බොරු චෝදනා ඉදිරිපත් කරමින් පුද්ගලයෙක්ට පහර දුන් සුරාබදු නිලධාරීන්

මාදම්පේ සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දුම්මලසුරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අතින් පයින් පහර දෙන දර්ශන සහිත වීඩියෝ පටයක් පසුගිය දිනවල අන්තර්ජාලය තුළ හුවමාරු උනා. මෙම පහරදීම සිදු වී ඇත්තේ පසුගිය දහනව වන දින පස්වරුවේදීය.

මේ පහර දීම සිදු කරන අවස්ථාවේ සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ගල්මුරුව ප්‍රදේශයේ කම්හල් කාර්මිකයකු වන එස්. ආර්. සෙනෙවිරත්නගෙන් මේ පිළිබදව කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මත්පැන් පානය කර නිවස බලා යමින් සිටියදී සුරාබදු නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන මත්පැන් බෝතලයක් ළග තබා ගත් බවට බොරු චෝදනාවක් ඉදිරිපත් කරමින් නඩුවක් පැවරු බවයි . තමන් අත්අඩංගුවට ගෙන පහරදුන් බවද පැවසූ ඔහු, ඒ අවස්ථාවේ සුරාබදු නිලධාරීන් එක්ව තවත් පුද්ගලයෙකුට බරපතළ ලෙස පහර දුන් බවද පැවසිය.

මේ පිළිබදව මාදම්පේ සුරාබදු ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේදී කියා සිටියේ සුරාබදු නිලධාරීන් දුම්මලසූරිය ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ සුළු සිදුවීමක් වී ඇති බවයි. මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

එම අවස්තාවේ වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *