නොකළ වරදකට දඩකොළ දෙන්න ගිය පොලිස් නිළධාරියාට අපූරු පාඩමක් කියා දුන් ලංකාවේ තරුණයා

අද ඔබට කියන්න යන්නේ  අවංක පොලිස් නිළධාරීන්ගේ නාමයද කැත කරන පොලිස් කාක්කන්ගේ  ක්‍රියාකලාපයක් ගැන පළවූ වීඩියෝවක්.එම වීඩියෝවේ ආකාරයට එම රියදුරා කිසිම මාර්ග නීති උල්ලංඝණය කිරීමක් නොමැතිව පැමිණෙන නමුත් හදිසියේම මාර්ගයේ රාජකාරි කරන රථවාහන පොලිස් නිළධාරියෙක්  ඔහුව නවත්වන්නේ රතු ලයිට් වැටී තිබියදී ධාවනය කිරිමේ චෝදනාව ඔහුවෙත එල්ල කරමිනි.

නමුත් රථයේ ඩෑෂ්කැම් එකේ එවැනි දෙයක් සටහන්ව නොතිබෙන අතර ඔහු විසින් එම අවස්ථාවේදී රථයේ ඩෑෂ් කැම් එකේ සටහන්වී ඇති දෑ පොලිස් නිලධාරියාට පෙන්වනු ලබයි.එහිදී තම වැරැදි චෝදනාවෙන් ගැළවීමට මෙන් අදාළ පොලිස් නිළධාරියා පවසන්නේ ඔවුන්ගේ පැත්තට කලර් ලයිට් හරියට නොපෙනන බවයි.එසේ කලර් ලයිට් හරියට පේන්නෙත් නැතිව මෙසේ දඩකොළ දීමට යෑම සාධාරණද?එම අවස්ථාවේ අදාළ රථයේ කැමරාව නිසා අදාළ තරුණයා නිර්දෝෂී උන නමුත් එසේ ඩෑෂ් කැම් නැති මෝටර් සයිකල් ත්‍රීවීල් ආදිය සඳහා මෙසේ බොරු චෝදනා කර දඩකොළ දීමේ හැකියාවක් මොවුන් සතු නොවේද?

පොලීසියේ නාමය කෙළසන මෙවැනි පොලිස් නිළධාරීන් සිටිනා තාක් පොලීස්යේ නාමයද දිනෙන් දින පිරිහෙනු ඇත

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *