තවත් දළ ඇතෙක් තබ්බෝවේදී ඝාතනය වෙයි (Photos)

තබ්බෝව අභය භූමිය තුල සැරි සැරූ දැවැන්ත ගණයේ හස්ති රාජයෙකු ඊයේ (29) වන දින රාත්‍රි කාලයේදී දඩයම් කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තබ්බෝව වැව් තාවුල්ලේ තිබී කරුවලගස්වැව වන ජීවි කාර්යාලයේ නිළධාරින්ට හමුව ඇති බව කියයි.

මෙසේ වෙඩි තබා ඝාතානය කර ඇත්තේ තබ්බෝව අභය භූමියේ සැරිසරමින් සිටි හස්ති රාජයෙකු බවට අනාවරණය වෙනවා. වයස අවුරුදු විසි පහක් පමණ වන උස අඩි හත හමාරකින් සමන්විත අඩි තුනක් පමණ දිගැති දළ යුගකට හිමිකම් කිවූ බව කියයි.තබ්බෝව අභය භූමිය තුල සැරිසරමින් සිටියදී මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවත් අදාල වෙඩි තැබීමෙන් තුවාල ලබා වැව් තාවුල වෙත පැමිණ මෙසේ මරණයට පත්ව ඇති බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි ඇති බව කියයි. නමුත් මේ වන විට අදාල හස්ති රාජයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා භාජනය කර ඇති අතර එහිදි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ පපුව ප්‍රදේශයේට සිදුකල වෙඩි තැබීමකින් සිදු වූ හදසි මරණයක් බවයි

පසුගියදා ගල්ගමුවේ දල පූට්ටුවාටද වෙඩි තබා මරා දමා ඇති බවට වාර්තා වුණු අතර එම දැවැන්තයාගේ බවට පැවසෙන ඇත් දැල දෙකක්ද පසුගියා සොයා ගැනුනා.මෙම දළ ජවාරම පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ඒවාට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් වඳ වෙමින් යන දළ ඇතුන් සීඝ්‍රයෙන් ඝාතනය වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

ඉතා මෑත අතීතයේදී මෙරට අලි – ඇතුන් 5000 – 6000 ක්‌ අතර ප්‍රමාණයක්‌ දිවිගෙවන බවට පාරිසරික අමාත්‍යවරුන් ඇතුළු දේශපාලකයන්ගෙන් නිවේදන නිකුත් විය. එහෙත් මෙම වාර්තා මෙතෙක්‌ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් තහවුරු වූ ඒවා නොවේ. දීප ව්‍යාප්තව විද්‍යාත්මක පසුබිමක්‌ යටතේ සහ පුළුල් සහභාගිත්වයකින් මෙන්ම ආසන්නතම නිවැරැදි දත්ත ලබාගැනීම සඳහා මේ දක්‌වා වන අලි සමීක්‍ෂණයක්‌ සිදුකෙරී නැති අතර 2011 වර්ෂය වෙනුවෙන් ක්‍රියාත්මක වූ සමීක්‍ෂණයේ ප්‍රතිඵල තවමත් නිකුත්වී නොමැත.

එහෙත්, දළ වශයෙන් හා හැකි උපරිම මට්‌ටමකින් මෙරට සිදුකර ඇති වන අලි සංගණන කිහිපයක තොරතුරු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇත. ඒවා පහත පරිදි වේ.

වර්ෂ 1815 වන විට මෙරට අලි – ඇතුන් 15000 ක්‌වත් සිටි බව අනුමාන කරයි. එම වකවානුවේ දිවයිනේ සමස්‌ත භූමි ප්‍රමාණයෙන් 85% ක්‌ පැවැතියේ වනාන්තර වශයෙනි. වනාන්තර විනාශය, අලි – ඇතුන් දඩයම හේතුවෙන් 1900 වන විට මෙරට දිවි ගෙවූ අලි ඇතුන් ගණන 10000 ක්‌ බව දැක්‌වේ. (පරිපාලන වාර්තාව ඩී. සිල්වා) නොරිස්‌ගේ වාර්තාව – 1951 අනුව මෙරටේ අලින්ගේ සංඛ්‍යාව 1000 – 1500 කි. 1956 දී එම අගය 750 – 800 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *