මිනිසා විසින්ම නිපදවූ ලෝකයේ බිහිසුණුම ආයුධය | (Dadibidiya)

WMD කිව්වම අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ න්‍යෂ්ථික බෝම්බ, හිරෝශිමාව, උතුරු කොරියාව…..හොලිවුඩ් ෆිල්ම් වල පවා තියෙන්නෙම න්‍යෂ්ථික බෝම්බ වලින් බේරගන්න හැටි.නමුත් මේ හැම දෙයකටම වඩා කියලා නිම කරන්න බැරි විනාශයක්
කරන්න පුළුවං Super weapon එකක් තාමත් දියුණු රටවලවිද්‍යාගාරවල කොටුවෙලා තියෙනවා. ඒ තමයි රසායනික සහ ජීව
විද්‍යාත්මක අවි ! (Bio-Chemical Weapons)

අපි දන්නවා න්‍යෂථික බෝම්බ වල විකිරණශ්‍රීලතාව නිසා අහු නොවීඑහා මෙහා ගෙනියන්න අමාරුයි. ලංකාවේ ports වල පවා radioactive මූලද්‍රව්‍ය හසුවෙන scanners තියෙනවා.ඒත් හැම Bio-Chemical weapon මූලද්‍රව්‍යක් (agent එකක්) ම ගන්ධයක්වහනය කරන්නෙ නැහැ. ඒවා බහුතරයක් හසු කරගන්න සමත්scanner එකක් තවම කිසි කෙනෙක් හදලා නැහැ. බල්ලෙක් ට වත් ඉව කරලා අඳුනගන්න බැහැ !අනිත් දේ තමයි න්‍යෂ්ථික බෝම්බයක්deliver කරන්න ලේසි නැහැ. Plane එකකින් ගිහින් අතාරින්න
ගියොත් antiaircraft guns තියෙනවා. Nuclear මිසයිල, ICBM හදනඑක ලේසි වැඩක් නෙවෙයි.

Bio-Chemical weapons වලට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. පුංචි කුප්පියකදාගෙන ඇවිල්ලා මිනිස්සු ගොඩක් ගැවසෙන සාප්පු සංකීර්ණයක ACsystem එකට මුසු කරොත් ජාතික ජළ පද්ධතියට මිශ්‍ර කලොත් වැඩිය ඕනෙ නැහැ. බෝවෙනලෙඩක් (Biological weapon එකක්) නම් කවුරුත් සැක නොකරන ගුවන්මගියෙකුට බෝ කරල එව්වොත්….කතන්දරේ සමාප්තයි !

මේවා රටකට ආවහම planes, මිසයිල එද්දි වගේ කිසිම රේඩාර්තිරයකඅනතුරු ඇඟවීමක් නාද වෙන්නේ නැහැ. කොහෙන් ව්‍යාප්ත
(originate)වෙච්ච ලෙඩක් ද කියල වත් හොයන්න ලේසි නැහැ.එකපාරට නොමැරී… මාසයක් විතර ගිහින් මැරෙන ලෙඩක් වුනොත් ?(delayed effect)ඒ හැම මනුස්සයෙක්ම biological time බෝම්බයක් බවට පත් වෙලාමැරෙන්න කලින් මිනිස්සු විශාල ගණනකට ලයිසන් දීලා තමයියන්නේ.අනිත් එක…න්‍යෂ්ථික බෝම්බයක් හදන වාරයක් වාරයක් පාසාමූලද්‍රව්‍ය අමාරුවෙන් හොයාගන්න ඕනේ. Scanners වලට අහු නොවීපන්න ගන්න ඕනෙ.නමුත් සමහර Bio weapons (ලෙඩ රෝග, බැක්ටීරියා ආදී) පුංචි සාම්පල්එකක් ගෙනල්ලා පෝෂණ මාධ්‍යයක වගා කරලා ඕනෙ තරම් අමුද්‍යව්‍ය වවාගෙන අසීමිතව බෝම්බ හදන්න පුළුවන්.

දැන් සමහරවිට මේක කියවගෙන යන කෙනෙක්ට යන්තමින්තේරෙනවා ඇති මේකෙ තියෙන භයානක කමඒ අතරේ කෙනෙක් ට හිතෙයි” මොන සුරංගනා කතාද ? ඕවා විශ්වාස කරන්න පුළුවන්ද?”කියලාදියුණු රටවල ඔය කියන Bio-Chemical weapon තියෙනවා
කියලා හොඳටම එළිවුණ අවස්ථා ලෝක ඉතිහාසේ ඕනෑ තරම්තියෙනවා.මේ ඉන්නේ කලින් රුසියානු බුද්ධි අංශයේ KGB ඉඳලා බ්‍රිතාන්‍යයට පැනලා ආපු කෙනෙක් (Alexander Litvinenko) මෙයා හිටි හැටියෙම ලෙඩවුණා. දවස් ගාණක් රෝහලේ දුක් විඳලා තමයි මැරුණේ.

බල්ගේරියානු රජය විවේඡනය කරපු Georgi Markov බස් හෝල්ට්එකක ඉන්නකොට අසල හිටපු මගියෙක් කුඩ මිටක් වද්දගෙන
ගිහිල්ලා තිබුණා. ගණනකට නොගත්තු Markow උදේ වැඩට ඇවිල්ලාහවස් වරුවෙ ඉස්පිරිතාලෙට ඇතුලත් කරලා දවස් 4 කට පස්සේ මිය ගියා.

Khaled Mashal පලස්තීන දේශපාලඥයෙක්. ඊශ්‍රායල Mossad ඝාතකයෙක් එක පාරක් මෙයාව කෙමිකල් එකකින් ඝාතනය කරන්න ගිහින් වැඩේ වැරදිලා ජෝර්දාන ආරක්ෂක අංශ වලට කොටු වුණා.අන්තිමේදී ඊශ්‍රායල රජයට තමන්ගේ නියෝජිතයන්ව බේරගන්න…රෝහලේ පණ අදිමින් හිටපු මාෂල් ටප්‍රතිජීවකයක්(antidote) දෙන්න සිද්ධ වුණා.රටක රජයක් Bio-Chemical weapon වලට සම්බන්ධ බවට හොඳින්ම අතේ මාට්ටු උන අවස්ථාවක් තමයි ඕක ඇයි සිරියාවේ මෑතකදී සිදුවුණ රසායනික ප්‍රහාරය ?2001 ඇන්ත්‍රැක්ස් තර්ජනය ?

මේ ඉන්නේ අපේ රටේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස්.මෙතුමා අපේ රටට ඊශ්‍රායලයෙන් ආපු වැඩ නොකරපු ආයුධ ලංකාවේදීම අලුත්වැඩියා කරන්න සමත්වුණ කෙනෙක්.ඊශ්‍රායලයෙන් ආයුධ ගන්න ගියපු දූත මෙහෙවරකදී හිටි හැටියෙම
මෙතුමා නිව්මෝනියාවෙන් මිය යනවා.මේකත් Mossad එකේ වැඩක් කියලා පසු කාලෙක හෙලි වුණොත් ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ

බ්‍රිතාන්‍ය හමුදාව ඒ කාලේ උතුරු ඇමරිකානු ඉන්දියානුවන්ටඑරෙහිව මසූරිය පාවිච්චි කරපු හැටි දකුණු අප්‍රිකාව සුද්දාගේ යටතේ
තියෙන කාලේ Wouter Basson කියන විද්‍යාඥයා කළු මිනිස්සුන්ටවිතරක් හානිකර ethnic specific bio weapons හදපු හැටි (project coast).ඒ ඔක්කොම කතා කරන්න මෙතන ඉඩ නැහැ.ඊශ්‍රායලයත් අරාබීන්ව ඉලක්ක කරන ආයුධ හදන බවට චෝදනා
තියෙනවාතාමත් මේකේ විනාශකාරී බව ශුවර් නෑ වගේ ද?…..මෙහෙම ගමුකෝ.Black Death වසංගතය නිසා 1346–1353 කාලේදී මිනිස්සු මිලියන 75 -200 දක්වා මැරෙනවා1918 උණ වසංගතයක් නිසා මිනිස්සු මිලියන 50 – 100 දක්වා
මැරෙනවා(හිරෝශිමානාගසාකි බෝම්බ දෙකෙන්ම මැරුනේ ලක්ෂ දෙකහමාරක්වගේ..දෙවන ලෝක යුද්ධෙන් යුරෝපයේ ජපානයේ ඔක්කොගෙන්ම මැරුන සම්පූර්ණ ගණන මිලියන 80 වගේ)

ඒ…ඔය කියන ලෙඩ වලට විද්‍යාඥයෝ අත තියන්න කලින්.ස්වභාවධර්මයෙන් ආපු genuine products.ඉතිං ඔය ජාතියේ ලෙඩ රෝග තමයි…..දියුණු රටවල ජීවවිද්‍යාඥයින්…වාහකයා කල් ගිහිල්ලා මැරෙන විදිහට (delayed effect),තිබ්බටත් වඩා හානිකර විදිහට, කලින් තිබ්බ බෙහෙත් වලට සුව නොවෙන විදිහට modify කරලා සන්නද්ධ (weaponize) කරන්නේ.

මුළු පෘතුවියේම මිනිස්සු කිහිප සැරයක් මරන්න ප්‍රමාණවත් Bio-Chemical weapon මේ ලෝකෙ දැනටමත් තියෙනවා. එහෙම බැලුවහමන්‍යෂ්ථික බෝම්බ කියන්නේ රතිඤ්ඤයක් වගේ ආයුධයක් සීතල යුද්ධ කාලේදී සෝවියට් විද්‍යාඥයෝ ඔය කියන weapons
ගණනාවක් හැදුවා. ඒත් සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක රස්සා නැතිවුණ ඒ විද්‍යාඥයෝ, සහයකයෝ ඒ Bio-Chemical weapons කලු කඩේ තුට්ටු දෙකට විකුණන්න ගත්තා.එහෙම බැලුවහම ත්‍රස්ථවාදීන් අතට පවා මේ ආයුධ පත් වෙන්න පුළුවන් එහෙනං අපි කොහොමද තාමත් ජීවත් වෙලා ඉන්නේ ? කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්ඒකට ප්‍රධානම හේතුව තමයි ලෝකෙ පුරා නිහඬ සේවයක් කරන බුද්ධි අංශ

ඇමරිකාවේ CIA, බ්‍රිතාන්‍යයේ MI6, ජර්මනියේ BND, ඊශ්‍රායලයේ Mossad,ස්විට්සර්ලන්තයේ FIS, චීනයේ CSIS ආදී මේ හැමෝම තමන්ගේ ඔත්තුකාරයෝ පාවිච්චි කරලා Bio-Chemicalweapons විකුණන නියෝජිතයින්ව……”වළක්වනවා”මේගොල්ලන්ගේ සේවයට ප්‍රසිද්ධියේ කිසිම කෙනෙක්ට පදක්කමක් වත් දෙන්න විදිහක් නැහැ.ලංකාවේ පවා බුද්ධිඅංශ නිළධාරීන් අපේරටට කරපු සේවය ගැන අපි හොඳින්ම දැනගත්තේ මිලේනියම් සිටි ඝාතන රැල්ලත් එක්ක.

අපි දන්නවා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙත් ඇමරිකාව රුසියාව එක්ක න්‍යෂ්ථික යුද්ධයකට යන්න ඔන්න මෙන්න තත්වෙටම ආවා
(Cuban Missile Crisis).ඒ වගේම තවත් අවස්ථා වලදී ඒ නායකයොන්ගේ අණට යටත් පහල පෙලේ සෙබලු අණට විරුද්ධව ක්‍රියා කරපු නිසත් නූලෙන් බේරිලාතියෙනවා (Vasili Arkhipov, Stanislav Petrov) .ඉතිං මේ වගේ බිහිසුණු ආයුධ තියෙන රටවල නායකයින් වගකීමෙන් වැඩ කරයි කියලා අපිට හිතන්න බෑ.

ඒ වගේම ඒ ආයුධ වැඩි දියුණු කරන්න පුළුවං දක්ෂ විද්‍යාඥයොත් අදඕනෙ තරම් මිලට ගන්න පුළුවන්(සදාම් හුසේන් ගේ කාන්තා විද්‍යාඥවරිය Dr. Rihad Taha, Dr. Larry Fordආදීන් ගැන හොයලා බලන්න)

ඉතිං මේ වගේ ආයුධත් එක්ක අපේ අනාගතය කොයි තරම් අඳුරුදකියලා හිතෙනවා ඇති. (Anti-agriculture, Anti-livestock, Entomological warfare, Genetic warfare ගැන කිව්වෙත් නෑ තාම)හැබැයි මේකේ පූ….චිම පුංචි රීදී රේඛාවකුත් තියෙනවා.

න්‍යෂ්ථික බෝම්බයක් ගැහුවට පස්සේ මුළු පරිසරයම විනාශ වෙනවා. අවුරුදු ගණනාවක් යනකං ගහක් කොලක් වත් හැදෙන්නෙ
නැහැ .ඒත් සමහර bio weapons සත්තුන්ට ගස් කොලන් වලට හානිදායකනැහැ.ඉතිං ලෝකයේ මිනිස් සංහතියම Bio-Chemical weapons වලින් නිමාවුණොත්පරිසරයට වින කරපු ඈයොත්….ඒව දැක දැක අහකං බලංඉන්න බලධාරියොත් තුරං වෙලා…විල්පත්තුව ආයේමත් කොළ පාටින් දළු දාවී.ඇමේසන් වනාන්තරය වැඩෙන්න ගනීවීවසරකට සත්ව විශේෂ 200 බැඟින් අවසන් ගමන් යන එක එක
අඩුවේවි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *