ලෝකෙ ක‍්‍රිකට් තිබෙන තාක් කල් උඹල හතර දෙනාව හැමෝටම මතක තියේවි සුභ ගමන් මහත්වරුනි

පොඩ්ඩක් නැවතිලා කියවන්න…ICC_එක්දින_ලෝක_කුසලානය_2019 දැනටමත් මේක ගැන ගොඩක් අනාවැකි කියවිලා ඉවරයි…හැබැයි මේ කියන්න යන්නෙ අනාවැකියක් නෙමෙයි..පුරාවෘත්ත හතරක් ගැන…කවදාවත් ලෝකෙ කිසිම ක්‍රීඩකයෙක්ට සම කරන්න බැරි…මහත්මාවරුන්ගේ ක්‍රීඩාවේ නියම මහත්වරුන් හතර දෙනෙක් ගැන…

කොදෙව් දැවැන්තයා

ක්‍රිස් ගේල්…ඒ නම ඇහුව ගමන්ම මතක් වෙන්නෙ කළු දැවැන්ත දේහදාරී ක්‍රීඩකයෙක්.පන්දුයවන්නන්ට ගේල් භීතිකාවක් තිබුණා..Powerplay ඕවර්ස් වල බෝල් කරන විදිහ ගැන පන්දුයවන්නන්ට දෙපාරක් හිතන්න සැලැස්සුවෙ උඹ.උඹේ බැට් එක ලී කෑල්ලක් වනනවා වගේ එහෙට මෙහෙට වනද්දිඒකෙ වැදුන ග්‍රෑම් 450ක් බර බෝලෙ ගල් කැටයක් වගේ හතර අතට පාවෙද්දිඋඹේ රටේ උන් තරම්ම අපිත් සතුටු වෙන්න ඇති IPL , International , CPL කියල වෙනසක් නැතුව අපි උඹ ගහනව බලන්න ආස කරේ ඒකයි මිත්‍රයා…උඹ RCB ටීම් එක වෙනුවෙන් ගහපු ඒ 175 මට තාමත් මතකයි….මං මෙතෙක් දැකපු හොඳම t20 ඉනිම ඒක…ඒක කඩන එක අමරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්…2019WC එකෙන් පස්සෙ උඹ සමුගනීවි..උඹේ පාරවල් හැමදාටම බෝලර්ස්ලට මතක තියේවි…ඒ පාරවල් වල සැර හැමදාටම බෝලෙට මතක තියේවි…ඒ පාරවල් වල උස , දිග බලන් හිටපු උන්ට මතක තියේවි…ඒ ඔක්කොටම එහා ගිය.. හැමතිස්සෙම හිනාවෙන ඒ සොඳුරු ප්‍රහාරකයව මුළු ලෝකෙම ඉන්න ක්‍රික⁣ට් පිස්සන්ට මතක තියේවි…..හැමදාටම..උඹට සුභ ගමන් මිත්‍රයා…..

කැප්ටන් කූල්

ඉන්දියාවෙන් බිහිවෙච්ච සුපිරිම කඩුළු රකින්නා…සුපිරිම නායකයා…සුපිරිම තරඟ අවසන් කරන්නා…MSD…සුපිරි නායකත්වයක්…පට්ට බැට්ස්මන් කෙනෙක්…අකුණු වගේ කීපින්..උඹ අපේ ටීම් එක එක්ක සෙල්ලම් කරද්දි පෙන්නන්න බැරි උනත් අමතක කරන්නම බැරි චරිතයක්…එක්දින පිටියේ වැඩිම නොදැවීම් ගණනකට හිමිකම් කියන ක්‍රීඩකයා…උඹව අවුට් කරන්න බෝලර්ස්ල කොච්චර කට්ටක් කන්න ඇත්ද…උඹ මැච් කීයක් නම් දිනවල දීල ඇත්ද..
අදටත් ඕනම වෙලාවක ග්‍රවුන්ඩ් එකෙන් එලියට යන්න හයක් ගහන්න උඹට පුළුවන්…උඹටම ආවේණික හෙලිකෝප්ටර් ශොට් එක…ඒ හැමදේම නිසා තමයි අපි උඹට මෙචචචර ගරු කරන්නෙ ….උඹ යන දවසට ඉන්දියාවක් අඬාවි…ලෝකයක් අඬාවි…හැම ක්‍රිකට් පිස්සෙක්ටම දුක හිතෙන දවසක් වේවි….ඒ ව⁣ගේම එම්. එස්. දෝනි කියන නම හැමදාටම හැමෝටම මතක තියේවි….ඉතින් ආයුබෝවන් මිත්‍රයා..

අවාසනාවන්තයා

උඹ අවාසනාවන්ත වෙන මුකුත් නිසා නෙමෙයි..හැමදාම හොඳම ටීම් එකක් එක්ක WC එකකට ගියත් කවදාවත් Semi Final එකෙන් එහාට යන්න වෙන්නැති නිසා…උඹ කොච්චර කැපකිරීම් කරත් අවාසනාව උඹට හිනාවෙන නිසා…ජීවිතේ පළවෙනි වතාවට ⁣ලංකාව හැර වෙන ටීම් දෙකක මැච් එකක් බලල ඇඬුවෙ 2015WC එකේදි නවසීලන්තෙට Semi final පරාද වෙලා උඹ අඬනව දැකපු දවසෙ…ලෝකෙ ගොඩක් අයට නම් දෝනි තමයි බෙස්ට් ෆිනිෂර්..
හැබැයි මට නම් ලෝකෙ හොඳම ෆිනිෂර් උඹ…උඹ West Indies ලට බෝල් 44ට ගහපු 144 මං දැකපු හොඳම එක්දින ඉනිම් වලින් එකක්…උඹම හදාගත්තු #AB_360° ශොට් එක ගහද්දි අපි කට ඇරගෙන බලන් හිටියෙ කොහොම මෙව්ව ගහනවද කියලා….මොන දේ උනත් හිනාවෙලා ඉන්න ක්‍රීඩකයො අතලොස්සෙනුත් ඉස්සරහින්ම ඉන්න එකෙක් උඹ…දකුණු අප්‍රිකාව බිහිකරපු සුපිරිම නායකයෙක්..තාප්පයක් ගැහුව වගේ ෆීල්ඩින් එකක්…
බෙස්ට් ෆිනිෂර්..strike rate එක 100+ ති⁣යාගෙන ,ODI ranking වල 1ට ආපු එකම බැට්ස්මන් උඹ..ඒකයි උඹේ විශේෂත්වය..ගොඩක් උන් Kohli නිසා RCB ලගෙ මැච් බලද්දා මං හැමදාම උන්ගෙ මැච් බැලුවෙ උඹයි ගේලුයි හින්දා….උඹේ පවර් හිටින් වලට මං පිස්සෙක් වගේ ආසයි…ඇත්තටම උඹ යන එක ගැනනම් දුකයි මිත්‍රයා..අනිත් දෙන්නටම වඩා…උඹ නැති අඩුව නම් ක්‍රිකට් වලට හැමදාටම දැනේවි…මුළු ලෝකෙටම දැනේවි..උඹේ බැට් එකෙන් ගුටිකන බෝලෙට ඒක ටිකක් වැඩිපුරත් එකක් දැනේවි…උඹටත් සුභ ගමන් මිත්‍රයා…

රත්ගම වැල්ලේ දඩබ්බරයා

පාට කරපු කැරලි කොණ්ඩයක්…අත පුරා පච්ච…අත හරහට කරකවල බෝල් දාන පිස්සු කොල්ලෙක්…මුල් කාලෙ හැමෝටම එහෙම හිතෙන්න ඇති..
ඒත් උඹ තාමත් එහෙමමයි..හැබැයි මුළු ලෝකෙම උඹට ආදරෙයි…ඩෙප්ත් බෝලින් කියන එක ඩෙත් බෝලින් ( මරණිය පන්දු) කියල වෙනස් කරේ උඹ…
ලෝකෙට අලුත් විදිහක්…අලුත් ආතල් එකක් ගෙනාවෙ උඹ….උඹේ යෝක්ර් එකට බැට්ස්මන්ල කීයක් නම් වැටිල ඇත්ද..උන් වැටෙනව බලල අපි කොච්චර සතුටෙන් කෑ ගහල ඇත්ද…යෝකර් කින්ග්…..කට්ටියක් කියන විදිහට බුම්රා තමයි යෝකර් කින්..හැබැයි උන්ට අමතකයි ඕවරේකට නෝ බෝල් එකක් අනිවාර්යෙන් දාපු මැද කොටල බවුන්සර් දදා හිටපු ඌව හදල ගත්තෙ මාලි කියල…පිට පිට විකට් හතරක් ගත්තු ලෝකෙ එකම පන්දු යවන්නා..
අයිපීඑල් තරඟවල වැඩිම කඩුලු ලාභියා..වැඩිම අන්තර්ජාතික කඩුලු ත්‍රිත්ව ලාභියා…ඔව්…ඒ තමයි උඹ….අපේ එකා…උඹේ දක්ෂතා කලින් ට වඩා අඩුයි තමයි..
හැබැයි අනිත් උන් එක්ක බලද්දි උඹ තාමත් ගව් ගානක් ඉස්සරහින්….උඹ ලංකාවෙ ක්‍රිකට් වලට ගොඩක් දේවල් කරපු එකෙක් මාලි…උඹට අයිතියක් තියෙනව වීරයෙක් විදිහට සමුගන්න…වෙන කවුරු නොවුනත් උඹ නම් ඇත්තටම පුරාවෘත්තයක් වේවි…උඹ යන දවසට ලංකාවෙ හැම මනුස්⁣සයෙක්ම අඬාවි…

වෙන කවුරු සමුගත්තටත් වඩා උඹේ සමුගැනීම අපිට තදටම දැනේවි බං..උඹේ බෝල් නිසා වැටෙන බැට්ස්මන්ලට..උන්ගෙ සපත්තුවලට ඒක වැඩිපුරම දැනේවි..අනිත් හැම එකක්ම ලිව්වට මේක ටයිප් කරද්දි උඹ කවදහරි යනව නේද කියල දැනුනම අත හිරිවැටිල ගියා මිත්‍රයා…ඒ තරමට අපි උඹට ආදරේ ඇති…
මේ ⁣රටේ මිලියන විස්සකගෙ පපුව ඇතුලෙ කොහේ හරි තැනක ලසිත් මාලිංග කියන නම ඇති..ඒක හැමදාටම ඒ විදිහටම තියේවි…ඒකෙ සැකයක් නෑ…යෝකර්_අධිරාජ්‍යයේ_ඔටුනු_පලන්_මහ_රජුනි…ඔබට සුභ ගමන්……

WC එකෙන් පස්සෙ තව අය සමුගනීවි ඒත් උඹල හතර දෙනාගෙ අඩුව හොදටම දැනේවි….හැමෝටම ක්‍රිකට් ගහන්න බෑ..ක්‍රිකට් ගහන හැමෝම දක්ෂ නෑ..
දක්ෂයො හැමෝම වීරයෝ වෙන්නෙ නෑ….ඒකයි උඹල හතරදෙනා විශේෂ…උඹල හතරදෙනාම පුරාවෘත්තයක් වේවි…කාටවත් වෙනස් කරන්න බැරි…

ලෝකෙ ඉන්න හැම ක්‍රිකට් පිස්සෙක්ගෙම හදවතේ තැනක උඹල හතර දෙනාට පොඩි හරි ඉඩක් අනිවාර්යයෙන්ම ඇති..ඉතින්…ස්තූතියි..
අපිව සතුටු කරාට…අපිව ක්‍රිකට් වලට ඇබ්බැහි කරාට..අපේ පුංචි කාලෙ ලස්සන කරාට…

ලෝකෙ ක්‍රිකට් තිබෙන තාක් කල් උඹල හතර දෙනාව හැමෝටම මතක තියේවි….සුභ ගමන් මහත්වරුනි….#Respect_Gentlemen_

උපුටාගැනීම :- Chamindu Gihantha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *