මේක කියෙව්වට පස්සෙ ආයේ කවදාවත් මිනිස්සුන්ට බල්ලා බූරුවා කියලා බණින එකක් නැතිවෙයි

මිනිස්සු ඉඳල හිටල වැරදි කරනව වගේම වැරදිම කරන මිනිස්සුත් ඉන්නවනෙ. ඉතිං ඔහොම අයව වැරදුනාට පස්සෙ හඳුන්වන නම් අතරෙ විවිධ සත්තුන්ගෙ නම් තියෙනවා.(මතකනේ තිසරත් අකිලට බූරුවා කියලා බැන්නා) මේ සත්තුන්ගෙ නම් නිසා මිනිස්සුන්ට සමහර වෙලාවට ‍වැරදි අදහසක් එන්න පුළුවන් වගේම සත්තුන් ගැනත් මේ නිසා වැරදි අදහසක් එන්න පුළුවන්. මේ නිසා සත්තුන්ට ඇත්තටම අවමානයක් වෙන්නත් පුළුවන්. නිකමට හිතන්නකො නරක වැඩම කරන කිසිම විශ්වාසයක් තියන්න බැරි කෙනෙකුට මිනිසාට හුඟක්ම විශ්වාස සහ හිත හොඳින් ඉන්න සතෙකුගෙ නමක් කිවුවොත්. ඒ වගේම තමයි හොඳ අහිංසක මනුස්සයෙකුට කිසිම අහිංසක කමක් නැති සතෙකුගෙ නමක් කිවුවොත්.

1. බල්ලා

අපි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට “ඌ මහ බල්ලෙක්” කියල බනිනව. ඒත් ඒ නිසා බල්ලෙකුට කොච්චර අවමානයක් සිද්ධ වෙනවද කියල අපි හිතන්නෙ නැහැ. මොකද බල්ලා කියන්නෙ කවදාවත් තමුන්ගෙ ස්වාමියාට නරකක් කරන කෙනෙක් නෙමෙයි. ඕනම බල්ලෙකුට හොඳින් සැළකුවොත් ඒ බල්ලත් අපිට අනිත් පැත්තට ආදරය පෙන්වනවා. ඒ වගේම බල්ලා තුළ තියන්න පුළුවන් විශ්වාසය ඉතා ඉහළයි. ඒ නිසා මීටපස්සෙ කවදාවත්ම නරකක් කරන මනුස්සයෙකුට බල්ලා කියල කියන්නෙපා.

2. බූරුවා

අපි ඉගෙනගන්නෙ නැති, මෝඩ වැඩ කරන ගොඩක් දෙනෙකුට කියන්නෙ බූරුවා කියලයි. හැබැයි බූරුවා කියන්නෙ හොඳට එකිනෙකා කෙරෙහි දියුණු සන්නි‍වේදන මාධ්‍යයක් තියෙන, සෙල්ලක්කාර, කඩිසර, සමාජශීලී සතෙක්. ඉතිං එහෙම සතෙකුව කිසිම වැඩක් නොකරන, මෝඩ වැඩම කරන කෙනෙකුට සමාන කරන එක හොඳටම වැරදියි. මේවට හරිනං බූරුවො උද්ඝෝෂණ කරන්න ඕන.

3. ඌරා

සාමාන්‍යයෙන් ඌරා කියලා අපේ සමාජෙ කියන්නෙ අපිරිසිදු කිසිම කමකට නැති ඩයල් එකකට. ඒ වුනාට ඇත්තටම ඌරා හොඳ පිරිසිදු, මොලේ හොඳට තියෙන, ස්මාට් ඩයල් එකක්. එහෙමනං ඇයි ඌරා මඩේ ලැගගෙන ඉන්නෙ? කියල අහන්න පුළුවන්. ඒ ඌරා කියන සතාට දාඩිය දාන්නෙ නැති නිසායි. ඌරා ඒ නිසා උෂ්ණත්වය පාලනය කරගන්නට මඩේ ඇතුළෙ තියෙන සීතල විඳිනවා.

4.සර්පයා

නපුරු මිනිස්සුන්ව හඳුන්වන්න පාවිච්චි කරන සතෙකුගෙ නමක් විදියට කිවුවම අපිට මතක් වෙන ප්‍රධානම සතෙක් තමයි සර්පයා. හැබැයි සර්පයො ඔය කියන විදියට කවදාවත් වලි හොයාගෙන යන්නෙ නෑ. සර්පයා පුළුවන්තරං උත්සාහ කරන්නෙ පලා යන්න විතරයි.

5. හරකා

ඇත්තටම ගොවිපලක හැදෙන හරකෙක් ඔබේ නිවසේ සිටින බල්ලාට වඩා නුවනැත්තෙක් විදියට පිළිගන්නත් සාක්ෂි තිබෙනවා. ඒ නිසා කවදත් මෝඩ වැඩ කරන මනුස්සයෙකුව හඳුන්වන්නට හරකා කියන නම පාවිච්චි කරන්නට නම් එපා. මොකද හොඳ නුවණක් තියෙන, හොඳ මතකයක් තියෙන, ඉතා සං‍වේදී, ජීවිත කාලය පුරා පවතින මිතුරු සහ ආදර සම්බන්ධතා හදාගන්න ජාතියක් විදියට හරක් හඳුන්වන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *