මේ දිනවල ලංකාවේ ජනප‍්‍රියම කූඹියෝ ටෙලි නාට්‍යය අළලා පරිගණක ක‍්‍රීඩාවක් එළි දැක්වීමේ සූදානමක්

කූඹියෝ මේ දිනවල ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ටෙළි නාට්‍යයක් කිව්වොත් නිවැරදියි.ලක්මාල් ධර්මරත්න සහ ධර්ම චන්දුරත්න දෙපළගේ උත්සහයෙන් හැඩවුණ මේ ටෙලි නාට්‍යය IMDb Highest Rated Crime TV Series අතර පළමු ස්ථානයද දිනාගෙන සිටිනවා.

ලංකාවේ රැල්ලට යමින් තිබූ ටෙලි නාට්‍ය කළාව වෙනස්ම මඟකට යොමු කරවන්න මේ ටෙලි නාට්‍යය දක්වපු මෙහෙය අතිවීශාලයි.

කෙසේ හෝ තවමත් විකාශය වන මෙම ටෙලි නාට්‍යය අළලා පරිගණක ක්‍රීඩාවකුත් නිපදවීමේ සූදානමක් පවතින බවටයි ආරංචි වන්නේ.ලංකාවේ Kodex ආයතනය මූලිකත්වයෙන් සිදුකරනු ලබන මෙය තාම එළි දක්වා නැති නමුත් එහි පූර්ව ප්‍රචාරක පටයක් මේ වනවිට නිකුත් කරලා තියෙනවා.

කෙසේ හෝ මීට කළින් ලංකාවේ නිපදවූ කංඡායුධය ක්‍රීඩාවට වඩා වැඩි ප්‍රේක්ෂක ඉල්ලුමක් මේ සඳහා ලැබෙනු ඇති කියායැයි අපි විශ්වාස කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *