දෙමාපියන් සොයාගෙන බස් රථයක තට්ටුව යට සැඟවී කිලෝ මීටර් 80 ක් ගිය චීන ළමුන් දෙදෙනා ගේ සංවේදී කතාව

බස් රථයක යට භාණ්ඩ ප්‍රවාහනයට සකස්කළ රඳවනයේ සැඟවී කිලෝමීටර් 80ක් ගමන් කළ චීන ළමුන් දෙදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් පිළිබඳව මේ විට මුළු ලෝකයේම කතා බහට ලක් වී ඇත. දකුණුදිග ගුවාංෂී (Guangxi) ප්‍රදේශයේ දුගී ග්‍රාමයක වාසය කරන, යාබද ගුවාංඩොං (Guangdong) ප්‍රාන්තයේ සේවය කරන තම දෙමාපියන් වෙත මෙසේ ගමන්කර ඇත.

එම දරුවන් අතුරුදහන්ව ඇති බව ඔවුන්ගේ ගුරුවරයා නොවැම්බර් 23 වෙනිදා පැමිණිළි කර ඇති අතර, එදිනම බස්නැවතුම් පොළක බසයක යට ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා රඳවනයක සිටියදී සොයාගන්නා ලදී.

ළමුන් දෙදෙනා මඩ වලින් නැහැවී බස් රථයේ එල්ලී සිටින අයුරු ඡායාරූප හා වීඩියෝ මගින් පැහැදිලිව වේ. අවුරුදු 8 – 9 වයසේ පසුවෙන ළමුන් දෙදෙනා ආරක්ෂක අංශයට ඔවුන් හමුවූයේ බසය අතරමග නැවතුමක නවතා තිබියදීය. සැතපුම් තුනක පමණ “රළු බෑවුම්” සහිත මාර්ගයක ද ළමුන් දෙදෙනා ගමන් කර තිබුන අතර, ඔවුනට කරදරයක් නොවීම ගැන සියල්ලට පුදුමයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *