රුපියල් 166ක් අරගෙන නුවරඑළියට පැමිණ කෝටිපතියෙකු වු ස්‌ට්‍රෝබෙරි වවන්නා

සුද්දෝ අපට අරුම දෑ ඉතිරි කර ගියහ. තේ වැව්වේ සුද්දෝය. රබර් වැව්වේත් සුද්දෝය. කෝපි මෙන්ම වාණිජ වගාවක්‌ ලෙස කුළුබඩු වගා කරන්නට පටන් ගත්තේත් සුද්දෝය. මේ වගාවන් අදත් අපේ රටේ ආර්ථිකය පෝෂණය කරන්නේය. ඒත් සුද්දෝ වැවූ අමුතු වගාවක්‌ තවමත් අපේ රටේ අප්‍රකටව ඉතිරිව තිබෙන්නේය. ඒ වගාව කරන්නේ නුවරඑළියේය. නුවරඑළියේ සැපට හදන භෝගය ස්‌ට්‍රෝබෙරිය.

ලංකාවේ ස්‌ට්‍රෝබෙරි වගාකරන්නට පුළුවන් පරිසරයක්‌ තියෙන්නේ නුවරඑළියේ පමණය. ලෝකයක්‌ රසවත් කළ මේ ඉමිහිරි පලතුර සුද්දෝ ලංකාවට ගෙනාවේ මීට අවුරුදු එකසිය හැටකට පමණ ඉහතදීය. වාර්තා වන ආකාරයට ස්‌ට්‍රෝබෙරි ලංකාවට අරගෙන එන්නේ 1842 දී මෙහි පැමිණි බේකර්ස්‌ සාමිවරයාය. ඒ අලංකාරයට ඔහුගේ ගෙවත්ත වටේ වගා කරන්නටය. වත්ත වටේ වගා කරන්නට බේකර්ස්‌ සාමි ගෙනා ස්‌ට්‍රෝබෙරි වගාවෙන් අද නුවරඑළිය පැත්තේ බොහෝ දෙනෙක්‌ ජීවත් වන්නේය.

අපේ රටට අවුරුදු 160 කට කලින් ආවත් මිනිස්‌සු ස්‌ට්‍රෝබෙරි ගස ගැන දැනගෙන සිටියේ ශිෂ්ටාචාරවත් වෙන්නටත් පෙරය. එනම් මීට අවුරුදු 22000 එපිට කාලයේය. මිහිරි සුවඳක්‌ සහිත, රෝස කුළයට අයත් ස්‌ට්‍රෝබෙරි ශාකය සොයාගෙන තිබුණේ යුරෝපීයයන් විසිනි. පසු කාලීනව රුසියාව, ඇමරිකාව, ප්‍රංශය, කැලිෆෝනියාව වැනි රටවලට මෙම පලතුර ව්‍යාප්ත වූයේය. ආසියාවට මේ පලතුර පැමිණියේ යටත් විජිතකරණයත් එක්‌කය.

ස්‌ට්‍රෝබෙරි සම්බන්ධව ස්‌ට්‍රෝබෙරි තරම්ම රසවත් කතා ඇත්තේය. ප්‍රංශයේ ජීවත් වූ තෙරේසා ටැලියන්, ඇයගේ සම දීප්තිමත්ව සහ මෘදුව පවත්වා ගෙනයැමට මෙන්ම සමෙහි ඇති කැලැලි මකා ගැනීමට ස්‌ට්‍රොබෙරි ස්‌නානය කර තිබුණේය. 18 වන සියවසේ ජීවත් වූ ලේඛකයකු වන Fontenelle ඔහුගේ ආයුෂ වැඩිකර ගැනීම ස`දහා දිනපතා නැවුම් ස්‌ට්‍රෝබෙරි ආහාරයට ගත් බවද කියෑවුණේය. අතීතයේ සිටම මිනිස්‌සු රුව වඩවා ගන්නටත්, රක්‌ත වාතය වැනි රෝග සුව කරගන්නටත්, අධි රුධිර පීඩනය වලක්‌වා ගන්නටත්, මුත්‍රාශයේ සහ වකුගඩු වල සිදුවන ආබාධ වළක්‌වා ගන්නටත් ස්‌ට්‍රෝබෙරි උපකාරී වන වග දැනගෙන උන්හ.

ස්‌ට්‍රෝබෙරි පලතුර අපේ රටේ නුවරඑළිය ප්‍රදේශයේදී පමණක්‌ වැවෙන්නට හේතුවක්‌ තිබේ. ඒ දහවල් කාලයට උණුසුමත් රාත්‍රී කාලයට සීතලත් ස්‌ට්‍රෝබෙරි ශාකය වැඩීමට අවශ්‍ය කරන නිසාය. මෙසේ මහා පරිමාණ වගාවක්‌ ලෙසින් ස්‌ට්‍රෝබෙරි වවන මිනිස්‌සු අපේ රටේ සිටින්නෝය. එවන් මනුස්‌සයෙක්‌ පසුගියදා අපට මුණගැසුණේය. නුවරඑළියේ ග්‍රෙගරි වැවට කිලෝමීටර 2 පමණ එපිටින් ඔහුගේ ගෙවත්තත්, ස්‌ට්‍රෝබෙරිවලින් සකසන ලද ආහාර සහිත අවන්හලත් පිහිටා තිබුණේය. ගෙවත්ත සැරසී තිබුණේ ස්‌ට්‍රෝබෙරි ගස්‌වලිනි. ස්‌ට්‍රෝබෙරිවලින් සැකසු ආහාර සහිත අවන්හල දේශීය සංචාරකයන්ගෙන් පිරී තිබිණි. මේ මිනිස්‌සුන්ට මේ ස්‌ට්‍රෝබෙරි වත්ත හා අවන්හල නුවරඑළිය තරම්ම අපූරු බව හැඟිනි.

මේ අපුරු ස්‌ට්‍රෝබෙරි වවන්නා එඩ්මන් සමරනායකය. ඔහු ඔහුගේ අප සමග කතා කරමින්ම ඔහුගේ වගාව දකින්නට අප කැඳවාගෙන ගියේය.පළමුව අප දකින්aනේ පලදාව නෙළා අවසන් කරන ලද ස්‌ට්‍රෝබෙරි පැළ පේළියකි. ඒ අතරින් අප අලුත් ස්‌ට්‍රෝබෙරි පැළ සිටවූ ප්‍රදේශයට යන අතරතුර ඇඩ්මන් සමරනායක අපට ඔහුගේ කතාව කීවේය.

මගෙ ගම කුරුණෑගල. මම නුවරඑළියට ආවේ 2001 දී. මෙහෙට එනකොට මගෙ ළ`ග තිබුණේ රුපියල් 160යි. ඒ රුපියල් 160ත් එක්‌ක තමයි මම මේ තරම් දුර ගමනක්‌ ආවේ.

ඔහු සිනාසෙමින් අතීතය මතක්‌ කළේය.මුලදී මම පොඩි පොඩි වැඩ කළා. ඊට පස්‌සේ හිතුවා ස්‌ට්‍රෝබෙරි වවන්න. මුලින්ම මම වවන්න ගත්තේ පැළ 100ක්‌ විතර. ඒ කාළේ යුද්ධෙ තිබුණ නිසා මේ වගාව කරගෙන යන්න අපහසු වුණා. මේ පළාතේ මම දන්න කිසි කෙනෙක්‌ හිටියේ නෑ. ඒ වගේම මම ස්‌ට්‍රෝබෙරි ගැන මොනවත්ම දැනගෙන හිටියේ නෑ. කෘෂිකර්මය ගැන දැන හිටියෙත් නෑ. ඒත් මං උත්සාහ කළා. ඒ උත්සාහයෙදී ලබපු ප්‍රායෝගික අත්දැකීම්වලින් තමයි මං ගොඩනැගුනෙ.

යුද්දෙ කාලයේ මේ වගාව කරගෙන ගියේ ගොඩක්‌ බාධක මැද්දේ. වෙළෙඳපළක්‌ නෑ. සංචාරක ව්‍යාපාරයක්‌ නෑ. හැබැයි යුද්දෙ අවසන් වුණ ගමන් ස්‌ට්‍රෝබෙරිවලට තිබුණු ඉල්ලුම ගොඩක්‌ ඉහළ ගියා. ඊට පස්‌සේ ඉහළ ආදායමක්‌ ලබන්න හැකි වුණා. ලංකාවට ස්‌ට්‍රෝබෙරිවලින් කෑම හදුන්වලා දුන්නේ මම. ජැම්, පෑන්කේක්‌, පීසා, ජූස්‌, සෝස්‌, වගේ කෑම ජාති ගොඩක්‌ හ`දුන්වලා දුන්නා. ඒවා ගොඩක්‌ ජනප්‍රියයි. ඒ වගේම ෙµaස්‌ වොෂ්, ක්‍රීම්වර්ග හදන අයටත්a ස්‌ට්‍රෝබෙරි තොග වශයෙන් දෙනවා. මගේ ළඟ දැන් සේවකයො 165ක්‌ ඉන්නවා. ඔහු අපි සමග පැවසුවේ සාඩම්බරයෙනි.

එක්‌ ස්‌ට්‍රෝබෙරි පැළයකින් ග්‍රෑම් 750ත් කිලෝ එකත් අතර ප්‍රමාණයක්‌ පලදාව ලබාගන්න පුළුවන්. පැලයක ආයු කාලය මාස 08 යි. මල් පිපිලා දින 14ක්‌ ඇතුළත අස්‌වැන්න නෙළීමට හැකි තත්ත්වයේ ගෙඩි හට ගන්නවා. හො`ද තත්ත්වයේ පැළයකින් දිනක්‌ හැර දිනක්‌ ගෙඩි කඩන්න පුළුවන්. වැඩි හිරු රැස්‌ වලට හසු වුවහොත් මේ තත්ත්වය වෙනස්‌වන්නට ඉඩ තිබෙනවා. එඩ්මන් සමරකෝන් තම වගාව ගැන කියන්නේ එසේය.

ස්‌ට්‍රෝබෙරි වර්ග ගොඩක්‌ තිබෙනවා. ලංකාවට ගැළපෙන්නේ චන්ල කියන වර්ගය. ඒවා හදන්න ග්‍රීන් හවුස්‌ අවශ්‍ය නැහැ. කෙහොම වුණත් ස්‌ට්‍රෝබෙරි කියන්නේ හො`ද ආදායමක්‌ ලබන්න හැකි වගාවක්‌. මේක දියුණු කරගන්න ඕන අපිමයි. මගේ ඉඩම්වලට අමතරව මා දැන් අනෙක්‌ අයට සල්ලි දීලා වවල අස්‌වැන්න මිලදී ගන්නවා. මම දන්නෙ නෑ අනෙක්‌ අය ගැන. ඒත් මට නම් ඉල්ලන ප්‍රමාණය දෙන්න තරම් ස්‌ට්‍රෝබෙරි නැහැ. ඒ තරම් ඉහළ ඉල්ලුමක්‌ පවතිනවා. දැන් මගේ ආදායමත් තියෙන්නෙ ඉහළ තත්ත්වයක. මගේ තව පැක්‌ටරියක්‌ ලබුකැලේ තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි, මට කොළඹ හතෙත් හොටෙල එකක්‌ තියනවා. මම මේ ඔක්‌කෝම කළේ ස්‌ට්‍රෝබෙරි වවලා උපයපු සල්ලි වලින්. මම අනෙක්‌ අයටත් කියනAනේ මේක ඉතාම හොඳ ව්‍යාපාරයක්‌. ඒ නිසා මේ ව්‍යාපාරයට එක්‌වෙන්න කියලා, ඔහු පවසන්නේය.

අපි මේ අපූරු වවන්නා දෙස බලාගෙන සිටියෙමු. හේ කුරුණෑගල උපන් හද්ද පිටිසර දුගී ආගන්තුකයකු සේ නුවරඑළියට පැමිණියෙකි. අතේ තිබෙන්නේ රුපියල් එකසියහැටකි. අවුරුදු දහතුනකට පසු ඔහු යටතේ සේවය කරන සේවක පිරිස 165 කි. කොළඹ කුරුඳුවත්තේත් හෝටල් හිමි සාර්ථක ව්‍යාපාරිකයෙකි. අපේ රටේ සැපයුම් කිsරීමට අපහසු තරමේ ඉල්ලුමක්‌ සහිත ස්‌ට්‍රෝබෙරි වවන්නට හේ අපට ආරාධනා කරන්නේය. අලුතින් හිතන මිනිස්‌සු අලුත් විධියේ අලූත් පාරවල් විවර කර ගනිති. ඒ මග යමින් තවත් මිනිස්‌සුන්ට ඒ මග පැමිණෙන්නට ඇරයුම් කරති. ලෝකය ලස්‌සන වන්නේ එවැනි මිනිසුන් නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *