අලුත් අවුරුද්දේ Free Internet දෙන්න ගිහින් SLT ආයතනය ඇනගත් හැටි

අලුත් අවුරුද්ද උදාවත් සමඟ අන් කිසිම අන්තර්ජාල සපයන ආයතනයක් නොකරන පරිදි ජනවාරි 1 දවස පුරාවටම නොමිලේ අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්තාවක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබාදීමට කටයුතු කරා.

ඔවුන් 2017 ජනවාරි 1 වෙනිදාත් මෙසේ නොමිලේ අන්තර්ජාල පරිහරණය කිරීමේ අවස්තාව ඔවුන්ගේ පාරිභෝහිකයන්ට ලබා දුන්නා.නමුත් අද දිනයේ මෙම සිදුවීම නිසා Slt පාරිභෝගිකයන් හට විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා.වෙනදාට තිබූ අන්තර්ජාල වේගයවත් අද දින ඔවුන්ට නොලැබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.ADSL සම්බන්දතා සඳහා යම තරමක හෝ වේගයක් පැවතුණද 4G සම්බන්දතා සඳාහා 20Kbps පමණ වේගයකුයි පවතින්නේ.මේ පිළිබ්ඳව පැමිනිලි කිරීමට උත්සාහ ගත්තද එම ආයතනයේ පාරිභෝගික නිලදාරීනද මේ වන විට දුරකතනයට පිලිතුරු දීමෙන් වැලකී සිටිනවා.

කෙසේ හෝ මේ වනවිට slt පාරිභෝගිකයන් හට තම එදිනෙදා අන්තර්ජාල කටයුතු පවා කරගැනීමේ අපහසුතාවයක් පැන නැගී තිබෙනවා.ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම නොමිලේ සේවාව ඉවත්කොට පුරුදු පරිදි අන්තර්ජාල සම්බන්දතාව ලබා දෙන ලෙසටයි

මේ පිළිබඳව ඔවුන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ පළවූ අහස් කීපයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *