිනවට පුංචි ගාස්තුවක් ගෙවන්න ඕන, ඒත් මුදල් වලින් නම් නෙමෙයි ඇහුවොත් පුදුම වෙයි ගාස්තුව.. ගාස්තුව වුනේ මල් ටිකක්, සුවද ද්‍රව්‍ය, සිගරට් පෙට්ටියක් වගේ දේවල් තමයි ගාස්තුව වුනේ ඊට අමතරව පුළුවන් නම් ඩොලර් 3ක් තියන්න පුළුවන් තමන් කැමැති නම් විතරයි මුදල් තියන්න ඕන.. කොහොම වුනත් අද වෙද්දී මේ කලාව බැංකොක් පුරාම පච්ච කොටන තැන් වල සිදු කරනවා. ඒ නම් නිකන් නෙමෙයි තායි බාහට් වලින් 10000,15000ක මුදලක් ගෙවන්න ඕන ඒකට.. ඒත් සංචාරකයන් බොහො පිරිසක් වැඩියෙන් ම යන්නේ වට් බන්ග් පහරා පන්සලටයි..


අපි යන්ත්‍ර තඹ පත්වල ලියලා පළදිනවා වගේ එයාලා ඒක ඇගේ කොටා ගන්නවා.. මේක එක්තරා කලාවක් විතරයි.. ඔයාලා තායිලන්තයේ සංචාරය කරලා තියෙනවා නම් හරි ඡායාරූප වලින් හරි දැකලා ඇති තායි හාමුදුරුවෝ මේ පච්ච ඇගේ කොටාගෙන ඉන්නවා.. කොහොම වුනත් තායිලන්නත සංචාරයක යන්න ඉන්නවා නම් පච්ච කලාවටත් කැමැති නම් මෙන්න එකට නියම අවස්ථාවක් දැන් තියෙනවා…

-Dilee SJ (සංජේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *