කවදාවත් මේ දේවල් 10 අන් අය සමඟ බෙදාහදාගෙන පාවිච්චි කරන්න යන්න එපා

බෙදාහදා ගැනීම යනු උතුම්ම දේවල්වලින් එකකි. අපි හැමෝටම ඕන දෙයක් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. බෙදාගැනීම් ගැන කුඩා කාලයේදී පටන් අපි සියල්ල ඉගෙනගෙන තිබෙනවා. නමුත් අවංකවම, මෙය සෑම දෙයක් සඳහාම අදාළ වන්නේ නෑ. එක් පුද්ගලයෙකු පමණක් දිනපතා භාවිතා කරන භාණ්ඩ තියෙනවා ඒවා කිසිවිටක බෙදා නොගත යුතුය. මේ සඳහා ප්‍රධාන හේතුව වනුයේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍යයි. එක් සිරුරකින් තවත් සිරුරකින් බෝ විය හැකි රෝග පිළිබඳව අපි සියල්ලන්ම දන්නවා. එබැවින්, එකිනෙකා සමඟ යම් භාණ්ඩ බෙදා ගැනීමට ඇගට ගුණ නෑ.

ඒ බෙදාගන්න හොඳ නැති භාණ්ඩ තමා පහළින් දක්වලා තියෙන්නේ

1)දත් බුරුසුව


ගොඩක් අයනම් තමන්ට කියලා දත් බුරුසුවක් තියාගෙන ඉන්නවනේ.හැබැයි තාමත් අනිත් අයගේ එව්වගෙන් මදින අය එහෙම ඉන්නවනම් ඉක්මනට තමන්ට කියලා වෙනම දත් බුරුසුවක් ගන්න එක ඇගට ගුණයි.

2)නිය කටර් එක


ගොඩක් ගෙවල් වලනම් මේක පොදුවේ තමාභාවිතා කරන්නේ හැබැයි එක්කෙනෙක් නියපොතු කැපුවට පස්සෙ තවත් කෙනෙක් නියපොතු කපන්න යද්දි කලින් කෙනොගේ නියපොතු වල තියෙන බැක්ටීරීයා ආදිය නිය කටර් එකේ අන්තර්ගත වෙන්න පුලුවන් එම නිසා වෙනම තමන්ට නියපොතු කපන්න එකක් තියාගන්න එක වටිනවා

3)හෙඩ්ෆෝන්/ඉයර්ෆෝන්


පොදුවේ බහුලව මේකනම් ගොඩ දෙනෙක් පොදුවේ භාවිතා කරන අවස්ථා ඹ්නතරම්නේ.හැබැයි මේ හෙඩ්ෆෝන්/ඉයර්ෆෝන් බෙදාගෙන පාවිච්චා කරන එකත් ඇඟට ගුණ නෑ.මොකද ඕක ගහන්නේ කනටනේ එක් අයෙකුගේ කන තුළ තියෙන බැක්ටීරියා ආදියා පහසුවෙන්ම අනිත් කෙනාගේ කනට යනවා මේක බෙදාහදාගෙන පාවිච්චි කරන්න ගියොත්නම්

4)ඩියොඩ්‍රන්ට්


මේකත් පොදුවේ පාවිච්චිය එච්චර හොඳ නෑ(කනේ වෙන එකම තමා මේකෙත් වෙන්නේ)

5)යට ඇඳුම්


යට ඇඳුමුත් එහෙම බෙදා හදාගෙන පාවිච්චි නොකරට ඔය යාලු ෆිට් එකට කියලා ඇඳලා හෝදලා දෙන්න කියලා ඉල්ලන්න යන්නත් එපා ඉල්ලුවහම දෙන්නත් එපා

6)ලිප් බාම්


මේකනම් වැදගත් වන්නේ කාන්තා පාර්ශවයට.ඔය එක එක්කෙනාගේ බාම් දැක්කහම ටෙස්ට් කරන්න කියලා කටේ උලාගන්න යන්න එපා මොකද ඕවා තනිකර විෂබීජ ගොඩවල්

7) කොට්ට


කොට්ටය කියන්නේ දහස් ගනනක් හිසේ මියගිය සෛල සහ ඉස්හොරි වලින් පිරිච්ච දෙයක් ඉතින් ඒ වගේ දෙයක් බෙදාහදා ගන්නවද නැද්ද කියලා හිතලම බලන්නකෝ

8)කරාඹු


මේකත් ගොඩක් දුරට වැදගත් වන්නේ කාන්තා පාර්ශවයට.හදිස්සියකට කියලා අක්කගෙ නංගිගෙ,යාලුවන්ගේ කරාඹු දාගෙන යනවනම් දැන්ම ඒක නැවැත්තුවොත් හොඳයි.කරාඹු කියන්නෙත් බැක්ටීරියා සහ විෂබීජ ගුහාවල්

9)සබන්‍


ගෙදරටම ඉතින් තියෙන්නෙ එක සබන් කැටේනේ හැබැයි සබන් කියන්නේ ඇගේ තියෙන බැක්ටිරීයා ආදිය අයින් කරන්න ගන්න දෙයක් ඉතින් එක් පුද්ගලයෙක් සබන් කැටේ පාවිච්චි කරාට පස්සේ වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න වෙන්නේ අර බැක්ටීරිය අඩංගු සබන් කැටේ තමා

10)තුවාය


තුවාය කියන්නෙත් පොදුවේ පාවිච්චි නොකල යුතු දෙයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *