ශ්රී ලංකාව සහ බංගලිදේශය අතර තරඟ 2කින් සමන්විත වූ T20 තරඟාවලියේ දෙවන තරඟයත් විශිෂ්ඨ ලෙස ජයගනිමින් කාලෙකට පසු T20 තරඟාවලි ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් උනා.පළමු තරඟයත් විශිෂ්ඨ ලෙස හඹා ගොස් ජයගත් ශ්රී ලංකා කණ්ඩායම දෙවන තරඟයේ කාසියේ වාසිය පරාද වුවද පළමුව පන්දුවට පහර දී පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් උනා.එහිදී ශ්රී ලංකා ඉණිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂක් ගුණතිලක පිලිවලින් ලකුණු 70ක් සහ ලකුණු 42ක් ලබා ගැනීමට සමත් උනා.කුසල් මෙන්ඩිස් පිටපිට තරඟ දෙකකදී අර්ධ ශතක වාර්තා කිරීම මෙහිදී කැපී පෙනුනා.
ඉන් අනුතුරුව පිටියට පැමිණි තිසර පෙරේරාද වේගවත් ලකුණු 31ක් කන්ඩායම වෙනුවෙන් ලබා දීමට සමත් උනා.ඉන් අනතුරුව පිටියට පිවිසි දසුන් ෂානක සහ උපුල් තරංගේ වේගවත් ලකුණු රැස් කිරීම හමුවේ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ විශාල ලකුණු 210ක් රැස් කිරීමට හැකි උනා.
ඉන් අනතුරුව ජයග්රාහී ලකුණු 211 ඉලක්කයක් හඹා ගිය බංගලිදේශ කන්ඩායමට පන්දුවාර 18 පන්දු 4ක් අවසානයේ සියලු දෙන රැස්කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණිගඒ අනුව ලකුණු 75කින් මෙම තරගය මෙන්ම තරඟාවලි ජයක් ලබා ගැනීමට හ්රී ලංකා කණ්ඩායමට හැකි උනා.
කෙසේ හෝ කාලෙකට පසු ලැබූ මෙම T20 තරඟාවලි ජයත් සමග බුකිය ප්රීතියෙන් පිනා ගියේ මෙන්න මෙහෙමයි