ලෝකයේ IQ අගය වැඩියෙන්ම ඇති මහා මොළකාරයෝ සෙට් එක

ටෙරන්ස් ටාඕ

IQ අගය: 230 ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ මොහු චීන ඇමරිකානු ගණිතඥයෙකි.වයස අවුරුදු 20 දී ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් මොහු ඉන්පසුව ලොස් ඇන්ජලීස් හා කැලිෆෝනියා යන විශ්ව විද්‍යාල වල මහාචාර්යවරයෙකු ලෙස සේවයට බැදුණි.ඒ වන විට මොහුගේ වයස අවුරුදු 24කි.

ක්‍රිස්ටෝපර් හිරාටා

IQ අගය: 225කුඩා කාලයේ සිටම විශාල බුද්ධි මට්ටමක් පෙන්වූ මොහු වයස අවුරුදු 13 වන විට ජාත්‍යන්තර භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්කමක් හිමිකර ගත්තේය. වයස අවුරුදු 16 වන විට නාසා ආයතනයේ අගහරු මෙහෙයුම් සමග එක්වීමට තරම් මොහු වාසනාවන්ත වුනා. වයස අවුරුදු 22 දී ආචාර්ය උපාධිය සම්පුර්ණ කල අතර ඉන්පසුව කැලිෆෝනියා තාක්ෂණ අධ්‍යන ආයතනයේ තාරකා භෞතික විද්‍යාව පිළිබද ආචාර්යවරයෙකු ලෙස සේවයට බැදුණි.

කිම් අන්-යොං

IQ අගය: 210 කොරියානු ඉංජිනේරු වරයෙක් වන මොහුට කුඩා කල සිටම ජපන්,කොරියානු,ඉංග්‍රීසි,ජර්මන් ආදී භාෂා කිහිපයක් කතා කිරීමේ සමතෙකු ලෙස ප්‍රකට විය.කුඩා කාලයේ සිටම මොහු සජීවී රුපවාහිනී වැඩසටහන් වල පවා පෙනී සිටිමින්ඉතාමත් අසීරු ගණිත ගැටළු විසදීමේශුරයෙකු විය.

එවැන්ජලෝ කට්සයුලීස්

IQ අගය: 198ග්‍රීක ජාතික මනෝ වෛද්‍යවරයෙක් වන මොහු මනෝ ඖෂධ වේදය, දර්ශනය, තාක්ෂණය, වෛද්‍ය පර්යේෂණ ආදී විෂයන් වල උපාධිධාරියෙකි. එපමණක් නොව මොහු ලෝකයේ ඉහළම බුද්ධි පල ඇති අයගේ සමාජ එක්කර ලෝක බුද්ධි ජාලය නමින් සංවිධානයක් ද පිහිටුවා තිබේ.

ක්‍රිස්ටෝපර් ලැන්ගන්

IQ අගය: 195ඇමරිකාවේ දක්ෂතම මිනිසා යනුවෙන් විරුදාවලී ලබා ඇති මොහු කුඩා කල සිටම දක්ෂතා පෙන්වූ පුද්ගලයෙකි.විශ්වයේ ප්‍රත්‍යක්ෂ න්‍යායික ආකෘතිය නම් මනස හා යථාර්ථයේ සබදතාවය පෙන්වන න්‍යායක් ද මොහු හදුන්වා දී තිබේ.

රික් රොස්නර්

IQ අගය: 192 ඇමරිකානු ජාතිකයෙකු වන මොහු බැලු බැල්මට බුද්ධිමතෙකු ලෙස නොපෙනෙන බව බොහෝ දෙනාගේ මතයයි. කලක් දොරටු ආරක්ෂකයෙකු ලෙසද සේවය කල මොහු වර්තමානයේ ප්‍රසිද්ධව ඇත්තේ රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙසයි.

මිස්ලාෆ් ප්‍රේදාවෙක්IQ අගය: 192ක්‍රෝඒෂියානු ජාතික ගණිතය පිළිබද මහාචාර්යවරයෙකු වන මොහු general iq socity හි සාමාජිකත්වයද දරනු ලැබේ.

මැරිලීන් වොන් සැවන්ට්

IQ අගය: 190ඇමරිකානු ජාතිකයෙක් වන මැරලීන් 1985 වසරේදී ලෝකයේ ඉහළම iq අගය වාර්තා කරමින් ගිනස් වාර්තා පොතටද ගියාය.එපමණක් නොව පිට පිට පස් වතාවක් ලොව වැඩිම බුද්ධි ඵලයක් හිමි තැනැත්තිය ලෙස කිරුළු පැළදුවාය.

ෆිලීප් එමෙග්වාලි

IQ අගය: 190ඉංජිනේරුවරයෙක්, ගණිතඥයෙක්, භූවිද්‍යාඥයෙක් හා පරිගණක විද්‍යාඥයෙක් ලෙස ප්‍රකටය. ඛනිජ තෙල් තැන්පතු සෙවීම සදහා සුපිරි පරිඝනක යෙදවීම පිලිබදව කල සොයාගැනීමක් නිසා 1989 වසරේදී ගෝල්ඩන් බෙල් ත්‍යාගයද හිමි කරගත්තේය.

ගැරී කැස්පරෝ

IQ අගය: 190රුසියානු ජාතිකයෙකු වන මොහු චෙස් ශුරයෙකු ලෙසද ප්‍රකටය. මොහු වයස අවුරුදු 22 දී එකල සිටි ලෝක චෙස් ශුරයා වූ ඇන්ටෝනි කර්පොව් ව පරාජය කිරීමටද සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *