මිනිස් අධිෂ්ඨානයේ මහිමය රණතුංග කරුණානන්ද | Dadibidiya

අලුත් අවුරුද්දක් ආවා.හැබැයිකියන්න යන්නේ පරණම පරණ කතාවක්..මේක සිද්ද වුණේ එක්දාස් නවසිය හැට හතරෙ..ජපානයේදි..
ජපානෙ ටෝකියෝ නුවර ක්‍රීඩා පිට්ටනියක..එදා මැරතන් තරගයක් තිබුණා..නිකම්ම මැරතන් තරගයක් නෙවෙයි..ඔලිම්පික් තරග ඉසව්වක්..

රට රටවල් වල ක්‍රීඩකයො ගොඩක් මේ තරගෙ උන්නා..අපේ රටෙනුත් එක මැරතන් ක්‍රීඩකයෙක් ගිහින් උන්නා..මේ තරගෙදි ක්‍රීඩකයො පිට්ටනිය වටේ වට විසි පහක් දුවන්න ඕන..ඉතින් ඔන්න…වෙඩිල්ල පත්තු වුණා.. තරගය පටන් ගත්තා..ක්‍රීඩකයො දුවන්න පටන් ගත්තා..අපේ රටෙන් ගිහින් හිටපු මැරතන් ක්‍රීඩකයත් ඒ අතරෙ හිටියා..

හැබැයි එදා එයා අසනීපෙන් තමයි හිටියෙ..තරගයට හිටියත් එයාට හොදටෝම උණ හැදිලා..ඒ නිසා වැඩි දුරක් දුවගන්න අමාරුයි… දුර්වල වෙලා..ඒ නිසා ලේසියෙන්ම අනිත් ක්‍රීඩකයො එයාව පහු කරගෙන දිව්වා..ටික වෙලාවක් යනකොට අනිත් අය අපේ ක්‍රීඩකයාට වැඩිය වට ගානක් ඉස්සරහින්..ඇමරිකාවෙන් ඇවිත් හිටපු මැරතන් ක්‍රීඩකයා පළවෙනියා වෙලා තරගය ඉවර කළා..ඒ වෙනකොට අපේ රටේ ක්‍රීඩකයා වට හතරක්ම පහු වෙලා..අනිත් අයත් ටිකින් ටික තරගය ඉවර කළා..මුල් අය තරගය ඉවර කරනකොට පහු වෙලා උන්නු අය“තවත් දුවලා වැඩක් නෑනේ“ කියලා තරගයෙන් අයින් වුණා..අපේ රටේ ක්‍රීඩකයා හිටියේ ඒ හැමෝටම වඩා පහු වෙලා..වට හතරක්ම පහු වෙලා..

ඒ නිසා එයාටත් තරගය නවත්තලා දාලා අයින් වෙන්න පුලුවන් කම තිබුණා..ඒත්..උණ හින්දා හොදටෝම දුර්වල වෙලා හිටියත්..
අපේ රටේ මිනිහා තරගෙන් අයින් වුණේ නෑ..දැන් ඔන්න..හැමෝම තරගය ඉවර කරලා..එහෙම නැත්තම් තරගයෙන් අයින් වෙලා..
ඒත් අපේ රටේ ක්‍රීඩකයා..එයා තරගයෙන් අයින් වෙලා නෑ..එයාට තරගය ඉවර කරන්න තව වට හතරක්ම තියනවනේ..ඒ හින්දා..එයා තාමත් දුවනවා..

එකම එක ක්‍රීඩකයෙක් තනියෙන්ම දුවනවා..“මේ මනුස්සයාට පිස්සුද.. අන්තිමයා වෙලත් තාමත් දුවන්නේ..“මිනිස්සු හිනාවුණා..
“මේ මොන විකාරයක්ද..“ ප්‍රේක්ෂකාගාරයේ හිටපු සමහරු තනියෙන්ම දුවන ක්‍රීඩකයාට හූ කිව්වා. උසුලු විසුලු කළා..දෙනෝ දාහක් වටේ ඉදගෙන බලාගෙන ඉන්නපිට්ටනිය මැද්දෙ..තනියම දුවන පරාජිතයා..අපේ රටේ ක්‍රීඩකයා..ඒ හූ කීම් වලින්වත්, උසුලු විසුලු වලින්වත් නැවතුනේ නෑ..පටන් ගත්ත දේ කොහොම හරි ඉවර කරන්නයි එයාට ඕන වුණේ..ඉතිරි වෙලා තිබුණ වට හතරෙන් පළවෙනි වටය එයා දිව්වා.. බලා ඉන්න අයගෙ හූ හඩ මැද්දෙන්..

දෙවෙනි වටයත් එයා තනියමම දුවනකොට බලා ඉන්න අයට හූ කියන්න අමතක වෙලා..තුන් වෙනි වටයත් එයා තනියෙන්ම දිව්වා..
ප්‍රේක්ෂකාගාරයේ උන්නු මිනිස්සු පුදුමයෙන් බලා උන්නා..“මොන තරම් ධෛර්යයක්ද.. මොන තරම් උත්සාහයක්ද.. මේක නම් අගේ කරන්න වටින වැඩක්..“හතරවෙනි වටය.. ඒ කියන්නේ අපේ රටේ ක්‍රීඩකයාට තරගය ඉවර කරන්න ඉතිරි වෙලා තිබුණ අන්තිම වටය..
ඒකත් එයා දුවන්න පටන් ගත්තා…

ප්‍රේක්ෂකාගාරයේ උන්නු මිනිස්සු තමන් ඉදගෙන උන්නු පුටු වලින් නැගිටිටා.. නැගිටලා අත්පුඩි ගහන්න පටන් ගත්තා..ඔව්..කලින් එයාට හූ කියපු හිනා වුණු මිනිස්සුම තමයි..ඒ ගොල්ලො එයාගේ නොපසුබසින උත්සාහයට ධෛර්යයට අත්පුඩි ගහන්න පටන් ගත්තා..අපේ රටේ ක්‍රීඩකයාඒ හතරවෙනි වටෙත් නිමා කරලාතරගය ඉවර කරනකොට..මුලු ප්‍රේක්ෂකාගාරයම නැගිටලා..ඔල්වරසන් දුන්න හඩින්ක්‍රීඩාංගනය දෙදරුම් කෑවා..

ඒ අපේ රටේ මැරතන් ක්‍රීඩකයා තමයි ආර් කරුණානන්ද..“ඇත්තටම රන් පදක්කම අයිති මට නෙවෙයි.. කරුණානන්දට..“ ඒ මැරතන් තරගයෙන් පළවෙනියා වෙලා රන් පදක්කම දිනාගත්ත ඇමරිකානු ජාතික මැරතන් ශූරයා බිලී මිල්ස් පවා කිව්වා.එදා ඉදන් ජපානේ මිනිස්සුඅපේ රටේ කරුණානන්දට හරියට ගෞරව කළා..කරුණානන්දගේ නොපසුබසින උත්සාහය ධෛර්යය
ජපානෙ මිනිස්සු ආදර්ශයක් කරගත්තා..ජපානෙ පාසල් පෙල පොත් වලට අපේ රටේ කරුණානන්දගෙ නම එකතු වුණා…
වීරයෙකුගෙ නමක් විදිහට..ආදර්ශයට ගන්න ඕන චරිතයක් විදිහට..අපේ රටේ දරුවො නංකරුණානන්ද ගැන අහලවත් තියෙනවද මන්ද..

ඒත් අදටත් ජපානෙ දරුවො නංඅපේ රටේ කරුණානන්දගෙ උත්සාහය ධෛර්යය ගැන ඉගෙන ගන්නව..කොහොම වුණත්..අලුත් අවුරුද්දක් පටන් ගත්තනෙ..ඒ අවුරුද්දෙ මුලදිම දැන්කරුණානන්ද ගැනත් කියෙව්වනෙ..ඒ පාඩම ඉගෙන ගන්න..ලෝකයා මොනව කිව්වත්, කොච්චර බාධක තිබුණත්ඔයාගේ ගමන නොසැලී යන්න..නවතින්න එපා..දවසක..ඔයාට හූ කියපු හිනාවුණු අයමනැගිටලා ඔයාට ආචාර කරයි..ඒ දවස වෙනකල්ඉදිරියටම යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *