මහා ප‍්‍රතිහාර්ය-Big Miracle ඇලෙස්කාවේ හිම දිය කෙරු මනූෂ්‍යත්වයේ කතාව

මීට හරියටම වසර 29 කට කළින් ඇලෙස්කාවේ පැවැතියේ දැඩි ශිත කාලගුණයක්.. තිබුනු පහළම උණත්වය නිසා ජලය පවා දැඩි ලෙස මිදිලා තිබුණේ වාහනයක් ගමන් කරන්න තරම් පුළුවන් විදිහට….. වසරකට සැරයක් තල්මසුන් සංක්‍රමණය වෙනවා ඒ ග්‍රීෂ්ම කාලයේ දී සෞම්‍ය දේශ ගුණයක් සහිත සාගර වලට.. ඉතින් මේ විදිහට කැල්ෆෝනියාවේ දී දකින්න ලැබෙන තල්මසුන්ද සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා..‍

රෝයි ඇහමෝගාක් එයාගේ නිවාඩු දවස් ගත කරන්නේ එයාගේ හිම බයිසකලෙන් මිදුණු හිම මත ගමන් කරමින්. මේ විදිහට දවසක් රෝයි 1988 ඔක්තොම්බර් මාසේ 07 වෙනිදා සිකුරාදා දහවල් මේ විදිහට එයාගේ හිම වාහනයේ ගමන් කරමින් ඉද්දි දකිනවා දැඩි හිම තට්ටුව එක තැනකින් පුපුරලා තියෙනවා. ඔහු එතනට යද්දී ඔහු දකින දෙයින් ඔහුට අදහා ගත නොහැකි වුනා..තල්මසුන් 3 දෙනෙක් මේ විදිහට මිදිගිය සාගරයේ එක් තැනක කොටු වෙලා ඉන්නවා. ඔවුන්ගේ ජිවිතය රැදිලා තිබුනේ මේ කැඩි ගිය අයිස් තට්ටුවෙන් එළියටවිත් ගන්න හුස්ම නිසා.

රෝයි දකිනවා තල්මසුන් දැඩි වේදනාවකින් පසු වෙනවා කියලා, තල්මසුන් ඔවුන්ගේ දැවැන්ත දෑස් වලින් රෝයි දෙස බලා සිටියා.. කැඩුණු අයිස් තට්ටුවේ හිම මිදිම ඒ වෙද්දීත් ආරම්භ වෙලා වැඩි වෙලාවක් නෑ තල්මසුන්ට හිම මිදි ගියොත් ඔවුන්ට හුස්ම ගැනීමට නොහැකි වෙනවා.. දැඩී සීතල ජලය තුළ ඔවුන් මිය යනවා… රෝයි ඉක්මණට සුදානම් වුනේ එයාගේ තාත්තාට මේ ගැන කියන්න යන්නයි. රෝයි එයාගේ තාත්තා වුනු ලොරන්ස්ට මේ ගැන කියනවා..
මේ ගැන එදා රෝයිලාගේ ටවුන්කේ හිටිය ජෙෆ් කැරොල්ට කියනවා. මේ සිදුවිම වුනේ සිකුරාදා, ජෙෆ් කියන්නේ සාගර ජීවින් ගැන පර්යේෂකයෙක්.. ජෙෆ් අගහරුවාද මේ ස්ථානයට යද්දී තල්මසුන් එලෙසම ඉන්නවා දකිනවා. ඔහු දැන ගන්නවා මේ සත්තු තුන්දෙනාට නිදහස වෙනුවෙන් ගැලවී යා හැකි බව.. නමුත් කාලගුණය දැඩි ලෙස එයට හරස් වුනා බදාදා දිනය වෙද්දී උෂ්ණත්වය ඍන 13ක් දක්වා පහත බහිනවා. ඒ කාලයේ ඔක්තොම්බර් මාසයේ වාර්තා වූ අවම උෂ්ණත්වයත් එකයි. මේ සීතල ටවුන් එකේ සිටිය පිරිස් වගේ ම මිදි ගිය ජලයේ සිර වී සිටින තල්මසුන්ට පවා සිදු වුයේ බලාපොරොත්තු සුන් වී යාමයි.
සමාන්‍යයෙන් ඇමෙරිකාවේ ග්‍රීෂ්ම කාලය එළඹෙන විට කැල්ෆෝනියා වෙරළේ සිටින තල්මසුන් උතුරු ඇලෙස්කාව දෙසට සංක්‍රමණය වෙනවා. එහදී ගැහැණු සතුන් පැටවු බිහි කරන අතර සංචාරකයන්ද පැමිණෙන්නේ මේ අවස්ථාව බලා ගැනීමටයි. දඩයම් කාරයන්ගේ ද අඩුවක් නැත.. තල්මසුන්ගේ ජිවිත වලට එල්ල වුයේ දැඩි තර්ජනයකි..

ඔක්තොම්බර් මාසේ 12 වෙනිදා ජෙෆ් උදව් ඉල්ලනවා තල්මසුන්ගේ ජිවිත රැක ගන්න වෙරළ ආරක්ෂකයන්ගෙන්. මේ අතර දී අයිස් බේකර් ( අයිස් තට්ටු කඩන නැවක්) සාගරයේ තිබෙනවා වෙරළ ආරක්ෂක ගුවන් නියමුවෙකු දකිනවා.. එයට ඇමතුමක් ලබා දුන්නත් අයිස් බිදිනය තිබුණු තැන නිසා එයට තල්මසුන් සිටි තැනට ලගා වෙන්න බැරි බව කියනවා.. මන්ද එය එම ස්ථානයෙන් ඇද ගැනීමට නොහැකි නිසා ජාතික ආරක්ෂක අංශ වලින් ක්‍රේන් හෙලිකොප්ටරයක් ඉල්ලා සිටියත් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා.. ජෙෆ් උත්සහ අත ඇරියේ නෑ. රූපවාහිනි නාලිකාවක් හා සම්බන්ධ වෙලා මේ සිදුවීම ගැන කියනවා උදව් ලැබෙයි යන විශ්වාසය මත නමුත් එයත් අසාර්ථක වෙනවා. තල්මසුන් දැඩි ලෙස විඩාබරව සිටියේය.. ඔවුන්ට හුස්ම ගැනීමට තිබූ හිඩස පවා වැසී යාමට ආසන්නව සිටියේය.. තල්මසුන් ගලවා ගැනීමට සිටි පිරිස කොහොමවත් ප්‍රමාණවත් නොවීය.. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ පිරිස් බලයයි බව එතන සිටි සියලු දෙනා කියා සිටින්නට වුනා.

මුලදී මාධ්‍ය වේදියන් මෙය නොසලකා සිටියත් එක් මාධ්‍යවේදිනයක් වූ සින්ඩි ලොව්රි මැදිහත් වෙලා මෙය සජීවි ව විකාශය කරන්න පටන් ගත්තා.. ඇයගේ කතාවේ වචන වල තිබුනේ ගැඹුරු හැගිම් බර විලාසයකි. මෙම සිදුවීමට ලැබුණු ප්‍රචාරය නිසාම බොහො පිරිසක් තල්මසුන් සොයාගෙන ඇලෙස්කාවට පැමිණියේ තල්මසුන් වෙනුවෙන් කළ හැකි දේවල් කිරීමටයි..

සැලසුම් කිහිපයක් ම උත්සහ කළ නමුත් ඒවා අසාර්ථකත්වයට පත් විය. අවසානයේ සැලසුමක් සුදානම් කෙරුණි. ඒ තල්මසුන් සාගරය දෙසට පිහිනා යෑමට සැලැස්වීමයි.ඒ සදහා අයිස් තට්ටුවේ කුට්ටි කපා තල්මසුන්ට හුස්ම ගැනීමට හැකි ලෙස සැදූවේ ය.. එක් කොටසක් කැපීමෙන් පසුව තල්මසුන් එයට ජලය යටින් ගෙන්වා ගැනීම සිදු කළ යුතුය. බොහො දෙනා නොඉවසිල්ලෙන් බලා සිටියේය..

අවසානයේ සැලැස්ම සාර්ථක විය. එලෙස කොටු සාගරය දක්වා කැපීම සිදු කළේ ය. කපන කොටු වල අයිස් නොබැදි තබා ගැනීමට නිතර කටයුතු කිරීම නිසා කටයුත්ත තරමක් අපහසු විය. තල්මසුන් තිදෙනාට ඒ වෙද්දීත් නම් තබා තිබුණි ඒ පුටු, සිකූ, කනික් යන නම්ය. ඒ නම් වල අර්ථය වුනේ අයිස් සිදුර, අයිස් හා හිම පියලි යන්නයි. මේ අතරින් පොඩි තල්මසෙකු සිටියේය.. ඔහුට බොනී ලෙසද හැදින් වුනා.. හිම මත නිතර ගැටීම නිසා බොනීගේ මුහුණේ ඉදිරිපස තුවාල වෙලා තිබුනේ, බොනීගේ තත්ත්වය නරක අතට හරුනා නියුමෝනියා තත්ත්වයක් පෙළුනා…

විශාල ක්‍රියාදාමයකින් පස්සේ සාගරය ආසන්නයට පැමිණෙන්න මේ පිරිස සමත් වෙනවා. අවසාන දුර වුයේ සැතපුම් 6කි. බොනීගේ තත්ත්වය තවත් නරක අතට හැරුණි.. අවසාන දුර වුයේ අඩි 35ක පමණ දුරකි.. තල්මසුන්ට තවත් දුර යා නොහැකි තරමට වෙහෙස ඇති වී තිබුණි.. කපා ඉවත් කළ නොහැකි විශාල අයිස් තට්ටුවක් ඉදිරියෙන් තිබුණි.. සමහර අය පුපුරුවා හැරීමට කටයුතු කිරීමට සුදානම් වුවත් එය භයානක නිසා අත් හැර දැමීමට කටයුතු කළේය.ඔක්තොම්බර් 28 වෙනිදා අවසන් දවසේ ඇති වූ තිබුනු අවස්ථාවේ උදව්වට පැමිණියේ සෝවියට් සංගමය සතු දැවැන්ත අයික් කඩන යාත්‍රාවක් වන Vladimir Arseniev .. නෞකාව සිදු කළේ නිර්භිත ක්‍රියාවකි. නෞවකාවේ උපරිම වෙර දරා දැවැන්ත අයිත් තට්ටුව මත ගැටීමක් ඇති කළේ ය. අයිස් තට්ටුව බිදි ගියේය. සීතල භූමිය පුරා ඇසුනේ ඔල්වරසන් හඩ හා ජයග්‍රහණයේ ප්‍රීතියයි.. තල්මසුන්ට අවසානයේ නිදහස ලැබුණි.

නමුත් එක් බොනී පුංචි තල්මහට මේ ගමන අවසන් කිරීමට නොලැබුණි. මේ තල්මස් පැටවා ඔක්තොම්බර් 21 වෙනිදා ජිවිතයෙන් සමු ගත්තේ රෝගී තත්ත්වය උත්සන්න විමෙනි. කොහොම වුනත් අවසානයේ ස්වේඡා සේවකයන් 100 දෙනෙකු හා දැවැන්ත හිම කඩන නෞකාවේ සහය ඇතිව ඉතිරි වූ තල්මසුන් දෙදෙනාගේ ජිවිත ගලවා ගැනීමට සමත් විය… ඒ ඇලෙස්කාවේ හිම දිය කෙරු මනුෂ්‍යත්වයේ කතාවයි.. පසුව මෙය ‘Big Miracle’ නමින් චිත්‍රපටයකට ද නැගුණි

Dileepa SJ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *