අමතක නොවන ක‍්‍රිකට් පාඩමක් බංග්ලාදේශයට උගන්වමින් ශ‍්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය ජයගත්තේ් මෙහෙමයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි.දින දෙකක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ අද සමත්වුණා.පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 222 ක් ලබාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 110 ක් පමණයි..දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226 ක් ලබාගත්තා.නවක ක්‍රීඩක රොශේන් සිල්වා ලකුණු 70 ක් රැස් කළා.ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුලත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම සියල්ලන් දැවී රැස්කරගත්තේ ලකුණු 123 ක් පමණයි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215කින් මෙම තරගය ජයගැනීමට සමත් උනා

තරඟයේ ලකුණු පුවරුව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *