Call එකක් ගද්දි Answer කරද්දි හලෝ හලෝ කිව්වට හලෝ(Hello) හැදුණ හැටි දැනගෙන හිටියද?

Hello (හලෝ)දුරකථන ඇමතුමක් ගත් සැනින් කියන වචනය තමයි මේ. ලෝකයේ අති විශාල පිරිසක් දිනපතා කියන එකම වචනයත් Hello (හලෝ) කියන වචනය වෙන්න පුළුවන්. ඉතින් ලෝකයේ බොහො⁣ දෙනෙක් හලෝ කියලා කිව්වට මේ වචනය ගැන එච්චර උනන්දුවක් නම් දක්වන්නේ නෑ.

මේ වචනයට හරි අපුරු ඉතිහාසයක් තියෙනවා. මේ ඒ ගැනයි. ඇත්ත⁣ටම “Hello” කියන්නේ ඉංග්‍රීසි භාෂාවට අලුත් වචනයක් වුනත් දුරකථන ඇමතුමක දී ඒක භාවිතයට හොයා ගන්නේ තෝමස් අල්වා එඩිසන් වීම විශේෂත්වයක්

ඒ ඔහුගේ පළමු දුරකථන සංවාදයේ දී.මේ වචනය ඉතිහාසය ඇඳි යන්නේ 19 වන සියවස දක්වා ඈතට. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ඩික්ෂනරියට අනුව 1827 තරම් ඈතට ඇත්තටම මේ Hello කියන්නේ කෙනෙකුගේ අවධානය ලබා ගැනීමට කියන වචනයක්, බොහො දෙනා එය සුබ පැතුමක් කියලා හිතුවට ඇත්තටම ඒක එහෙම නෙමෙයි. “හලෝ, ඔබට කොහොමද?..” වගේ ඒක තවත් කෙනෙකුගේ අවධානය ලබා ගැනීමට අතීතයේ දී භාවිතා වුනු වචනයක්, එඩිසන් එයාගේ දුරකථ ඇමතුම සදහා භාවිතා කරන තුරුම.

ඉතින් බොහො දෙනා විශ්වාස කරපු දෙයක් තමයි දුරකථනයේ නිර්මාතෘවරයා වුනු ඇලෙක්සැන්ඩර් ග්‍රෑම්බෙල් ගේ බිරිඳ වුනු මාග්‍රට් හලෝ නිසා මේ හලෝ වචනය හැදුනා කියලා. ඇත්ත⁣ටම ඒක අන්තර්ජාලය පුරා පැතිරෙන ඒක දුර්මතයක් විතරයි. ග්‍රෑම්බෙල් ගේ බිරිඳගේ නම වුනේ මාබෙල් හර්බඩ්.. ඒ වගේ ග්‍රෑම්බෙල් මුලින් ම දුරකථන සංවාදයේ දී කියපු වචනය වෙන්නේ “Ahoy” (අහොයි) කියන වචනයයි.

මේක ගොඩාක් නාවික කටයුතු වලදී තව කෙනෙකු ට අවධානය ලබා ගැනීමට භාවිතා කරන වචනයක් වුනා. මේ වචනයට නම් Hello කියන වචනයට වඩා වසර 100කට එහා ඉතිහාසයක් පැවතුනු බව සඳහන් වෙනවා. ඒත් බෙල්ගේ Ahoy වලට වඩා අවසානයේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ තෝමස් එඩිසන් ගේ Hello කියන වචනය වීමත් විශේෂත්වයක් වීම පුදුමයක්.

|සංජේ රණවක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *