මම තිරණයක් ගත්තා මගේ වේදනවා අමතක කරලා තරගය ඉවර කරන්න, ලොවක් සංවේදී කළ ධාවන ශූර ඩෙරික්ගේ කතාව

ඩෙරික් රෙඩ්මන් බ්‍රිතාන්‍යයේ මීටර් 400 ජාතික වාර්තාවට හිමිකම් කියන්න.. විශාල වේගයක් ඔහු සතුව තිබුනා. නිතර පුහුණු වීම උනන්දුවත් එක්ක ක්‍රීඩා විචාරකයන් පවා කිව්වේ 1992 බාසිලෝනා ක්‍රීඩා උළෙල කියන්නේ ඩෙරික් ලෝක වාර්තාවක් තියෙන ඉසව්වක් වෙයි කියලා.. කොහොම වුනත් එද නොසිතපු දෙයක් සිද්ධ වුනා… මේ ඒ කතාව ඩෙරික් ලෝකයට කියපු විදිහයි…

“මම මගේ මංතීරුවේ ස්ථානය ගන්නකොටත් මං හොදින් හිටියා..වතාවක් සැත්කමක් කරලා මම අවුරුදු 04 දී සැත්කම් 08කට මුහුණ දුන්නා. මට ක්‍රීඩාවෙන් අයින් වෙන්න සිද්ධ වුනා.. ඒත් මම ආයේ ආයෙත් පුරුදු වුනා.. ආයෙත් තරග කරා. මං දිව්වේ නිකන් හරිම පහසුවෙන්.. පළවෙනි හිට් එකෙන් ම මම වේගවත් ම කාලය වාර්තා කරා.තුවක්කුවේ හඩ හැම වෙලාවක මට හොද ආරම්භයක් අරන් දුන්නා….මම ආරම්භයේ දී ඉතා පහසුවෙන් දුවන්න පටන් ගත්තා. මට ශබ්දයක් ඇහුනා. මම ඒත් ටිකක් දුර දිව්වා එක් පාරම මට දැඩි වේදනාවක් ආවා. කාරු හරි මගේ කකුලට වෙඩි තිබ්බා වගේ……..”

ඩෙරික්ගේ කකුලේ නහරයක් අභ්‍යන්තරයෙන් හානි වෙලා තිබුනේ.. ඒක බරපතල අවස්ථාවක් වුනා කිව්වොත් නම් හරි.. ඩෙරික් ට තිබුනු එකම දේ තරගය නවත්තන එක.. ඒත් ඩෙරික් නැවතුනේ නෑ…”මම කකුල ඇදගෙන ඉස්සරහට යන්නයි හැදුවේ. ඒත් කාරු හරි හොද රත් කරපු පිහියක් අරගෙන මගේ කකුලේ පිටි පස්සට ඇනලා ඒක කරකවනවා වගේ දැනුනා.. මම කකුල ඇදගෙන ගියා.. තව අඩි කිහිපයකට පස්සේ මාව ඇදගෙන වැටුනා බිමට…..”

ඒ අවස්ථාවේ එතන සිටි සියලු වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් ඩෙරික් ළගට දුවගෙන ආවේ ඩෙරික්ගේ ගමන නවත්තන්න.. ඔහුට ඉක්මණ් ප්‍රතිකාර අවශ්‍යයි.. නමුත් ඩෙරික්ව කාටවත් නවත්තන්න නම් බැරි වුනා… මේ අතර එක් පුද්ගලයෙක් ප්‍රේක්ෂකාගාරය තුළ ආරක්ෂක නිලධාරීන් සමග රණ්ඩු වෙමින් සිටියා….

” මට හිතා ගන්න බැරි හැමදෙයකටම පස්සේ මාව ඇදගෙන වැටුනු තැන ගැන.. මම වැටිලා හිටිය තැන ඉදන් බැලුවා මට යන්න තිබුනේ තවත් මීටර් 100ක වගේ දුරක් විතරයි. මම දැනන් හිටියා මගේ තියෙන දක්ෂතාවයත් කාල වාර්තාවත් නිසා තවමත් මට මේ තරගය දිනන්න පුළුවන් කියලා….
සියලුම වෙද නිලධාරීන් මංතීරුවට ආවා, ඔවුන් මගේ ගමන නවත්තලා මාව ඉවත් කරන්නයි උත්සහ කරේ.. මම බොහොම අමාරුවෙන් ආයෙත් බැලුවා ඉදිරිය අනිත් ක්‍රීඩකයන් තරගය ඒ වෙද්දී අවසන් කරලා.. මම තීරණය කරා මගේ වේදනවා අමතක කරලා තරගය ඉවර කරන්න, මම තිරණයක් ගත්තා…. මම ආයෙත් නැගිටලා දුවන්න ගත්තා……..” තවත් මිටර් 50ක් පමණ යන විට ඩෙරික් නැවත ඇදගෙන වැටුනා..මේ අතර පුද්ගලයෙක් අනවසරයෙන් පිටියට පැන ඩෙරික් හිටපු පැතට දුවගෙන එන්න පටන් ගත්තා.. ආරක්ෂක නිලධාරීන් ඔහුව නවත්තන්න හැදුවේ නෑ.. මොකද මේ දුවගෙන එන පුද්ගලයාට විතරයි හැකියාවක් තිබුනේ ඩෙරික් ව නවත්තන්න.. ප්‍රේක්ෂකාගාරය තුල පැවැතියේ දැඩි නිහඩතාවයක් සමහර අය තමන්ගේ අසුන් වලින් නැගිට බලා සිටියා…….

” ඩෙරික්, මේ මම, ඔයා මේක කරන්න ඕන නෑ…..” දුවගෙන ආපු පුද්ගලයා ඩෙරික් ට කිව්වා….”මට හිතා ගන්න බැරි වුනා ඒ කවුද කියලා. මම වේදනාවෙන් හිටියේ ඒත් මම බැලුවා, මගේ තාත්තා මාව අල්ලගෙන පිටි පස්සේ ඉදන්.. මම ඒ වෙලාවේ කිව්වා, තාත්තා මට මේක ඉවර කරන්නයි, මට අර්ධ අවසන් පුර්වට වටයට යන්න විතරයි” තාත්තා ඒ වෙලාවේ ඩෙරික් ට හරි අපුරු දෙයක් කිව්වා… ” හරි, අපි දෙන්නම මේක පටන් ගත්තා, දැන් අපි දෙන්නම එකතු වෙලා මේක ඉවර කරමු……..”තාත්තා කිව්වා ඩෙරික් ට අපි දුවන්න ඕන නෑ, අපි ඇවිදගෙන යමු කියලා.. තාත්තා ඩෙරික් ට කියනවා “ඔයා තමයි චැම්පියන්, තවත් ඒකේ ඔප්පු කරන්න දෙයක් නෑ…..”

“අද මට වේදනාවක් නෑ තරහක් නෑ, අද මං දිහා ඔලිම්පික් කමිටුවත් බලාගෙන ඉන්නවා.. මට ඕන වුනේ නෑ එයාලා මං දිහා බලන්නේ නැතුව ඉන්නවා දකින්න.. මට තවත් වේදනාවක් තිබුනේ නෑ….. මම අවුරුදු 07 දී ආරම්භ කරපු ජිවිතේ මට දැන් සමු දෙන්න වෙනවා.. එදා ප්‍රේක්ෂකාගාරයේ 65,000කට අධික පිරිසක් පැමිණ සිටියා ඔවුන් සියලු දෙනාම අසුන් වලින් නැගිටලා මාව දිරිමත් කරා.. මට තවත් වාර්තා කරන්න දෙයක් නෑ… අපි තරගය අවසන් කරා…..”

ඩෙරික් ට එදා ඕන වුනේ නෑ එයාගේ නම ඉස්සරහ “DNF” (Did Not Finish) කියලා දා ගන්න.. ක්‍රීඩා කරන කිසිම කෙනෙක් එක කරන්න කැමැති නෑ.. ඩෙරික් ට ඕන වුනේ “DNS” ( Did Not Start) කියන දේ දාගන්න මොකද ඒක ගෞරවාන්විතයි ක්‍රීඩකයෙකුට.. අද වෙද්දි ඩෙරික් එයාගේ මළල ක්‍රීඩා ජිවිතයට සමු දීලා හිටියත්, එයාගේ ජිවිත ගමන නැවතිලා නෑ.. ඔහු අද බාස්කට්බොල් ක්‍රීඩා කරනවා, සාර්ථක ජිවිතයක් ගත කරනවා.. ඩෙරික් කියනවා එදා 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙල එයාගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරපු බව… තාත්තා කෙනෙකුගේ සෙනෙහස නියම ක්‍රිඩකයෙකුගේ ගතිගුණ ක්‍රීඩාවේ පවතින මනුෂ්‍යත්වය වගේ බොහො දේ එදා බාසිලෝන ධාවන පථය තුළ දකින්න ලැබුනා.. අද ලෝකයේ මානව හැකියා සංවර්ධනයේ දී ඩෙරික්ගේ කතාව කියලා දෙනවා.

ජිවිතේ අපි වැටෙන්නේ අපි නැගිටින්න ඕන නිසා, ඒ වැටුනු විදිහට නෙමෙයි ආයෙත් ජිවිතේ ට නොවැටෙන්න ඉගෙන ගන්න ඕන නිසා.. තමන් අසාර්ථක වු පමණනි ජිවිතේ ම අත අරිනවා නම් අද ලෝකයේ විශිෂ්ඨ නිර්මාණ මේ වගේ විශිෂ්ඨ චරිත බිහි නොවෙන්න තිබුනා.. මේ කතාවෙන් සපයන්නේ ඒ ආදර්ශයයි

-Dilee SJ (සංජේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *