තවත් අවුරුදු 100කින්, එනම් 2117 දී ලෝකය කොයි වගේ වේවිද?

එක්තරා සමාගමක් හා තවත් අනාගතය දකින ආයතන කීපයක් තවත් අවුරුදු 100කින්  ලෝකය කොයි වගේ වේවිද කියලා විමසුම් කරල තියෙනවා. දැන් පවතින වාර්ෂික වර්ධන අනුපාතයන් හා ඓතිහාසික දත්තයන් යොදා ගෙනයි, මේ අනාවැකි විමසුම් කළේ.  අනාගත දියුණුව කොයි ආකාරයට සිදුවේවිද කියායි. මෙහිදී පරිගණක හා තාක්ෂණ දියුණුව හා උෂ්ණත්වයේ වැඩි වීම ආදී ප‍්‍රවණතා විශේෂයෙන් සැලකිල්ලට ගත්තා.

2117 ඉලක්ක කර ගෙනයි, මේ අනාවැකි පළ කරලා තියෙන්නේ. ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු ලෝකයේ කොයි රටේ සිටියත් අපටත් අදාළ ඒවා නිසා ඔබත් කැමති වේවි ඒවා ගැන දැන ගන්න.

ඔවුන් කියන විදියට තව දශක කීපයකින් අප හැම කෙනකුම මිලියනපතියන් වී හමාරයි. අපට ප‍්‍රවාහන ක‍්‍රමයක් ලෙස ටෙලිපෝටේෂන් (teleportation) දැක ගන්න පුලූවන් වේවි. පාන් ගෙඩියක් රුපියල් 10,000 විතර වේවි.

සුපර්මාර්කට් එකක කිරි පයින්ට් එකක් හා බිත්තර දුසිමක් පිළිවෙළින් රුපියල් 50,000ක් හා රුපියල් 5,000ක් මිල වේවි. සාමාන්‍යයෙන් නිවසක් මිල දී ගැනීමට රුපියල් කෝටි 700ක් පමණ වැය කරන්න සිදුවේවි.

සාමාන්‍ය මට්ටමේ විවාහ උත්සවයක් සඳහා රුපියල්13200000ක් පමණ වැය වේවි. ළමයකුට වයස 18 පිරෙන තෙක් ඉගැන්වීමට පවුම් රුපියල් කෝටි 1ක් පමණ වැය කිරීමට දෙමාපියන්ට සිදුවේවි.

“අපි මේ ගණනය කිරීම් සඳහා ඓතිහාසික දත්තවල පටන් වාර්ෂික වර්ධන අනුපාතයන් දක්වා දත්ත යොදා ගත්තා, ඉදිරි වසර 70 තුළ දැන් තත්වය කොයි ආකාරයට වෙනස් වේවිද කියා දැන ගන්න.” “අප හැමදෙනාම ඒ කාලෙ වෙන කොට උද්ධමනයට මුහුණදීමට හුරු වේවි. අද පවතින මිල ගණන් අනුව අපට එය හිතා ගන්න පුළුවන්.”යනුවෙන් ඒ සමීක්ෂණය කළ ආයතනයේ (DGCAssetManagement.com) ඬේවිඞ් ගානර් කියනවා.

“මේ ඉලක්කම් දුටුවාම මේක විය හැකි දෙයක් දැයි මවිත හිතනවා, ඒත් පසුගිය වසර 30ක් තිස්සේ සිදු වෙලා තියෙන මිල වැඩිවීම් දිහා බලන කොට මෙවැනි තත්වයක් ඇති වේවිය කියා පිිළිගන්න පුළුවන්.” ඔහු  කීවා.

ඔවුන් කියන්නේ 2083 වසර වෙන කොට අති-බුද්ධිමත් පරිගණක බිහිවෙන බවයි. “පසුගිය වසර දහදාහක කාලයක් තිස්සේ මිනිස් මොළයෙන් කළ දෑ නැනෝ තත්පර දහයකටත් අඩු කාලයකදී කරන්න ඒ පරිගණකවලට පුළුවන්.” ඔවුන් කියනවා.

ඔවුන් විට විශ්වාස කරන්නේ 2117 වනවිට සාමාන්‍ය පුරවැසියකුට සිරුරේ අවයව සඳහා ජෛවතාක්ෂණික බද්ධ කිරීම් රාශියකට මුහුණ දීමට හැකි වේවි. වෛද්‍ය මෙවලම් රැසක් සිරුරේ තැන්පත් කර ගෙන වැඩි කාලයක් ජීවත් වීමට සාමාන්‍ය පුරවැසියකුට හැකි වේවි.

මිනිසාට ඒ කාලයේ දී බද්ධ කෙරෙන කෘති‍්‍රම අවයව අකි‍්‍රය නොවන ඒවායි. බයොනික ඇස් හා කන් නිසා ඔහුට සුපර්මෑන් කෙනකුට වැනි හැකියාවක් ලබේවි. මොළයට සම්බන්ධ කළ හැකි නැනෝ තාක්ෂණික පරිගණක අතුරුමුණත් මගින් ඔහුට සුපිරි මොළයක් හා බුද්ධියක් ලැබේවි.

එසේ වුවත් 2117 දසකය බොහොමයක් සත්ව විශේෂවලට එතරම් ගුණදැයක එකක් වෙන්නේ නැහැ. කටුස්සන්, ධ්රුව වලසුන් ඇතුළු සතුන් ගණනාවක් ඒ කාලයේ සිදුවන දේශගුණික විපර්යාසයන් නිසා වඳවී යනවා. ඒ වගේ ලෝක කෘෂිකර්මාන්තයටත් හැනි සිදු වෙනවා, ‘දරුණු තාප තරංග’ ඇති වීම නිසා.

ලන්ඩන් හා පැරිස් වැනි නගරවල ගී‍්‍රෂ්ම ඍතුවේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනවා. යුරෝපා මහාදවීපයේ දකුණුදිග ප‍්‍රදේශවලට මේ තත්වය වඩාත් දරුණු වේවි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවන්නට ඉඩ තියෙනවා. ඒ ප‍්‍රදේශවල ජනයා උෂ්ණත්වයෙන් මිරිකී මිය යන්නට ඉඩ තියෙනවා.අනාවැකි කියන විශේෂඥයන්ගේ අදහස ලෝකයේ බොහෝ කලාපවල ලැව් ගිනි ඇති වීමෙන් වනාන්තර විශාල වශයෙන් අහෝසි වී යන බවයි. එසේම දිගින් දිගටම ඇති වන නියඟයන් නිසා ලෝකයේ ගංගාවන් බොහොමයක් ම සිඳී යනවා.

ස්පාඤ්ඤය, ඉතාලිය හා බෝල්කන් රටවල් කාන්තාර බවට පත් වෙනවා. එවායේ දේශගුණය උතුරු අපි‍්‍රකාවේ දේශගුණයට සමාන වෙනවා.ඒ අතින් එසේ වුවත් විද්‍යා දියුණුව අතින් දීප්තිමත් තත්වයක් උදා වෙනවා. ක්වොන්ටම් අතින් කෙරෙන පර්යේෂණවලට ලොකු රුකුලක් ලැබෙනවා, කෘති‍්‍රම බුද්ධිය හා පික්ටෝ තාක්ෂණ වේදය අතින් ලබන ප‍්‍රගතිය නිසා. ඒ අතින් ගමනාගමනයේ හා ප‍්‍රවාහන ක‍්‍රමයේ විශාල පෙරළියක් සිදු වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *