තම ආදරණීය මිතුරා සමඟින් උපන්දිනය සැමරූ නැදුන්ගමුවේ රාජා

පේනවද අද රාජාගේ මූණේ තියෙන හිනාව…!

ඇයි ඉතින් අද එයා බලාගන්න  කවුරුත් ආදරයට කතා කරන කළු මාමා එහෙමත් නැත්තන් කොඩිතුවක්කු මාමාගෙ 70 වැනි උපන්දිනයනේ.

මේ වෙනුවෙන් නැදුන්ගමුවේ රාජාගේ හිමිකරු හර්ෂ ධර්මවිජය මැතිතුමා සහ මැතිණිය විසින් සිය පවුලේ සාමාජිකයින් සමඟ තමන්ගේ හිතවතා වෙනුවෙන් මෙසේ පුංචි සාදයක් සූදානම් කරල තිබ්බා.

ඉතින් රාජාව බලාගන්න කොඩිතුවක්කු මාමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවායැයි ලක්වාසි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු..!

රාජාටත් එයාව බලාගන්න ඉන්න කළු මාමාටත් ,ඉන්දික අයියාටත් ධර්මවිජය මැතිතුමා ඇතුළු පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි !

චායාරූප : නැදුන්ගමුවේ ඇතා බලාගන්න  ඉන්දික ජයසිංහ අයියා

(උපුටා ගැනිමකි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *