ලංකාව කියන තනි දූපත රටවල් දෙකක් උනානම් කොහොමට තියෙයිද? ඒ අත්දැකීම ඇත්තටම අපිට මුලින්ම ලැබුනෙ මීට අවුරුදු දාසයකට කලින්.

රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා අත්සන් කරපු කොටි/ලංකා ආන්ඩුව සාම ගිවිසුමේ විදිහට 2002 පෙරවාරි මාසෙ උතුරට ගොඩබිමින් යන්න පාර ඇරිය.ඒ ඇරපු පාරෙ අද වගේ වැල්ලවත්තෙන් රෑට නගින ලක්ෂරි බස් එකේ ඒ.සී පිට නිදාගෙන ගිහින් පාන්දරට සනීපෙට යාපනෙන් බහින්න පුලුවන් කමක් තිබ්බෙ නෑ එදා.යන හැමෝම ජාති බේදයක් නැතුව වවුනියාවෙ තාන්ඩිකුලම් යුධහමුදා චෙක් පොයින්ට් එකේ නවත්තන්න ඕන.

ඉන් පස්සෙ එතනදි ගෙනියන සේරම බඩු මලු ඇදල චෙක් කරල හමුදාවෙන් අවසර අරගෙන ගිහින් ඇතුලු වෙනව පුලියන්කුලම් තාන්ඩිකුලම් අතර තියෙන නෝ මෑන්ස් ලෑන්ඩ් නොහොත් ආන්ඩු දෙකේ අතරමැදි කලාපෙට.ඒකෙ පොදු ප්‍රවාහන සේවා නෑ, අර බඩු මලු උස්සගෙන ළමයිනුත් කිහිලි ගහගෙන කිලෝමීටර් එකක් විතර පයින් ගිහින් තමා කොටි පාළන පරදේශයට ඇතුල් වෙලා උන්ගෙ චෙක් පොයින්ට් එකට එන්න ඕන ( පුද්ගලික වාහනේක ගියොත් ඔය පයින් යන දුර වාහනේම යන්න චාන්ස් එක තිබ්බ ).

ඊට පස්සෙ ආයි පුලියන්කුලමෙ අර බඩු ඇදල චෙක් කරල, සමහර ඒවට බදු ගෙවල, ඊටත් පස්සෙ කොටි පාලන ප්‍රදේශයට ඇතුල් වෙන්න මුදල් ගෙවල වීස එකකුත් අරගෙන, එතන ඉඳල කොටි ඒරියා එකේ දුවන බස් එකකට ගොඩ වෙලා ගිහින් මුහමලෙන් බහින්න ඕන.ආයි එතන චෙක් පොයින්ට් එකේ ඔක්කොම පෙන්නල, පයින් තව කිලෝමීටරයක් ගිහින් මුහමලේ පල්ලිය එහා පැත්තෙ ලංකා හමුදාවෙ චෙක් පොයින්ට් එකේ පෝළිමේ ඉඳල, ආයි බඩු පෙන්නල, යාපනේට යන්න අවසර පතක් අරගෙන එතන ඉඳල ලංගම බස් එහෙක යාපනේ යන්න ඕන.

දැන් ඔය ගමණෙදි කොයි පාලන ප්‍රදේශයකට හරි ඇතුලුවෙන්න දෙන පාස් එකක් නැති උනොත් ඌ ඉවරයි. තානාපති කාර්‍යාලයක්වත් නැති පිට රටකට ගිහින් පාස්පෝට් එක නැති කරගත්ත වගේ තමා.උතුර දකුණ අතරෙ ඔය අසීරු මගී ගමණාගමනය වගෙම තමා බඩුත්.දකුණෙන් යන සේරම තාන්ඩිකුලමෙ බානව. ඉන් පස්සෙ ඒව හමුදාවෙන් චෙක් කරල, පිටි මලුවලට කූරු ඇනල එහම බලල කොටි පාළන ප්‍රදේශවල යන ලොරි වල පටවල එහෙට යවනව.

 

මෙහෙ ලොරි එහෙ යන්නවත්, එහෙ ලොරි මෙහෙ එන්නවත් තහනම්.කෙලින්ම රටවල් දෙකක්. ත්‍රස්ථවාදීන් එක්ක සාමයෙන් මේ ගේම විසඳගන්න ගියා නං අපි අදටත් යාපනේ යන්නෙ ඔහොම තමයි.

උපුටාගැනීමකිථ- කතෘ අයිතිය මුල් හිමිකරු සතුවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *