වයස යනු නිකම්ම නිකන් ඉලක්කමක් පමණක් බව ඔප්පු කර පෙන්වූ අපේ කාලයේ බොඩිබිල්ඩර් සීයලා සෙට් එක

වයසට ගියාම ගොඩදෙනෙක් වැහැරිලා එදිනෙදා වැඩකටයුතු පවා කරගන්න බැරි මට්ටමකට පත්වෙනවා.හැබැයි ගොඩ දෙනෙක්ට එහෙම උනත් ඒවා ගානකටවත් ගන් නැතුව කොල්ලො වගේ සුපිරියට ජිම් ගිහින් ඇඟවල් ටික හදාගෙන ඉන්න සීයලා සෙට් එකක් ගැන තමා අද කියන්නේ.එහෙනම් පහළින් බලන්නකෝ කවුද මේ සීයලා කියලා

1)ස්පෙන්සර් චර්චිල්

වයස අවුරුදු 74ක් වන මොහු .බ්‍රිතාන්‍යයේ ඉතාමත් ජනප්‍රිය කායවර්ධන ශිල්පියෙකුද වනවා එසේම දක්ෂ කිමිදුමකරුවෙක්ද වන මොහු වර්තමනායේ ජීවත්වෙන තරුණ පරම්පරාවට සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතාවය ගැන බොහෝ පාඩම් කියා දිය හැකි පුද්ගලයෙකි

2)ජෙෆ්රි ලයිෆ්

වයස අවුරුදු 72ක් වන මොහුත් ලෝකයේ ජනප්‍රිය සීයා කෙනෙක්.එසේම සෞඛය හා ශාරීරික අධ්‍යාපනය ගැන පොත් ලියන්නෙකුද වන මොහු වර්තමාන පරම්පරාවට සපයන්නේ ඉමහත් ආදර්ශයක්

3)චෙස්ටර් යොර්ටන්


දැනට ලෝකයේ සිටින වයස්ගතම සීයා බොඩිබිල්ඩර් වන මොහුගේ වයස අවුරුදු 75ක්.ඒ උනත් තාම කොල්ලා වගේ ගේම ගහනවා.ඔහුගේ වයසේ අන් අයත් සමඟ සැසදීමේදී ඇත්තටම ඔහු ඉතාමත් ක්‍රියාශීලී පුද්ගලයෙක්

4)රොබී රොබින්සන්


රොබී රොබින්සන් එහෙමත් නැත්තන් කලු කුමාරයා(ලංකාවේ ඉන්න එකා නෙමේ) ලෙසටයි ඔහු හඳුන්වන්නේ.තාමත් අවුරුදු 66ක් වන මොහුත් ලෝකයේ ජනප්‍රිය සීයා බොඩිබිල්ඩර් කෙනෙක්

5)බිල් ග්‍රාන්ට්


තාම වයස අවුරුදු 69ක් වන මොහුත් ලෝකයේ ඉන්න ජනප්‍රින සීයා බොඩිබිඩර් කෙනෙක්

6)සෑම් බ්‍රයන්ට්


වයස අවුරුදු 70ක් වන මොහුත් දැනට ලෝකයේ ඉන්න ජනප්‍රිය සීයා බොඩිබිබිල්ඩර් කෙනෙක්.එසේම විවිධ වැඩසටහන් ඔස්සේ වර්තමාන පරපුරට බොඩිබිල්ඩින් ගැන කියාදෙන දක්ෂ උපදේශකයෙක්

7)ඇන්ඩ්‍රියාස්


වයස අවුරුදු 63ක් වෙන මොහුත් ලෝකයේ ජනප්‍රිය සීයා බොඩිබිල්ඩර් කෙනෙක්.1980 වසරේ IFBB Mr. International කිරුළ දිනා ගැනීමටද ඔහුට හැකියාව ලැබී තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *