සමාජජාළ තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වුණ ඇල්බට් අයින්ස්ටයින්ගේ අමුතුම විහිලූ සහගත ඡුායාරූපය පිටුපස සැඟවුණ කතන්දරය මෙන්න

අයින්ස්ටයින්ගේ මේ ඡායාරූපය නොදුටු කෙනෙක් නැතුව ඇති..

ඒත් මේ ඡායාරූපය පිටිපස්සේ හරි අපුරු කතාවක් තියෙනවා කියලා දැනගෙන හිටියාද? මේ ඒ කතාවයි.1951 මාර්තු 14 වෙනිදා ඇල්බට් අයින්ස්ටයින්ගේ 72 වෙනි උපන්දිනය යෙදී තිබුනා ඒ Princeton වලදි වැඩි දෙනෙකුට ආරාධනා කරලා තිබුනේ නැති වුනාට විශේෂිත ආරාධිත අමුත්තන් පිරිසක් මේ සදහා ඇවිත් හිටියා.. ඒත් මහාචාර්යතුමා හීනයකින්වත් හිතපු නැති දෙයක් තමයි මේ උත්සවය අවසානයේ වුනේ.. මහ විද්‍යාඥයෙකු ලෝකය ඉස්සරහ විකාරයක් වුනා කියලා කිව්වොත් නම් හරි.

එදා United Press International (UPI) වාර්තා කරුවෙකු වුනු ආතර් සැසෙස් ට මේ උත්සවයෙන් පස්සේ පුවත් සදහා ඡායාරූපයක් ගැනීම භාර වෙලා හිටියේ.. ඔහු අවස්ථා කිහිපයක දීම උත්සහ කරත් හොදම ඡායාරූපයක් ගන්න බැරි වුනා. උත්සවය ඉවර වෙලා මහාචාර්යතුමා Institute for Advanced Study හී හිටපු ප්‍රධානී වන ආචාර්ය ෆ්‍රෑන්ක් අයඩෙලට් හා ඔහුගේ බිරිද සමග වාහනය නවතා තිබූ තැනට ආවා. ඒ අවස්ථාවෙත් ඡායාරූපයක් ගන්න අාතර් උත්සහ කරාත් බැරි වුනා.. මොකද පිරිස ඔවුන්ව වට කරගෙන හිටියේ.. තුන්දෙනා වාහනය තුළට නැග්ගා ආචාර්යතුමාගේ බිරිද පසු පස අසුනටත් මහාචාර්යතුමා හා ආචාර්යතුමා ඉදිරි අසුන් වලට වාඩි වුනා.. මහාචාර්යතුමා ඒ වෙලාවේ රියදුරු අසුන පැත්තට හැරිලා හිටියේ.. ආතර් මේත තමයි අවස්ථාව කියලා එතනට ගිහින් ” මහාචාර්යතුමා හිනා වෙන්න උපන්දින ඡායාරූපයට” කිව්වා.. අයින්ස්ටයින් මාධ්‍යවේදියාට විහිළුවක් කරන්න හැදුවා.. නමුත් එදා නම් වැඩේ වැරැදීලා ගියා.. අයින්ස්ටයින් අනිත් පැත්ත හැරුණු ගමන් දිව දික් කරා.. අයින්ස්ටයින්ට වැටහීමක් තිබුනේ නැතුව ඇති ඡායාරූප ශිල්පියා කොයි තරම් වේගවත් වෙයිද කියන එක ගැන. ඡායාරූපය ආතර්ගේ කැමරාවේ සේයා පට අතර රැදුනා..

එදා ආතර් ඡායාරූප පිරිසිදු කරන වෙලාවේ තමයි මේක දැක්කේ් ඔහු වාහම තමන්ගේ දෙවන සංස්කාරකවරයාට මේ ඡායාරූප පෙන්නුවා.. මේක වටිනා වස්තුවක් වගේ නමුත් ප්‍රධාන සංස්කාරකවරයා මේකට කැමැති වුනේ නෑ.. නමුත් කොහොම හරි අවසානයේ මෙය පුවත් පතේ පළ වුනා. ඒ “nutty professor” ( විකාර මහාචාර්යතුමා) කියන සිරස්තලය ඇතුව.. ඉතින් මේ ඡායාරූපය අයින්ස්ටයින්ගේ සියලු ඡායාරූප අතරින් ලෝක ප්‍රසිද්ධම ඡායාරූපය හා වැඩිම ජනප්‍රියතාවයට පත් වුනු ඡායාරූපය වුනා.. අයින්ස්ටයින් හිටියෙත් සතුටින් ඒ ගැන…

ඔහු මේ ඡායාරූප ශිල්පියාගෙන් ඒකේ පිටපත් ටිකක් ඉල්ල ගත්තා.. ඉන් එකක් අයින්ස්ටයින්ගේ අත්සන යොදලා ඡායාරූප ශිල්පියාට ලබා දුන්නා.. ඉතිරි එවා ඔහුගේ මිතුරුන්ට විහිළු පණිවිඩ ලියලා තැපැල් කරපු බව වාර්තා වෙනවා. මෙහි ප්‍රධාන මුල්ම ඡායාරූපයේ ෆ්‍රෑන්ක් අයඩෙලට් හා ඔහුගේ බිරිද සිටි නමුත් මහාචාර්යතුමා විසින් ම අය කපා ඉවත් කරනවා… 2009 ජූනි 19 වෙනිදා මුල් පිටපත ඇමෙරිකානු ඩොලර් 74,324 තරම් වාර්තා ගත මුදලකට වෙන්දේසි වුනා..

-Dilee SJ (සංජේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *