ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය | (Photos)

ලෝකයේ විශාලතම නිධානය සහිත විෂ්ණු දෙවියන්ව වන්දනා මාන කිරීම සදහා සෑදු Padmanabhaswamy කියල දේවාලේ ගැන විස්තර ටිකක්, මේක තියෙන්නේ කේරල ප්‍රාන්තයේ Thiruvananthapuram කියන ප්‍රදේශයේ.

වසර සිය ගණනක් මුළුල්ලේ සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් පරිත්‍යාග කල රත්තරං, මුතු මැණික්, දියමන්ති වලින් පුරවන ලද රහස්‍ය ගබඩා කීපයක් මේ දේවාලය සතුව පවතිනවාආසන්න වශයෙන් මේ දේවාලය වසර 5,000 ක් පමණ පැරණි කියල තමයි කියන්නේ

ලෝකයේ විවිද ප්‍රදේශ වලින් මේ දේවාලයට මෙම වස්තු පරිත්‍යාග කරන ලදැයි විශ්වාස කරනවා ඒ අතර මොසොපොථෙමියා,ජෙරුසෙලම්, ග්‍රීසිය,රෝමය ද මේ අතර වෙනවාවසර දහස් ගණනක් තිස්සේ මෙම දේවාලය සහ එහි වටිනා වස්තු භාරව කටයුතු කලේ Travancore කියන රාජකීය පවුල විසින්ය නමුත් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පවුල හට කරන ලද බල කිරීමක් මත මෙම රහස්‍ය කුටි විවුරථ කරනවා,රහස්‍ය කුටි 6න් 5කම තුල සගවා තිබු වටිනා වස්තු මෙහිදී ලෝකයට හෙළි වෙනවා

ඒ අතර කිලෝ 800ක් බර රන් කාසි,අඩි 18ක් දිග සුපිරිසිදු gold chain,කිලෝ 500 බර රනින් නිපයු ගොයම් ගස්,මීට අමතර ගෝනි වල පුරවන ලද diadems, diamonds, rubies, sapphires, emeralds, gemstonesපුරා විද්‍යා වටිනා කම නොමැතිව මෙම නිධානයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 පමණ වෙතයි සැලකේ

6වැනි කුටියේ පිවිසුම ලග තිබෙන නාග සලකුණ(මේ මගින් අනතුරු ඇගවීමක් කරන බව කියවේ)

මෙතෙක් හෙළි නොවූ තවමත් සගවා තිබෙන 6වෙනි රහස්‍ය කුටිය දල වශයෙන් ඩොලර් ට්‍රිලියනයක පමණ වස්තු ප්‍රමාණයක් තිබෙන බවට විශ්වාස කරයි මෙම අනුමානය නිවැරදි නම් එය මෙතෙක් ලොව සගවා තිබුණු විශාලතම නිධානය ලෙසට ඉතිහාසයට එක වේවි
නමුත් එහි විශාල ගුප්ත බලවේග වලින්(දේව,රාක්ෂ,යක්ෂ) ආරක්ෂා කර ඇති බව ප්‍රවීන පූජකයන්ගේ විශ්වසයයි එම නිසා කිසිම විටෙක මෙම අවසාන රහස්‍ය කුටිය විවුර්ථ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත, නිවැරදි මන්තර වාක්‍ය කාණ්ඩයකින් පමණක් ඉබේ විවුර්ථ වෙන ලෙස මෙම දොරටුව තනා ඇති බවට විශ්වාස කෙරේ.

නාග බන්ධන කර ඇති මෙම දොරටුවේ බල බිදීමට නාග බන්ධන පිළිබද හසල දැනුමක් ඇති පුජකයන්ට පවා නොහැකි වී ඇතැයි සදහන් වෙනවාමෙම දේවාලයට ඉන්දීය රජය විසින් දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව කියවේ ඒ අතර blast-proof perimeter walls
seismic sensors – ගුහා තුලට භූගත ලෙස පිවිසීම වැලක්වීමටsurveillance cameras,baggage scanners,
burglar alarms, සහ visitor-tracking system. යොදා ඇති බවට වාර්තා වේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *