අයිෆල් කුළුණ හැදුන හැටි දැකලා නෑනේ නේද එහෙනම් මෙතනින් ගිහින් බලන්නකෝ

වර්ෂ 1887 ජූලි 1 වෙනිදා මේ දැවැන්ත නිර්මාණයේ වැඩ ආරම්භ කරන්නේ
1889 වර්ෂයේ පැවැත් වූ Exposition Universelle (World’s Fair) සදහායි ඒ ප්‍රංශ විපල්වයට අවුරුදු 100ක් පිරීම නිමිති කරගෙනයි. මේ පැවැත් වීමට නියමිතව තිබූ මේ උත්සවය හා මේ සැමැරම සදහා යම් කිසි සලකුණක් සැදීමට නැති නම් මෙම අවස්ථාව සිහි වීමට යම් ස්මාරකයක් සෑදීම සදහා ගෘහ නිර්මාණ ශිල්පින් ඇතුළු බොහො ඉංජිනේරුවන් අතුළු පුද්ගලයන් 100 දෙනෙකු තමන්ගේ සැලැසුම් සකස් කරමින් සිටියා ඒ Champ-de-Mars වල ද‍ී එය පිහිටා තිබුනේ පැරිස් නුවර මධ්‍යයට වෙන්නයි..

ඉතින් මේ කුළුණේ නිර්මාණ ශිල්පියා වුනේ වාස්තු විද්‍යාඥයෙකු හා යකඩ නිර්මාණ පිළිබද විශේෂඥයෙකු Alexandre-Gustave Eiffel ය. ඔහු මේ දැවැන්ත ස්මාරකයේ ඉදි කිරීම් එකළ ප්‍රංශයේ පැවැති ගොඩනැගිලි හා පාලම් ඉදිකිරමේ අයාතනයකට ඔහු විසින් බාර දෙයි. Gustave Eiffel අවශ්‍යව තිබුනේ මේ නිර්මාණයේ සම්පුර්ණ ඉදිකිරිමේ ගෞරවය ඔහුට ලබා ගැනීම සදහායි.. ඒ නිසාම ඔහු එයට Eiffel ලෙස නම් තබන ලදී.. මෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කලේ Maurice Koechlin විසිනි…

මෙම කුළුණේ එක්සල් කිරීමේ කටයුතු ඇරඹුනේ 1887 වර්ෂයේ ජූලි 1 වෙනිදාය.එහි වැඩ කටයුතු අවසන් වෙන්නේ මාස 22 කට පසුවය. මෙයට අවශ්‍යය සියලුම අමුද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු සිදු කලේ Alexandre-Gustave Eiffel ට අයත් Levallois-Perret හී පිහිටා තිබුනු ඔහුටම අයත් කර්මාන්ත ශාලාවක දීය. මේ සදහා කොටස් 18,000ක පමණ යොදාගෙන තිබිණි. මෙහි දී සුවිශේෂි ලෙස ගණිත ක්‍රම යොදා ගෙන ඇති බව සදහන් වන අතර මිලිමීටරයක පවා නිර්වද්‍යතාව සොයා බලා ගණනය කොට මෙම කොටස් එකිනෙක සම්බන්ධ කර සදා ඇති බව වාර්තා වේ. මෙම කුළුණේ ඉදිකිරීම් සදහා සේවකයන් 150-300ත් අතර පිරිසක් සහභාගී වූ බවටද වාර්තා වේ. මෙම කුළුණේ සියලු යකඩ රිවර්ට් අැන මගින් සම්බන්ධ කොට ඇත. මේ සදහා යොදා ගෙන ඇති රිවර්ට් ඇන සංඛ්‍යාව 2,500,000 ලක්ෂයක් බවයි වාර්තා වෙන්නේ..

මෙහි පොළොව යට කොටසක් ඉදි කර ඇති අතර කුළුණේ සමබරතාව පොළොව මත බෙදි යන ලෙස කොන්ක්‍රීට් යොදා ගෙන සකස් කර ඇත. මේ සදහා ද සුවිශේෂි වූ ගණිත හා භෞතික විද්‍යාත්මක නියමයන් යොදා ගෙන තිබීම සුවිශේෂි කරුණක් ලෙස සදහන් කළ හැකිය. කුළුණ ඉහළට නැංවිමේ දී ලී පලංචි භාවිතා කර ඇති අතර යකඩ ඉහළට එසවීම සදහා කුඩා වාෂ්ප දොඹකර යොදාගෙන ඇත.
වර්ෂ 1889 මාර්තු 31 වන දින මෙම දැවැන්ත නිර්මාණයේ වැඩ අවසන් වුයේ Alexandre-Gustave Eiffel ට සියලු ගෞරවයන් හිමි කර දීමෙනි. පසුව පැවැති උත්සවයේ දී මෙහි ප්‍රංශ ධජය ලෙල දුන් අතර එයට ගෞරවය පිණිස අයිෆල් කුළුණ ඉදිරිපිට ආචාර වෙඩි මුර 25ක් ද තබන ලදී. මෙය ඉදි කර දවස් 9ක් යන තුරු කුළුණ සමාන්‍ය ජනතාව වෙත විවෘත නොකර ලදී. වර්තමානය වෙන විට මෙහි විදුලි සෝපාන සවි කොට ඇත… නමුත් මෙය විවෘත කළ මුල් දිනයේ දී මෙය නැරඹීම සදහා 30,000කට අධික පිරිසක් පඩි 1,710 නගිමන් ඉහළට ආවේ ය.. වසර 100කට අධික කාලයක් ගත වූවද අදටත් ප්‍රංශයේ සංචාරය කරන ඕනෑම සංචාරකයෙකුගේ සිත දිනා ගන්න තැනක් ලෙස අයිෆල් කුළුණ පෙන්වා දිය හැකිය…

උපුටාගැනීම –
|සංජේ රණවක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *